ලස්සන වෙන්න බොමු බෙලි මල්

දෙවියන් උදෙසා පිදෙන පූජාවන් සඳහා උපයෝගී කරගන්නා බෙලි ඖෂධීය ගුණයෙන් යුක්‌ත අගනා පලතුරකි.  Golden Apple යනුවෙන් හඳුන්වන ආමාශ ගත රෝගවලට දිව ඔසුවකි. බෙලි වැවෙන රටවල් ලෙස ලංකාව, බුරුමය, ඉන්දියාව හැඳින්විය හැකිය. මෙම ගස ගෙවතු වල මෙන්ම වනගතව සරු ලෙස වැවෙන ඖෂධයකි.

බෙලි ගෙඩිය පමණක්‌ නොව ගසෙහි සෑම කොටසක්‌ම ඖෂධීය වශයෙන් පැරැන්නෝ භාවිතයට ගත්හ. මුල්, පොතු, කොළ, මල්, ගැට, ගෙඩි, මදය හා කටුවද ඉතා ගුණ දායක ඖෂධයකි. විටමින් ඩී පදාර්ථයෙන් යුක්‌ත අතර  වා, සෙම්, පිත් නසයි, විරේක ගුණදෙයි. එසේම බෙලි මල් යනු ඖෂධීය ගුණ ඇති පානයකි. බෙලිමල් පානයෙන් බඩ බුරුල්වී යාම හා වමනය වළකී. බිමට ගිලිහී වැටෙන බෙලි මල් තැම්බූ වතුර පිපාසය හා දාහය නිවන විඩාව සංසිඳුවන පානයකි.

ඉමිහිරි සුවඳැති බෙලි මල්, වේලාතම්බා පානය කිරීමට අමතරව තැවීමටද ගතහැක. බෙලි මල් තැම්බූ වතුර කිතුල් හකුරු කැබැල්ලක් සමඟ පානය කිරීමට හැකිය.රුව වඩවන බෙලි මල් බොහෝ අයගේ ප්‍රියතම පානයකි. බෙලි කටු වේලා මල් නැති සමයේ තම්බා බෙලි මල් වෙනුවට අපේ පැරැණ්නෝ පානය කළ බැව සඳහන්වේ.  වර්තමානයේ බෙලිකටු වියළා තම්බා ජලය පානය කරයි.

ශරීරය සිසිල් කරන පානයක් හෙයින් නිතරම බෙලිමල් පානය කිරීමෙන් ශරීර සුවය මෙන්ම අලංකාර රුවක් ද උරුමකර දෙනු ඇත.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles