රසවත් විවාහ ජීවිතයකට රහස්

එළියට නොපෙනෙන කිසිම දිනක රණ්ඩු සරුවල් විමක් හෝ භාහිර පරිසරයේ කෙනෙකුට දැනගන්න නොතිබුණු නමුත් විශාල ගැටලුවලින් සමහර අඹු සැමි උදවිය පීඩා විඳිනවා. සැබැවින්ම අපේ රටේ තියෙන සෑම පවුලක්ම සැබවින්ම පවුල්ද කියන ප්‍රශ්නය මතුවෙන තරමට මෙය උග්‍රයි.එසේ නම් පවුල කියන දේට අපිට ඊට එහා ගිය නිර්වචනයක්, දැක්මක් ,ඊට එහා ගිය විමසා බැලීමක අවශ්‍යතාවක් පවතිනවා කියන කාරණාව තහවුරුයි.ඒ අනුව අද අපි පවුල් සම්බන්ධතාවය ගැන අවධානය යොමු කරමින් නිසි අයුරින් සාර්ථක පවුල් ජීවිතයක් පවත්වා ගෙන යන්නේ කෙසේද කියන කාරණාව පිළිබඳව මින් අවධානයට යොමු කරනවා

සැබැවින්ම පවුලක් කියන්නෙ කුමක්ද?

පෙර සදහන් කළ පරිදිම වර්තමානය වන විට පවුල යනු කුමක්ද යන්න පිළිබඳව ප්‍රායෝගික මට්ටමේ දැක්මක් ඇති කර ගත යුතු වනවා.ඒ අනුව,

  • දෙදෙනකු විවහා වූ පමණින් පවුලක් ගොඩනැගෙනවාද ?
  • ඔවුන්ට ඥාතින් පිරිසක් සිටිය පමණින් පවුලක් ගොඩනැගෙනවාද ?
  • ඔවුන්ට දු දරුවන් ලැබුණු පමණින් පවුලක් ගොඩනැගෙනවාද ? යන කාරණා පිළිබඳව අපි සිතා බැලිය යුතුයි.

එවිට එම කරුණු අනුව විවාහ වන්න අවස්ථාව ලැබුණේ නැතිනම්, ඥාතින් නැතිනම් ,දරුවන් නැතිනම් පවුලක් අපට නැතිද කියන කාරණාව.නමුත් එම කරුණු සියල්ලම සම්පූර්ණ වුණත් බොහෝ ගැටලු සමග ජීවත්වන පවුල් අද සමාජයේ ඕනෑ තරම් දැකිය හැකියි.

ඒ අනුව මෙයින් පෙනී යන්නේ සැබැවින්ම පවුලක් යනු එකට වාසය කරන්නන් අතර පවත්නාවූ අන්තර් සම්බන්ධතා ජාලයයි. එසේ නම් පවුලක් ගොඩනගනවා යනුවෙන් අදහස් කරනුයේ හොද අන්තර් සම්බන්ධතා ජාලයක් ගොඩනැගීම බව තහවුරු වනවා.

නිවැරදිව පවුලක් පවත්වා ගෙන යන්නෙ කොහොමද?

නිවැරැදිව පවුලක් පවත්වා ගෙන යෑමට අවශ්‍යම දේ කැපවීමයි. කැපකිරීම් කිරීමට ඉගෙන ගැනීමයි.එය ඉගෙන ගතහොත් අපට අපේ පවුල් විනාශකරගන්නෙ නැතිව සාර්ථකව ඉදිරියට ගෙන යන්නට හැකි වනවා.එමෙන්ම පවුලක් නිසි ලෙස පවත්වා ගෙන යාමට නම් පවුලේ සියලු සාමාජිකයන්ගේ නිසි දායකත්වයක් තිබීම වැදගත් අත්‍යවශ්‍යයි . එමෙන්ම පවුල් සම්බන්ධතා නිවැරැදිව පැවතීමට විශ්වාසය අවශ්‍යයි.ඒ විශ්වාසය යනු පවුලක් රැකෙන්න බලපාන ප්‍රධාන අංගයක් වන නිසයි. විශ්වාසය කඩවුණු සෑම තැනකදීම අන්තර් සම්බන්ධතා බිදී යනවා.

පවුල් දෙදරා යාමට බලපාන හේතු

  • එකිනෙකාගේ පවුරුෂ ලක්ෂණයන් පිළිබඳව නිවැරදිව හදුනා නොගැනීම
  • අනිත් පුද්ගලයා පිළිබඳව තියෙන අසාමාන්‍ය සැකය
  • කෙනෙකුගේ අතිශය පුද්ගලික සීමාවට අත පෙවීම
  • තම සහකරු හෝ සහකාරියගේ ස්වභාවය ගති ලක්ෂණ චර්‍යා සිතුම් පැතුම් පද්ධතිය තමන්ට ඕන විදියට සියයට සීයකින් වෙනස් කීරීමට තැත් කිරීම.
  • තමන්ගේ ගතිලක්ෂණ හැසිරීම් අවශ්‍ය තැනදී අවශ්‍ය පරිදි කිසසේත්ම වෙනස් කර ගැනීමට දක්වන අකමැත්ත
  • යම් යම් කරුණු කාරණා ආරම්භයේ සිටම සැගවීම.

නිදසුනක් ගත්තොත් සමහරවිට තමන් කන්න අකැමැති කෑම වෙන්න පුලුවන්,තමන්ගේ සාමාජානුගත වීමේ ස්භාවය කැමති අකැමැති දේවල් යම්කිසි මත්වෙන ද්‍රව්‍යක් භාවිතා කරනවාද නැත්ද කියන එක,ඒකට දක්වන කැමැත්ත අකැමැත්ත,එ වගේම පවුලේ තොරතුරු,පසුබිම්,උගත්කම්,වත්කම් වගේම තමන්ගේ මානසික හා කායික රෝග ඉතිහාසය.මෙන්න මෙවැනි දෙවල් සගවා ක්‍රිය කිරීම පවුලක තියෙන සුන්දරකම සබැදියාව මුලුමනින්ම නැත්තට නැති කරල දාන ලක්ෂණ.

ඒ නිසා මෙන්න මෙවැනි දේ පවුලක් ඇතුලට වද්දා නොගෙන ගැනීමට අනිවාර්යයෙන් ක්‍රියා කරන්න ඕන

විවාහයක් සාර්ථක වීමට අවශ්‍යය වන්නේ මොනවාද?

විවහයක් සාර්ථකව පවතිනනම් මූලික ලක්ෂණ 3ක් තිබිය යුතුයි.

1.දෙදෙනා අතර එකිනෙකා කෙරෙහි කැපවීම කිරීමට තියෙන උපරිමයට ඉක්මවා ගිය කැමැත්ත

අපි කැපකිරීම මොකක්ද කියන එක සහ කවුද ඒ කැපකිරීම කළ යුත්තේ සහ මොකක්ද ඒ අවස්ථාව යන දේ තේරුම් අරගෙන වැඩ කීරීම අත්‍යවශ්‍යය වෙනවා.එතකොට නොකල යුතු දෙයක් තමයි ඔත්නදි අපි කැපකිරීම වැරදියට තෙරුම් අරගෙන හැමදාම කරපු දේ හෝ තමා විසින්ම පමණක් ඉටු කළ යුතමයි කියලා දැඩි නීතී රීති පනවා ගැනීම අප නොකළ යුතු දෙයක්.එ වගේම කැපකිරීම කියන්නෙ බලෙන් වැඩ කරවා ගැනීමක් නෙවෙයි.අනවශ්‍ය පීඩනයක් ඇති කීරීමක් නෙවෙයි.

2.අනිත් කෙනාව තමනට දැනෙනවාද තේරේනවාද කියන එක.

තමන්ට අනිත් කෙනාව දැනෙනවාද කියන එක බොහෝම වැදගත් පවුලේ රදා පැවත්මටබොහෝ වෙලාවට සාමාන්‍යයෙන් පුරුෂයන්ගේ ගතිලක්ෂණ තියෙනවා.ඔබේ බිරිඳ හෝ සැමියා හැසිරෙන විදිය ,මූහුණේ හැඩය (mood),කටහඩෙ ස්වභාවය , කතා කරන ප්‍රමාණය හෝ නිහඩව සිටින ප්‍රමාණය, වෙනදා හැසිරීම් එක්ක දැන් තියෙන තත්වයෙ වෙනස්කම ආදී දේවල් පිළිබඳව තේරුම් ගත යුතුයිහැමදේම කියන්න බැරි බව තේරුම් ගන්න තරම් ඔබගේ හැගීම් වර්ධනය වී තිබිය යුතුයි.

3.තම සහකරු හෝ සහකාරිය කෙරෙහි තියෙන ලිංගිකමය ආකර්ශනය සහ කැමැත්ත

දෙදෙනා අතර ඉතා හොඳ ලිංගික ආකර්ශනීය හැගීමක් පවුලේ සාර්ථකත්වයට අත්‍යවශ්‍යය කාරණාවක්.එමෙන්ම මෙය බොහෝ පවුල් බරපතළ විදියට වරද්දා ගන්න කාරණයක්. එයට හේතුව වන්නේ ලිංගික හැසිරීම වශයෙන් බොහෝ අය සිතා සිටින්නේ සයනයට ගොස් යහන්ගත වී සිදු කරන අවසාන ක්‍රියාව පිළිබඳ පමණයි. එවිට ඔවුන් අතරෙ හොද මානසික බැදීමක් සහ සම්බන්ධයක් ඇති වන්නෙ නැහැ.මනෝ විද්‍යාවට අනුව ලිංගික බැදීම කියලා කියන්නෙ හුදෙක් ලිංගිකව එකතු වීම පමණක් නොවෙන අතර කතා බහ කිරීම, අදහස් හුවමාරුව ,තමන්ගෙ පුද්ගලික තොරතුරු පැවසීම,අනිත් කෙනාගෙ අදහස් උදහස්වලට ගරු කරීම,අගය කිරීම,ස්පර්ශය ,සිප වැළද ගැනීම ,තෑගි බෝග හුවමාරුව, අන් අය අතරෙදි උසස් කොට සැලකීම සහා අනිත් කෙනාගේ ලිංගික උවමනාව සහ ආශාව තේරුම් ගෙන ලිංගිකව හැසිරීමයි. ඒ අනුව මෙය එක් අවස්ථාවක් නොවන බවත් අවස්‍ථා ගොන්නක එකතුවක් බවත් තේරුම් ගැනීම වැදගත්.එමෙන්ම ලිංගික හැසීරීම යනු තමා පමණක් සතුටුවන දෙයක් නොවෙන බවත්, ලිංගික හැසීරීමක ප්‍රධාන වගකීම තම සහකරු හෝ සහකාරිය සතුටු කීරීම බවත් තේරුම්ගෙන අන් කෙනාව සතුටු කරමින් ඒ සතුටෙන් තමන් සතුටුවෙමින් සිදුවෙන ක්‍රියාවක් බව තේරුම් ගෙන ක්‍රියා කිරිම සහ තමන්ට ලිංගික වුවමනාව ඇති වෙන මොහොතේ අනිත් කෙනාට ඇති විය යුතුයි කියන එක නොසිතා එය එසේ විය නොහැකි බව අවබෝධ කොටගෙන කටයුතු කළ යුතු වනවා.

එබැවින් ඉතා අවංකව, විශ්වාසනීයත්වය තහවුරු කර ගනිමින් කැපවීම ,හැගීම් තේරුම්ගැනීම සහ ලිංගික කැමැත්ත රදවා ගැනීමට ක්‍රිය කළහොත් පවුල් තුළ ඇතිවන බෝහෝ ගැටලු බාධක අවම කරගෙන ඉදිරියට යාමේ හැකියාව පවතිනවා.එමෙන්ම යම් ගැටලුවක් විසදා ගැනීමට ඔබ අපොහොසත් වන්නේ නම් එම අපහසුතාවලදී සුදුසුකම්ලත් මනෝ උපදේශකවරු සමග කටයුතු කිරිමත් අවශ්‍ය තැනකදී මනෝ වෛද්‍යයමය උපදෙස්, ප්‍රතිකාර ගැනීමට ක්‍රියා කිරිමත් අත්‍යවශ්‍යය සහ ඉතා සුදුසු ක්‍රියාවලියක් බවත් මතකයේ තබා ගැනීම වැදගත්.මෙම කරුණු කාරණා පිළිබඳව නැවත නැවතත් සිතා ඔබේ අඩු පාඩු සකසා ගැනීම ඔබට යහපත් පවුල් සම්බන්ධතාවයකට නිවැරදි මග පෙන්වන බව නොඅනුමානයි.

උපදෙස්

වෛද්‍ය, කමල් එස්. ජයසේකර
මනෝවෛද්‍ය (ආයුර්වේද / විශේෂ)
ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක

Related Articles

Don't Miss


Latest Articles