ඔසප් වේදනාව නවතන නිවැරදි ම ක්‍රමය

කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් තමන්ගෙ ඔසප් චක්‍රය ආරම්භයේ සිට අවසානය දක්වා කුමන හෝ අවස්ථාවක ඔසප් වේදනාවන්ගෙන් පීඩාවට පත්වෙනවා. නමුත්, එදිනෙදා ජීවන රටාවෙ පුංචි පුංචි වෙනස්කම් වලින් මේ වේදනාවල් වලට සහනයක් ලබාගන්න ගොඩක් කාන්තාවන්ට පුළුවන්.

ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න තමයි අපේ අද සූදානම. 

ආහාර පුරුදු වල පෝෂණීය වෙනස්කම්

Omega 3 (ඔමෙගා 3) මෙහිදී ඉතාම වැදගත් වෙනව. 

සැමන්, මැකරල්, ටූනා වගේ මුහුදු මාළු සහ chia seed (චියා සීඩ්) walnuts (වෝල් නට්ස්) වගේ ධාන්‍ය හා ඇට වර්ගත් සෝයා තෙල් (soybean oil) හා කැනෝලා තෙල් (canola oil) වගේ ශාක තෙල් වර්ගත් ඔබේ omega 3 අවශ්‍යතාව සම්පූර්ණ කරනව. 

ඊට අමතරව දිනකට එලවළු වර්ග පහක් , පලතුරු වර්ග දෙකක් පමණ ඔබේ ආහාර වේලට එකතු කරගන්න ඔබට පුළුවන්. 

ප්‍රෝටීන් අඩංගු කිරි හා බිත්තර වගේ ආහාරත් වැදගත්. 

නිවුඩ්ඩ සහිත රතු හා සුදු හාල් ආහාරයට ගන්න එක වගේම රතුපැහැති මස් වර්ග හා කුකුල් මස් වලිනුත් ඉතා හොඳ පෝෂණයක් ලැබෙනව. 

මේ ආහාර ඔබේ කෑම වේලට එකතු කරගැනීම වගේම සත්ව තෙල් අඩංගු බටර්, මාගරින්, cream (ක්‍රීම්) වැනි ආහාර සහ ක්ෂ්ණික ආහාර වලින් ඈත් වී සිටීමත් වැදගත්. 

ඔබ කැෆේන් අඩංගු බීම වර්ග වලට හුරුවී සිටිනවානන් මේ කාලය තුලදීවත් ඒ වෙනුවට තේ හෝ වෙනත් ශාකසාර පානයක් ගැනීමත් කල හැකියි. 

ආහාර වලට ලුණු එකතු කරගැනීම අඩු කිරීමත් ඉතා වැදගත්. 

ව්‍යායාම

නිතරම ව්‍යායාම වල නිතර වන කාන්තාවන්ට ඔසප් වේදනාවන් අඩුබව තමයි පරේක්ෂකයින් පෙන්වා දෙන්නේ. 

ව්‍යායාම වල නිරත වීමේදී නිපදවන happy hormones (සතුටු හෝමෝන) ලෙස හඳුන්වන එන්ඩ්‍රොපීන් (endorphin) හා සෙරොටොනීන් (serotonin) ස්වභාවික වේදනා නාශක ලෙස ක්‍රියාකිරීම මෙයට හේතුව බවයි විශ්වාස කරන්නෙ. 

ඒ නිසා ඔබට ඔසප් දිනවලදී ඇවිදීම, දිවීම සහ යෝග අභ්‍යාස වැනි සරල ව්‍යායාම වල නිරත වීමෙන් සහනයක් ලබා ගත හැකියි.  

ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම

ශරීරය විජලනය වීම ඔසප් වේදනාව වැඩි කිරීමට ප්‍රධාන හේතුවක් නිසා, ඔබ දිනකට අඩුතරමින් ජලය 2L හෝ 3L ක් පානය කල යුතුයි. 

ඔබට ජලය පානය කිරීම අපහසු හෝ අප්‍රසන්න නම් ඒ වෙනුවට පලතුරු බීම, තේ හෝ වෙනත් ශාකසාර පාන වර්ග ආදේශ කරගත හැකියි. 

විවේකයෙන් සිටීම

බොහෝ කාන්තාවන් ඔසප් වීම අතිශය පුද්ගලික කාරණාවක් බව සිතනවා. ඒ බව සඟවාගෙන් වේදනා විඳිමින් එදිනෙදා වැඩ කටයුතු නිරත වීම අනිවාර්ය බවයි ඔවුන්ගේ විශ්වාසය. 

නමුත් ඉතා ස්වභාවික ශාරීරික ක්‍රියාවලියක් වන මෙය ඔබ සඟවාගෙන සිටිය යුතු කරුණක් නොවේ. විවේකයක් හෝ නිවාඩුවක් ලබා ගැනීම ඔබේ අයිතියක් වගේම ඔබේ සිරුරට හා මනසටත් අස්වැසිල්ලක්. 

අධික කාර්යබහුලත්වය නිසා ඇතිවන මානසික පීඩනයත් හා ශාරීරික අපහසුතා ඔසප් වේදනාවන් වැඩි කිරීමට හේතුවක්. ඒ නිසා හොඳ නින්දක් වගේම සහ සිරුරට හා මනසට සුවදායී විනෝදාංශයක නිරත වීම වැදගත්. 

මීට අමතරව ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් මත පෝෂණ අතිරේකයක් ලබා ගැනීමත් කල හැකියි. 

එදිනෙදා ජීවන රටාවෙ සිදුකරගන්න මේ සරල වෙනස්කම් වලින් ඔබේ ඔසප් වේදනාවන්ට සහනයක් ලබාගන්න හැකිවේයැයි අපි විශ්වාස කරනවා. 

මෙවැනිම තවත් ලිපියකින් නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles