අහිමි ප්‍රේමය

ගල්කිස්ස මහාධිකරණයේ අසුනක වාඩි වී සිටි නයෝමි ඊට මඳකට ඈතට වන්නට තිබූ අසුනක වාඩි වී සිටි ප්‍රසන්න දෙස හොරැහින් දෙවනි වතාවටත් බැලුවා. කලු කලිසමට අත් දිග සුදු කමිසයක් ඇද සිටි ප්‍රසන්නගේ මුහුණේ තිබුණේ ඇය ආදරය කල ප්‍රසන්න පෙනුම නෙමෙයි. නමුත් දින කීපයක් නොකැපූ  අපිලිවෙල රැවුල ප්‍රසන්නට එක්කලේ අපරාජිත පෙනුමක්. අවුරුදු හයක් ආදරය කල ,  මුලු ජීවිතයමැයි විශ්වාස කල ජීවිතය තව මොහොතකින් තමන් හැර යන බව හැඟෙද්දී නයෝමිට ලෝභ හිතුණා.

“මොකද කියන්නේ මගේ පුතේ…ගිහින් කතා කරලා තීරණයකට එමුද…මම ප්‍රසන්න පුතා එක්ක කතා කරන්නම්…”

අප්පච්චි නයෝමිට කණට කොඳුරා කියද්දී අතීතයට යන්නට ගිය නයෝමිගේ හිත එක්වරම තිගැස්සුණා.

“එපා අප්පච්චි…මගේ තීරණේ ඒකමයි. මට ආයෙත් හැරෙන්න බැහැ අප්පච්චි….”

නයෝමි කිව්වේ ඇස්වලට එකතු වුණු කඳුලු අතේ ගුලි ගැහිච්ච ලේන්සුවෙන් පිස දමමින්. කලු පැහැති කබාය ඇද සිටි නීතිඥ මහතා නයෝමි අසලට ආවා. පියල් ඉද්දමල්දෙණිය…නයෝමි වෙනුවෙන් පෙනී සිටි ඉතා දක්ෂ නීතීඥවරයෙකි. නයෝමි වෙනුවෙන් වන්දි මුදලක්ද ලබාගත හැකි බව පියල් කියා සිටියද නයෝමි එයට කැමති වුණේ නැහැ.

“අනේ සර්…ආදරයක් නැති කෙනෙක්ගෙන් මට කිසිම දෙයක් එපා. මට ඉක්මනට ඩිවෝස් එක අරගෙන දෙන්න…”

නයෝමි ඉල්ලුවේ එච්චරමයි.

“ලොකු පුතේ…නඩුකාරතුමා මේ කෙටි කාල සීමාව ලබාදුන්නේ දෙන්නට කතා කරලා තීරණය වෙනස් කරනවනම් වෙනස් කර ගන්නනේ. ඔයා කැමති නම් අපි….?”

Single or divorced woman alone missing a boyfriend while swinging on the beach at sunset

නනයෝමිගේ අප්පච්චිට කියන්න ලැබුණේ එපමණයි. නයෝමි අප්පච්චිගේ අත අල්ලා ගත්තා.

“මාස ගානක් තිස්සේ වෙනස් කරන්න බැරි වුණ තීරණය මේ පොඩි කාලේදී වෙනස් වෙන්නේ නෑ අප්පච්චි…මේ මගේ එකම අන්තිම තීරණේ….”

නයෝමි නැවතත් ප්‍රසන්න දෙස බැලුවා. ඒ වෙද්දීත් ඈත සිට ප්‍රසන්න බලා සිටියේද නයෝමි දෙසයි. ඔවුන්ගේ නීතීඥවරුන් දෙපල පසෙකින් හිද මොන මොනවාදෝ කතා කලා. සුලු මොහොතකින් නයෝමි බලාපොරොත්තු වුණු , ප්‍රසන්න බලාපොරොත්තු නොවුණු , තීරණය නඩුකාරතුමා අවසාන් තීරණය ලෙස දැණුම් දුන්නා.

   “දික්කසාදය….”

ආදරණීයන් ආදරයෙන් පිරිවරාගෙන කොළඹ හෝටලයේ ඉතා උත්කර්ෂවත් අන්දමින් මීට අවුරුදු හතරකට උඩදී ඇරඹුණු නයෝමිගේ ත්…ප්‍රසන්නගේත් කසාද ජීවිතය ගල්කිස්ස උසාවියේදී දික්කසාදයක්  බවට පත් වූයේ ප්‍රසන්නගේම වරදින්ය.

*    *    *    *    *    *    *    *    *    *    *

නයෝ…අනේ ඔයා හදල තිබුණ අඹ මාලුව කාලා අපේ කොල්ලෝ පිස්සු වැටිලා. මට එක කෑල්ලක්වත් නෑ…අනේ පුලුවන්නම් රෑට මට අඹ ටිකක් තියන්න…”

ඒ මේ ආදර කතාවේ සොඳුරු මතකයන් වුණා. ප්‍රසන්නත් නයෝමිත් විවාහ වුණේ ආදරේ කරලයි ඒ ආදරේ හරි අපූරුවට සොඳුරු කැදැල්ලක ගෙවුණා.

“නයෝ…අනේ හෙට ඔයාව එක්ක යන්න මම එන්නද…?මට පාලුයි…”

නයෝමිගේ නැගණියගේ ගෙට ගෙවදීමට සහභාගි වී දින දෙකක් ගෙදර නොහිටිය නයෝමි නැති පාලුව ප්‍රසන්නට තදින්ම දැනුණා.

“අප්පච්චි…”

ගල්කිස්ස උසාවියෙන් එළියට ආ නයෝමිගේ දෙසවනට ඇසුණු අවුරුදු හයක් තිස්සේ ආදරය කළ හඬ කෙසේනම් අමතක කරන්නද…?නයෝමි යන ගමන මඳකට බාල කලා. දික්කසාද වුණු දියණියගේ හෙට දවස ගැන හිතමින් සිටි අප්පච්චිට ඒ හඬ ඇසුණේ නැහැ. ඒ සැනින් නැවතත් ප්‍රසන්නගේ හඬ ඇසෙනවාත් සමඟ අප්පච්චි පිටුපස හැරී බැලුවා.

“පුතේ…?”

නයෝමි අප්පච්චි දෙස බැලුවේ කුතුහලයෙන්. තම දියණියගේ ජීවිතය අතහැර යන තම බෑණනුවන් ගැන අහිතක් නොහිතාම තවමත් “පුතේ ” කියන තම අප්පච්චි ගැන ඇයට තිබුණේ පැහැදීමක්.

“අප්පච්චි…”

ගල්කිස්ස උසාවිය ඉදිරියේ දෙනෝදාහක් මිනිසුන් එහා මෙහා යන සංඥා පුවරුව අසලදීම ප්‍රසන්න දණ ගසා අප්පච්චිට වැන්දා. නයෝමි බැලුවේ ප්‍රසන්නගේ මිතුරා වුණු අසේල දෙසයි. ගල්කිස්ස උසාවියට ප්‍රසන්න පැමිණ සිටියේ අසේල සමඟයි. පසුගිය මාස කිහිපය පුරාවට වෙන්ව යන්නට ගිය මේ ආදර කැදැල්ල එක්කරලන්නට අසේල නොගත් උත්සාහයක් නැති තරම්. නයෝමිව කීපවරක්ම මුණ ගැසුණු අසේල තව එකම එක වතාවක් තම මිතුරාට සමාව දෙන ලෙස ඉල්ලා සිටියද නයෝමි ඒ හැම මොහොතකම එය ප්‍රතික්ෂේප කලා. අප්පච්චි ප්‍රසන්නගේ උරහිස අල්වා නැඟිට්ටූවේ ඇස් වල කදුළු පුරෝගෙනයි.

“මට එකම එක වතාවක් නයෝමි එක්ක කතා කරන්න පුලුවන්ද අප්පච්චි…? “

“පුතේ…ඔය දෙන්නා එක වතාවක් නෙමෙයි…දහ පාරක් හරි කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්නවනම් මම ඒකට කැමතියි පුතේ…”

“දැන් පරක්කු වැඩියි අප්පච්චි…”

ප්‍රසන්න කීවේ බිම බලනා ගමන්.  පිරිමි ඇස් දෙකෙන් වැටුණු කදුලු බිංදු දෙකක් ගාලුපාරට වැටී වියලී ගියා. 

“නයෝ…ඔයාව මට දැන් අයිති නෑ…ප්ලීස්…එකම එක වතාවක් මට ඔයා එක්ක කතා කරන්න පොඩි වෙලාවක් දෙන්න…මම ඉල්ලන්නේ එච්චරමයි…”

ප්‍රසන්න නයෝමි ඉදිරියේ බැගෑපත් වුණා. අද මෙලෙස තමන් ඉදිරියේ ඔහු බැගෑපත් වුණත් එදා තමන් ඔහු ඉදිරියේ කොයිතරම් නම් බැගෑපත් වෙන්නට ඇත්දැයි නයෝමිගේ මතකයට ආවා.

“ප්‍රසන්න…අදත් මට අර කෝල් එක ආවා…ප්ලීස් මට කියන්න…කවුද ඒ…?”
නාදුනන ගැහැණියක් දින කීපයක්ම නිවසේ දුරකථනයට දුන් ඇමතුම් නිසා නයෝමි හිටියේ කලබලයෙන්. ඒ හැම මොහොතකම ” ප්‍රසන්න දැන් ඉන්නේ මාත් එක්ක…එයාට ඩිවෝස් එක දෙන්න…”යයි කීවා. ඇය කවුදැයි කිසිම මොහොතක නොකී නිසා ප්‍රසන්නට මේ රහස නයෝමිගෙන් සඟවා තබාගන්නට ලෙහෙසි වුණා.

“මම දන්න ගෑණියෙක් නෑ..මගේ ඔලුව කන්නේ නැතිව පැත්තකට වෙනවා…”

දිගින් දිගටම සිදුවන මේ බහින්බස්වීම ඉවසා සිටින්නට නයෝමිට පුලුවන් වුණේ නැහැ. අවුරුදු දෙකක් පෙම්වතියක් සේ ආදරය කරපු , අවුරුදු හතරක් බිරිඳක්  සේ ආදරය කල ආදරය තමන් ඉදිරියේ අවිශ්වාස වන්නට වැඩිකාලයක් ගත වුණේ නැහැ.

” ප්‍රසන්න…මොකක්ද මේ…ඔයාගේ බෑග් එකට මේ ඩෙනිම ආවේ කොහොමද…?මේක ලේඩීස් ඩෙනිමක්…”

“අවුට් ටේෂන් ” යැයි පවසමින් දින තුනක් ආයතනයේම සේවය කල හිරංගි එක්ක බදුලු තානායමක රැකවල් දෙකක් නතරවී නිවසට ආවේ “මාර මහන්සියි “යැයි කියමිනි. නාන කාමරයට වැදුණු ප්‍රසන්න හොඳහැටි නා ගත්තේ තමන් තම බිරිඳට කල වැරැද්ද සේදී යාවියැයි සිතාය. ප්‍රසන්න නොදැන සිටි ඩෙනිම් පලහිලව්ව අසුවන්නට ගතවූයේ ඉතා සුලු වේලාවකී. කිසිදු අඩුවක් නොතියා ආදරය, දයාව, උපරිමයෙන්ම ලබා දුන් ආදර කතාවට ගිනි ඇවිලුනේ ඉන් පසුවයි. එතැන් සිට සිදුවූයේ නයෝමිගේ හිත් රිදුම් දෙන සිදුවීම් පමණි.

“අපි ඩිවෝස් වෙමු…”

සිදුවන දේවල් ඉවසා ගන්නට බැරි මොහොතකදී නයෝමි තම තීරණය ප්‍රසන්නට කිව්වා.

“පිස්සුද…? රට්ටු හිනස්සන්නද හදන්නේ…”

“රට්ටු හිනස්සන්නේ මමද ප්‍රසන්න…?මට වෙන කිසිම දෙයක් එපා. මට ඩිවෝස් එක දීලා ඔයා සතුටින් ඉන්න…මෙහෙම මට එකට ජීවත් වෙන්න බෑ. මාව බඳින්න කලින් ඔයා කී දෙනෙක්ට ආදරය කලත් මට කමක් නෑ. ඒත් මට ආදරය කරන්න පටන් ගත්තට පස්සේ ඒ ආදරේ වෙනස් වුණේ කොහොමද ප්‍රසන්න…?”

අසීමිතව ආදරය කල ආදරය ද්‍රෝහී වෙද්දී නයෝමි ගත්තු තීරණය වෙනස් කරන්න හිත ඉඩ දුන්නේ නැහැ. ඇය හිත හදා ගත්තා. තමන්ගේමයැයි කියා සිටි, ජීවිතය පුරාවට එක්ව හිඳිමුයැයි පොරොන්දු වූ ආදරය වෙනස් වෙද්දී තමන්ගේ  නොවන තැනින් ඈත්වන්නට ඇයට ඕන වුණා.

*    *     *     *     *     *     *     *     *     *

ප්‍රසන්න බලා සිටියා. එක පෙළට රැලි ගසන මුහුදු  වෙරළේ  පුංචි එළිමහන් අවන්හලේ මීට ටික මොහොතකට පෙර වෙන්වුණු නයෝමි දෙස ඔහු බලා සිටියා.

“මට සමාවෙන්න….හිරංගිගේ තිබුණු දඟකාරකමට මොකක්දෝ අමුතු ජීවන රටාවට මම මුලින් ආස කලා. නොදැනුවත්වම හිරංගි මට ලං වුණා. “
“දැන් ඒවා කතා කරලා වැඩක් නෑ ප්‍රසන්න. හිරංගිටම විතරක් ඇඟිල්ල දික් කරන්න එපා…”

“ඔව් මම දන්නවා. මාත් වැරදියි. හිරංගි දැන් මගේ ජීවිතේ නෑ. මම ආයෙත් කසාද බදින්නේ නැහැ. මම මේ හැමදේම අතහැරලා රට යනවා. ඔයා ආයෙත් හොඳ කෙනෙක්ව කසාද බදින්න. තනියම ඉන්න එපා…”

“තනියම ඉන්න එපා…?ඔයාට වැරදුනා. ගොඩාක් පිරිමි හිතන්නේ ගෑණු කෙනෙකුට මේ ලෝකේ තනියම ඉන්න බෑ කියලා. ඒක බොරුවක්. පිරිමින්ගේ අපහාස, වේදනා, පීඩන එක්ක එක වහලක් යට ජීවත් වෙනවාට වඩා හිතට එකඟව කොන්ද කෙළින් තියාගෙන ගෑණියෙක්ට තනියම ජීවත් වෙන්න පුළුවන්. මම ගැන ඔයා දුක් වෙන්නවත් මම ගැන හොයන්නවත් එපා. ප්ලීස්…මම ඔයාට කවදාවත් වෛර කලේ නෑ. මගේ කිසිම තරහක් නෑ….”

නයෝමි යන්නට අසුනින් නැගිට්ටා. ප්‍රසන්න හිටියේ ඇස්වල කදුළු පුරවගෙන.

“මම යන්නම් ප්‍රසන්න . සතුටින් ඉන්න…”

නයෝමි අප්පච්චි ලඟට ආවා.මෙතෙක් අමාරුවෙන් හංඟගෙන හිටිය කදුළු මේ ලෝකේ තමන්ට හිඳිනා එකම විශ්වාසනීය,  ආදරණීය, පිරිමි චරිතය වුණු අප්පච්චී ඉදිරියේ ඒ කදුළු ගලාගෙන ගියා.

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...