නීරෝගී දිගු කෙස් කළඹක් ලබා ගැනීමට Vitamin E වලින් සත්කාරයක්.

නිරෝගී ලස්සන කෙස් කළඹක් කියන්නෙ බොහෝ යුවතියන්ගෙ සිහිනයක්. නමුත් විවිධ හේතු නිසා හිසකෙස් ගැලවී යාම නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙනව. ඉතිං අපි අද හිතුවා මේ ගැන කතා කරන්න.

හිසකෙස් ගැලවී යාම ගැටලුවක්ද?

කාන්තාවන් ගේ හිස කෙස් ගැලවී යාම සාමාන්‍ය දෙයක්.වෛද්‍යවරුන් කියන්නෙ හිස කෙස් ගස් දිනකට 80ක් පමණ ගැලවී යනවා කියලා.හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔබේ හිස කෙස් ගැලවෙනවා කියලා ඔබ හිතනවා නම් අන්න ඒ ගැන නම් සැලකිලිමත් විය යුතුයි.

කොණ්ඩය අකලට ගැලවී යාමට හේතු මොනවද?

1.Hair Dryer හා Hair Iron වැනි අධික තාපය සහිත උපකරණ භාවිතය

අපි ඉක්මනට කොණ්ඩය වේලගන්න Hair Dryer පාවිච්චි කරනවා වගේම අපි විවිද කොණ්ඩ මෝස්තර දැමීමට සදහාත් (ස්ට්‍රේට්නර්,අයන්) වගේ දේවල් භාවිතා කරනවා. මේවැනි උපකරණ දීර්ඝ කාලයක් භාවිතා කරන එකෙන් අපේ හිසකෙස් වලට හානි වෙනවා.මේ

2.ආතතිය

ශාරීරික හා මානසික ආතතිය හිසකෙස් වැටීමට හේතු වෙනවා.මෙයින් වන හානි වළක්වගන්න ඕන නම්,මානසික ආතතිය වළක්වා ගැනීම ඉතාම වැදගත්

3.කොණ්ඩය සඳහා රසායන ද්‍රව්‍ය භාවිතය

වියළි, රළු හා කැඩෙනසුලු හිසකෙස් බොහෝ විට අධික ලෙස කොණ්ඩය රසායනිකයන්ට නිරාවරණය වීම නිසා ඇතිවෙනවා. හිසකෙස් colour කිරීම,ස්ට්‍රේට් කිරීම නිසා හිසකෙස් දුර්වල වෙනවා. දුර්වල වූ හිසකෙස් ඉතා ඉක්මනින් ගැලවී යන්න පුලුවන්.

4.pH අගය

ෂැම්පූ, කන්ඩිෂනර් සහ වෙනත් හිසකේ සත්කාරක නිෂ්පාදන මගින් හිස්කබලේ ස්වාභාවික pH සමතුලිතතාවය සහ හිසකෙස් දුර්වල වනවා.

5.තෙත් හිසකෙස්

තෙත් හිසකෙස් වහා බිඳෙන සුළු වන අතර පහසුවෙන් හානි විය හැකියි. තෙත් හිසකෙස් පීරීමෙන් හිසකෙස් පහසුවෙන් කැඩී යා හැකියි.

6 .තද කොණ්ඩා මෝස්තර

ඔබේ කොණ්ඩය වැරදි ලෙස හැඩගස්වා ගැනීමෙන් හිසකෙස් වලට හානි සිදුවිය හැකිය.බන් සහ පොනිටේල් වැනි තද කොණ්ඩා මෝස්තර මගින් හිසකෙස් මුල් ඇදී යාමෙන් හිසකෙස් වැටීම හා හිසකෙස් කැඩී යාම සිදුවේ. මෙය ඔබේ කොණ්ඩය අඩු කර තට්ටය ඇති වීමට මග පාදයි.

7.පෝෂණ ඌණතාවයන්

පෝෂණ ඌණතාවයන් හිසකෙස් වැටීමට හේතු වන අතර හිසකෙස්වල ගුණාත්මක භාවයට බලපායි.

8.හිසකෙස් ආශ්‍රිත වැරදි පිළිවෙත්

• උණුසුම් ජලය ස්නානය.

• හිසකෙස් අධික ලෙස සේදීම

• වැරදි විදිහට සම්බාහනය කිරීම හෝ පීරීම

• තෙත් හිසකෙස් සමග නිදා ගැනීම හෝ ගැටගැසීම

මෙවැනි හේතු රාශියක් නිසා ඔබේ හිසකෙස් ගැලවී යන්න පුලුවන් . හිසකෙස් ගැලවී යාම නවතා ගන්න උත්සහ කරන ඔබට ඒ සදහා සුදුසුම සත්කාරය අපි අද කියනව. මේ සදහා අපි Vitamin E විශේෂයෙන් එකතු කර ගන්නව. මේය කොණ්ඩය ගැලවී යාම අවම කිරීමට අමතරව තවත් වාසි රැසක් ඔබට ලබා දෙන සත්කාරයක්.

මෙම සත්කාරය හරහා ලැබෙන වාසි:

මෙමෙ Vitamin E සත්කාරය මගින් දිගු වරලසක් ලබා ගන්න ඔබට පුලුවන් .

එමෙන්ම නිතර කැඩෙන කොණ්ඩයට මේ සත්කාරයේදී භාවිතා කරන ඔලිව් ඔයිල් සහ සුදු පොල් තෙල් නිසා හොඳ පෝෂණයක් ලැබෙනවා.

සත්කාරයෙදී එඩරු තෙල් භාවිතය නිසා සිහින් වූ කොණ්ඩය ගණකම් කර ගන්නත් ඔබට පුලුවන් .

සත්කාරය සදහා අවශ්‍ය ද්‍රව්‍

Vitamin E capsule 4-5

ඔලිව් තෙල් තේ හැදි 3ක්

සුදු පොල් තෙල් තේ හැදි 3ක්

එඩරු තෙල් තේ හැදි 3ක්

තල තෙල් තේ හැදි 3ක්

සත්කාරය සිදු කරන ආකාරය

පළමුව Vitamin E කැප්සියුල් 4ක් හෝ 5ක් රැගෙන ඒවා හොදින් හිසට දැමිය යුතුයි (scalp)

පසුව ඔලිව් ඔයිල් , සුදු පොල්තෙල් , එඬරු තෙල් , තල තෙල් ඇලුමිනියම් භාජනයකට දමාගෙන ඩබල් බොයිල් කරගත යුතුයි.(උණු වතුර දැමූ භාජනයක තෙල් සහිත භාජනය දමා රත් කර ගැනීම ඩබල් බොයිල් ලෙස හදුන්වනවා )

අනතුරුව හිස කෙස් කොටස් කොටස් වෙන් කරගෙන රත් කර ගත් තෙල් මිශ්‍රණය මුලින්ම ස්කැල්ප් එකට දාලා පසුව කෙස්ගස්වල හොදින් ආලේප කළ යුතුයි

පසුව විනාඩි 20ක් පමණ හිස හොදින් මසාජ් කර ගත යුතුයි.

ඉන්පසුව හොදින් උණු කර ගත් වතුරේ පොගවා ගත් ටවල් එකකින් හිස හොදින් ආවරණය වන පරිදි බැදගෙන විනාඩි 15ක් සිටිය යුතුයි.

පසුව ටවල් එක ඉවත් කර ටිකක් වෙලා තිබෙන්න හැර ෂැම්පු සහ කන්ඩිෂනර් යොදා හොදින් හිස සෝදාගෙන සාමාන්‍ය විදිහට වියළෙන්න ඉඩ දිය යුතුයි.

සත්කාරය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරණු

සතියකට දෙවරක් මෙම සත්කාරය සිදු කළ යුතුයි.

Hair Dryer භාවිතයෙන් හැකිතාක් ඉවත් විය යුතුයි.එමගින් කොන්ඩය අධික වියළි ස්වභාවයක් ගැනීම එයට හේතුවයි.

මෙම සත්කාරය කරන අතරතුර මසකට වතාවක් ඔබේ කොණ්ඩය කෙළවර සුළු (1cmක්) ප්‍රමාණයක් කපා ඉවත් කරන්න.

මෙම සත්කාරය සිදු කරන ගමන් හොඳ පෝෂ්‍යදායී ආහාර ඔබේ ආහාර වේල සඳහා එක් කර ගැනීමෙන් මෙම සත්කාරයේ ප්‍රතිඵල දිගු කාලීනව පවත්වා ගෙන යෑමට හැකිවවේ.

ඉර අවුවට සෘජුව නිරාවරණය නොවීමටත් වග බලා ගත යුතුයි

ඒ අනුව ඔබේ කොණ්ඩට අවශ්‍ය පෝෂණය,ගණකම මෙන්ම වර්ධනය නිසා කොණ්ඩය නිකරුණේ ගැලවී යන්නෙ නැහැ.ඒ අනුව දිගු ඉතා ලස්සන වරලසක් ලබා ගැනීමට මේ සත්කාර වැදගත් වේවි.

සුන්දර ඝනකම් කෙස් කළඹකට කැමති නම් මේ දේවල් ගැනත් අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න.

අපි මුලින්ම කතා කලා හිසකෙස් ගැලවී යාමට හේතු ගැන.

ඉතින් කොහොමද මේ වැරදි වලින් වැලකිල ඔබේ හිසකෙස් පරිස්සමෙන් රැක බලා ගන්නෙ?මේ පුරුදු ඒ සදහා වැදගත් වෙවි.


ඔබේ හිසකෙස් ගැලවී යන්න ප්‍ර්දාන සාදකයක් විදියට අධික තාප සහිත Hair Dryer හා Hair Iron වැනි උපකරණ භාවිතය හේතු වන බව අපි කලින්ම හදුනා ගත්තානෙ. ඉතින් අපි කියන්නෙ මේ උපකරණ භාවිතය නවත්වන්න කියල නෙවෙයි , හිසකෙස් වල ආරක්ශාව ගැන සැලකිලිමත් වෙමින් මේ විදියට උපකරණ භාවිතා කරන්න කියල

• මෙම මෙවලම් භාවිතා කිරීමට පෙර තාප ස්ටයිලර් හෝ තාප ආරක්ෂිත ඉසින භාවිතා කරන්න.
• සතියකට වරක් ඩීප් කන්ඩිෂනර් භාවිතා කරන්න.
• වියළන විටදී කොණ්ඩයේ සිට අවම වශයෙන් අඟල් 6 ක් වත් වියළන යන්ත්‍රය ඉහළින් තබා ගන්න.
• තාප සැකසුම අඩු බව සහතික කරන්න.

ඒ වගේම මානසික ආතතිය අඩු කරගැනීම තුලින්ද හිසකෙස් ගැලවී යාම වලක්වා ගන්න පුලුවන් ඒ සඳහ යෝග, භාවනා සහ විවේකී ක්‍රම අත්හදා බලන්න.

හිසකෙස් වර්ණ ගැනිවීමේදී වැනි රසායනික අලේපන කොණ්ඩය සදහා භාවිතය හැකිතාක් අවම කරන්න ,
• විෂ නොවන හා natural colour භාවිතා කරන්න.
• ඔබේ හිසකෙස් වර්ණ ගන්වන වාර අතර යම් කාල පරතරයක් තබන්න.
• ඔබේ හිසකෙස් මත සායම් හෝ බ්ලීච් යොදා බොහෝ වේලා රැඳී නොසිටින්න.
• සෑම විටම pH අගය සමතුලිත හෝ ඔබේ හිස්කබලේ pH මට්ටමට ආසන්න pH අගයක් සහිත නිෂ්පාදන භාවිතා කරන්න.

හිසකෙස් ගැලවීයාම අවම කිරීමට ඔබ මනා පෝශනයක් ලබා ගැනීම වැදගත්.
• නිරෝගී කෙස් කලඹක් පවත්වා ගැනීම සඳහා ප්‍රෝටීන්, යකඩ, තඹ, සින්ක්, අත්‍යවශ්‍ය මේද අම්ල, ෆෝලික් අම්ලය, ඇමයිනෝ අම්ල සහ විටමින් බහුල ආහාර පරිභෝජනය කරන්න.

ඉහත සත්කාරය කරන ගමන් මෙවැනි කරුණු ගැන සැලකිලිමත් වුනොත් ඔබට පුළුවන් හිස කෙස් ගැලවී යන එක අඩු කරගෙන හිස කෙස් හොදින් ආරක්ෂා කර ගන්න .

Related Articles

Don't Miss


Latest Articles