අම්මලාගේ කැමැත්ත අකමැත්ත ගැන වැඩිදුර නොහිතාම මම චමල්ව ඇසුරු කරන්න පටන් ගත්තා.ඔහුගේ අම්මලාවත් මට මුණ ගැහුණා.අපි ඇසුරු කරලා අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕන කියලා මම හිතන්න ගත්තා.
ඒ දෙදහස් දහය අවුරුද්ද.සුධාරකව මුණ ගැහිලාත් වසරක් ගෙවී ගිහින්.මට නැවත ඔහුට සමීප නොවී ඉන්නත් තදබල ලෙස ඕනෑ කරන්න ඇති.පවුලක් තියෙන ඔහුට ළංවීම වෙනුවට මටත් පවුලක් හදාගන්න මගේ ඇතුළාන්ත සිතුවිල්ලක් තිබෙන්න ඇති.
චමල් අපේ ගෙදර නවතින්නෙ ඔය කාලෙදි.අපි සමීපව ඇසුරු කරමින් හිටියත් මට ඔහුගේ සමහර ගතිගුණ හෙළි වෙන්නට පටන් ගත්තේ ඒ කාලයේදී.චමල් සමහර රාත්රීන්ව තදින් බීමත්ව ගෙදරට ආවා.ඒ ඇවිල්ලා ජනේලයකට තට්ටු කරලා මාව ඇහැරවා ගන්න ඔහු වග බලාගත්තා.
මට මේක ටිකක් නුහුරුයි.
මගේ තාත්තා මත්ද්‍රව්‍ය කිසිම විදියකින් භාවිතා කරපු කෙනෙක් නෙවෙයි.ඔහු සහමුලින්ම අමද්‍යප කෙනෙක්.ඒ වගේම තමයි මගේ කලින් විවාහය,අසංක.ඔහුත් බීමට ඇබ්බැහි වූ මනුස්සයෙක් නෙවෙයි.මට සමීප සහ සමීපව හුන් පිරිමින්ගෙ බේබදු චර්යා හුරු නැති හින්දාම මට මේක තරමක් වෙනස්ව දැනෙන්න පටන් ගත්තා.අනිත් කාරණාව සාමාන්‍යයෙන් චෙෆ් කෙනෙක් වුණාම විවිධ මත්පැන් වර්ග සමඟ ගැවසෙන්න ඉඩ ලැබෙනවා.
සමහර ආහාර වර්ගවලටත් ඇල්කොහොල් වර්ග එකතු කරනවා.ඒත් මම රස බලන තරමකටවත් මත්ද්‍රව්‍ය පාවිච්චියට ගෙන තිබුණේ නැහැ.ඒ නිසා මේ බීමත්කම නම් මට තරමක් අමුතු දෙයක් වුණා.
පිරිමියෙක් වුණාම පවුල සහ බිරිඳ ගැන හැඟීමක් තියෙන්න ඕන!
මම එහෙම හිතන්න පටන් ගත්තා.චමල් දැඩි මිතුරු ඇබ්බැහියකින් සිටි නිසා මට එය වඩාත් තදින් දැනෙන්නට ඇති.අද කොහෙද යන්නේ මොනවද කරන්නේ කීයටද එන්නේ වගේ ප්‍රශ්න ඇසීමත් හිසරදයක් බව මම දන්නවා.මට වඩාත්ම පීඩාකාරී හැඟීමක් දැනෙමින් තිබුණා.නමුත් මම ඉවසන්න තීරණය කලා.ගැලපීම් ඇති බව හිතන්න මම පටන් ගත්තා.
“දික්කසාද වීම පුරුද්දක් කර ගන්න මට බෑ.මේ ගෑනිට මිනිස්සු හරියන් නෑ කියලා රටේ ලෝකෙ අය කියන්න ගනී..”
මගේ හිත ඇතුළෙන් කෙනෙක් එහෙම කියන්න පටන් ගත්තා.මගේ හෘද සාක්ෂිය එසේ කියද්දී මම තවදුරටත් චමල්ව ඉවසිය යුතු බවට තීරණයක් ගත්තා.සමහරවිට මම චමල්ව රහසෙන් ඇසුරු කළානම් මට ඔහුව වහා අත්හරින්න තිබුණා.නමුත් මම ඔහුව ඇසුරු කළේ එළිපිටයි.අපි.පවුලේ අය සමඟ චාරිකා වලට පවා ගියා.රහසිගත සම්බන්ධතා රැගෙන යාම මට ඇත්තටම අප්‍රසන්න දෙයක්.ඒ නිසාම ඔහු ගැන හැමෝම දැන සිටීම මට ඔහු අතැර දමන්නට කනස්සලු සහගත හැඟීමක් ගේන්න ඇති.
“මොනව වුණත් මගේ හිත ගිය කෙනා මේ.කසාදයක් කරගන්නෙම නෑ කියල හිටිය මගේ හිත වෙනස් වුණේ චමල් නිසා.මේකත් අත් ඇරගත්තොත් මට මිනිස්සු මොනවා කියයිද!”
ඒ තමයි ඒ කාලයේ මම මගේ හිත තුළින් ගෙන ගිය සටන.ඇත්තටම හරියටම හිතලා බලනකොට අපිට වරදින්නේ හෝ හරියන්නේ එකම එක වාක්‍යයක් නිසා.
“මිනිස්සු මොනව හිතයිද!”
අපිව සහමුලින්ම වෙනස් මිනිස්සු කරන්නටත් අපේ ලෝක සම්පූර්ණයෙන් වෙනස් කරන්නත් හේතු වෙන්නේ ඔන්න ඔය වාක්‍යය.ඒක එහෙම නෙවෙයි කියලා ඔබ හිතනවා නම් තව දෙතුන් වතාවක් ඒ ගැන හිතන්න.මම කියන්නේ ඇත්ත කියලා ඔබට වැටහෙයි.