ක්‍රිස්මස් එකට කොක්ටේල් හදමු.

නත්තල් කෑම මේසය රහ වැටෙන්න වගේම නත්තලේ වර්ණය එක් වෙන්නත් කොක්ටේල් ලොකු මෙහෙයක් ඉටු කරනවා.රසම රස කොක්ටේල් වර්ග කිහිපයක් පහසුවෙන් හදා ගන්න රෙසිපීස් තමයි මේ.

Pomegranate Cosmo

අවශ්‍ය දේවල්

  • වොඩ්කා කෝප්ප 1
  • දෙළුම් සහ බෙරි වර්ගයක යුෂ කෝප්ප 1
  • දොඩම් යුෂ කෝප්ප බාගයයි
  • නැවුම් දෙහි යුෂ තේ හැඳි තුනයි
  • Lime twists

සාදා ගන්නා ආකාරය

  • වොඩ්කා,දෙළුම් යුෂ,දොඩම් යුෂ හා දෙහි යුෂ එකට එකතු කරන්න
  • අයිස් එකතු කර කලවම් කරන්න
  • වීදුරුවලට දමා ගන්න
  • ලයිම් ට්විස්ට් වලින් ගානිෂ් කර ගන්න

Vannila Citrus Honey Sangrila

අවශ්‍ය දේවල්

  • නැවුම් දොඩම් යුෂ කෝප්ප 2
  • පෙති කපා ගත් දොඩම් ගෙඩි 2
  • මී පැණි තේ හැඳි 2
  • වැනිලා කරලක් දෙකට කපා ගෙන
  • වයින් 750ml

සාදා ගන්නා අන්දම

  • දොඩම් යුෂ සහ මී පැණි කලවම් කර ගන්න
  • වැනිලා ද එකතු කරන්න
  • දොඩම් පෙති එකතු කරගන්න
  • අවසානයට වයින් එකතු කරන්න

Christmosas

අවශ්‍ය ද්‍රව්‍ය

  • චොප් කරගත් ඇපල් 2
  • බෙරි වර්ගයකින් කෝප්ප 1
  • දෙකට පැලූ කොළ මිදි කෝප්පයක්
  • දෙළුම් ඇට කෝප්පයක්
  • මිදි යුෂ කෝප්ප 1
  • ෂැම්පේන් හෝ Cava 750ml

සාදා ගන්නා ආකාරය

  • භාජනයකට මුලින්ම පළතුරු වර්ග එකතු කර කලවම් කරන්න
  • ඉන්පසු එයට උඩින් මිදි යුෂ දමා ගන්න
  • ෂැම්පේන් එකතු කර කලවම් කරන්න.

Related Articles

Don't Miss


Latest Articles