නැවත හමුවේවිද සසරේ.

නිමායා ජංගම දුරකතනය අතේ තබා ගෙනම මොහොතකට ගල් ගැසී සිටියා.තමන් මේ දකින්නේ සිහිනයක් ද?මෙය කිසි සේත්ම සැබෑවක් විය හැකිද?දෑසින් රූරා යන කඳුලු කැට දුරකතන තිරය සිප ගනිද්දී නිමායා ක්ෂණික සිතුවිල්ලකින් අසුනෙන් නැගිට නිදන කාමරය වෙතට පියවර තැබුවා.විසල් සුන්දර සිනහවක් මුව පුරා රඳවාගෙන සුව නින්දක ගැලී සිටි අතර නිමායා සිය අප්‍රාණික වෙමින් යන සිරුර අමාරුවෙන් වත්තන් කරගෙන යහන පාමුල වැතිරුණා.යහන මත සුව නින්දක ගැලී සිටින මිනිසා වෙතින් තමා බොහෝ ඈතකට ගමන් කරමින් සිටින බව,එසේ ගමන් කලයුතු බව ඇගේ සිත ඇයට පවසමින් සිටියා.

එය පාසල් ප්‍රේමයක්.දෙදෙනාම ප්‍රේමය ගැන අත් පොත් තැබුවේ එකිනෙකාගේ ඇසුරින්.එකිනෙකාගේ පහසින්.එම පහස,ආදරය සසර පුරා ගලා ආ එකක් බව විශ්වාස කිරීමට තරම් එකිනෙකා එහි බැඳී සිටියා.කිසිදු බාධකයක් නොපැමිණි,සියල්ලන්ගේම ආශීර්වාදයට ලක්වූ ඒ පෙම සසරේ හුරු පුරුදු එකක් මිස වෙනකක්ම නොවන බව ඔවුන් දෙදෙනා පමණක් නොව ඔවුන්ගේ ආදරය දන්නා සියල්ලන්ම විශ්වාස කළා.ඉක්මනින්ම එකම වහලක් යටට පැමිණි දෙදෙනා තවමත් යුග දිවියේ දෙවන වසර ගත කරමින් සිටියේ තව වසර දෙකකින් පමණ දෙමාපියන් වීමේ අදිටනින්.කිසිදු ප්‍රශ්නයක් ගැටලුවක් නොවූ තම ආදරය මෙලෙසින් පාවා දීමට විසල් පෙළඹුනේ ඇයිදැයි කෙලෙසකවත් සිතා ගැනීමට නොහැකි වූ මොහොතේ ඔහුව අවදි කළයුතු යැයි ඇය සිතුවා.

ඔව්,ඔහුගේ සිහිනයෙන් ඔහු මිදවිය යුතුද?නැත්නම් ඔහූගේ සිහිනය ඔහුට හිමකර දී තමන් මේ සිහිනයෙන් ඉවතට පළා යා යුතුද ? යන්න දෙගිඩියාවක පසුවෙමින් දිගු කල්පනාවක ගැලී සිටි මොහොතේ කිසියම් ඉවකින් මෙන් විසල් අවදි වූවා.

“නිමායා,ඇයි ඩාලිං මේ,මොකෝ මේ …ඔයාට අසනීපයක්ද?”විසල්ගේ ආදරණීය හඬ සමග මෙතෙක් ඉවුරු තලා ඉන් ඔබ්බට නොගැලූ දුක් කඳ ඉවුරු කඩා බිඳ දමාගෙන ගලායන්නට වූවා.

“අනේ ඇයි විසල් ඔයා මට මෙහෙම කලේ.කවුද මේ ඔයාට මෙහෙම මැසේජ් කරන්නෙ.ඇයි මේ,මම ඔයාට මොන වරදක් කළාටද ?ඔයත් රිප්ලයි කරල තියෙනවා දිගටම.”

“මොකක්”

විසල් රුදු වෙසකින් දුරකතනය උදුරා ගත්තේ පොඩි එකෙකුගේ විලාසයකින් වන අතර ඔහුගේ බැල්මෙන්ම තමන් දුටුවේ සිහිනයක් නොව සැබැවක් බව නිමායා අවබෝධ කරගත්තා.විසල්,ඔව් ඒ මීට පෙර තමා දැන සිටි පුද්ගලයා නොවන බව පමණක් ඇය මොහොතක ඔහුගේ බැල්මකින් ප්‍රත්‍යක්ෂ කරගත්තා.

“කවදා ඉඳන්ද මගෙ ගැන ඔත්තු බලන්නෙ.”

unhappy young couple

“බලපු ඔත්තුවක් නෑ.මගේ ෆෝන් එක හොයාගන්න බැරි නිසා ඕකෙන් රිං කරන්න බැලුවෙ.ඔත්තු බලන්න තරම් හොරයක් තියෙනව කියලා කවදාවත් හිතුවෙත් නැහැ.”

නිමායාගේ දුක්බර බව මොහොතකින් සිඳී අකාරුණික හඬක් කටහඬට එකතුවුනේ විසල් ගේ රළු හැසිරීම නිසාවෙන්.ෆෝන් එක උදුරා ගත් විසල් මහා රුක් ගසක් ලෙස ඇය ඉදිරියේ නැගී සිටියා.

“නිමායා,මට ඔයාට සොරි කියන්න බැහැ කියල මම දන්නවා.මම වෙන එෆෙයාර් එකක ඉන්නවා.ආදරේ ද නැද්ද ඒවා මුකුත්ම මම දන්නෙ නැහැ.නමුත් ඒ නිසා මට අපේ පවුල කඩා ගන්න ඕනත් නැහැ.මම වෙන එෆෙයාර් එකක ඉන්නව කීමේ අදහස මට ඔයාව එපා කියන එකත් නෙවෙයි.මේක ඔයාට නොකියා හොරෙන් කරන්නත් තිබ්බා මම.හොරෙන්ම ඒව නවතින්නත් තිබ්බා.මම මේ මොහොතේ මේ කියන්නේ සහතික ඇත්ත.නමුත් පුද්ගලයා කවුද කියල මගෙන් අහන්න එපා වගේම ඒ සම්බන්ධය ඇතිවුණේ කොහොමද කියලත් අහන්න එපා.”

නිමායා ගල් ගැසී බලා හිඳ තමන් කිසියම් මායාවකට හසුවී දැයි සොයා ගැනීමට මෙන් දෑස් තදින් පිසදා නැගී සිටියා.කිසිවක් මායාවක් නොවන බවත්,තමන් සිය සුපුරුදු නිවසේ සිටින බවත්,විසල් තව දුරටත් කාමරයේ නොමැති බවත් ඇය ඉක්මනින්ම වටහා ගත්තා.කළයුතු වන්නේ කුමක්දයි බුද්ධිමත්ව සිතිය යුතු බව සිතූ නිමායා ඉක්මන් ගමනින් නාන කාමරය වෙතට ගොස් මුව දොවා ගත්තා.විසල් ගේ රළු,අකාරුණික ස්වරය ඇයගේ කඳුලු වියලවා තරමක් දරදඬු ගැහැණියකගේ තැනට පත්කලත් සිත පතුලෙන් නැගෙන ඉකිබිඳුම නොනැවතී පැවතුණා.

රැකියාවට යාම සඳහා පිසෙමින් තිබූ ආහාර බඳුන් වල කරවෙද්දී විසල් කහිමින් දුව ගොස් ලිප වසා දමනු නාන කාමරයේ සිටින ඇයට ඇසුණා.වෙනදා නාන කාමරයේ තමා සිටියත් එහි සිය කටයුතු සඳහා පැමිණෙන ඔහු අද පැමිණියේ නැති වගත් තමා කවදාවත් නැතිව නාන කාමරය අගුලු ලාගෙන සිටින බවත් නිමායාට වැටහුනේ ටික වේලවකින්.ඔවුන් අතර ඔවුන්ට නොදැනීම ආගන්තුක බවක් නිර්මාණය වෙමින් පැවතුණා.

විසල් පිටත කරාමයෙන් නා ගන්නා බවත්,සුලු මොහොතකින් නිවසින් පිටත්වන ඔහුගේ වාහනයේ හඬත් ශ්‍රවනය කිරීමෙන් මඳකට පසු ඇඟපත සෝදාගෙන පිටතට පැමිණි ඇය කලයුතු කිසිවක් සිතාගත නොහැකිව විසිත්ත කාමරයේ පුටුවක් මතට ඇද වැටී ඔහේ මොහොතක් නිසොල්මනේ සිටියා.හදවතින් ගිනි ජාලා එක දිගටම ඇවිලෙද්දී දුරකතනය නාද වන්නට පටන් ගත්තා.විසල් ගේ නම ඇය එහි ගබඩා කරගෙන සිටියේ මගේ පණ ලෙසින්.මගේ පණ නොනවත්වා එක දිගට තිරය මත දිස් වී නැවතුන වහාම ඇය එහි නම විසල් ලෙසට වෙනස් කලා.නැවත විසල් නමින් යුතුව දුරකතනය නද දෙද්දී එම නම සමග ඇයට දැනුනේ සැහැල්ලුවක්.ඇය සන්සුන් සිතිවිල්ලකින් දුරකතනය අතට ගත්තා.

couple fight

“බබා”

විසල්ගේ පසු තැවිලි හඬ පසෙකින් ගලා ආවා.

“ඔයා මොකද කරන්නෙ,ඔෆිස් යන්න,තනියම කල්පනා කර කර ගෙදර ඉන්න එපා.ප්ලීස්”

“ඔව් මම යන්නම් විසල්,අද ඔෆිස් වාහනේ අල්ලගන්න වෙන්නෙ නෑ.පරක්කු වුනානෙ.එහෙනම් තියන්නම්.ඔයා මොනාහරි කඩෙන් කන්න”

වෙනදා” ආදරෙයි” කියා නවතන ඇමතුම අද ක්ෂණිකව නවතා දැමීමේ පාලුව විඳගනිමින් නැගී සිටි ඈ තමාට කිසියම් විවේකයක් ටික දිනකට හෝ අවශ්‍ය බව තේරුම් ගත්තා.දුරකතනය ඕෆ්කර දැමූ ඈ ජීන්ස් එකකින් සහ ටී ශර්ට් එකකින් සැරසී ගමන් මල්ලට ඇඳුම් කිහිපයක් දමා ගත්තා.යන්නේ කොහොදැයි නොදැන දොර අගුලු ලෑ ජීවිතයේ පළවෙනි දිනය අද බව සිහියට ආමුත් සුපුරුදු තැනින් යතුර තැබුවේ විසල් සවස නිවසට පැමිණෙන බැවින්.යා යුතු කොහේදැයි නොදන්නා මුත් කොහේ හෝ යා යුතු බවත්,නැවත පැමිණීමට හෝ නොපැමිණීමට නම් පළමුව නික්මී ගොස් තමා සමගම සටනක නිරත වියයුතු බව හඟිමින් අරමුණකින් තොරව ඇය හමුවූ පළමු කුලී රථය නවත්වා ගත්තා.

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content