සොරා කවුද ?

නිම්නා හදිසියේ ම පැවසූ වදනින් බිරාන්තව ඇය දෙසම බලා සිටි පුෂ්පා සහ ඔසදි යළිත් ඇය පැවසූ කාරණාව සත්‍ය දැයි විමසා සිටියහ.

‘‘ලක්ෂ දෙකක්?”

“ඔව් අනේ ඔව්… අපේ අම්මා මගේ ඩිලිවරි එකට ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න කියල මට දීල තිබුණේ… දැන් ඔය ක්ලිනික් ගියාට මම උපන්තේකට රජයේ ඉස්පිරිතාල වලට ගිහින් නෑනේ…ඒකයි… දැන් මම අල්මාරිය ඇරියා නංගා ඉල්ලපු මාලේ දෙන්න එතකොට දැක්කේ සල්ලි මම තිබ්බ තැන නෑ…”

නිම්නා කලබලයෙන් පවසාගෙන ගියත් ඇගේ ප්‍රකාශය පුෂ්පාගේ සිත රිදවීමට සමත් විය. දුප්පත්කම නිසා රජයේ රෝහලට ගියද ඒවා නරක නැත. වෙදකම හොඳය. හෙදකම ද හොදය. පොලීම් වල සිටීමට සිදු වුවද ඔය මුදල් ගෙවා යන ලොකු ලොකු ‌‌ෙපෟද්ගලික රෝහල් වලද තම අංකය පැමිණෙන තෙක් පෝලිම් වල සිටිය යුතු නොවේද? නිම්නාගේ ධනවත් පම්පෝරියේ ඉවරයක් නැත. පුෂ්පාගේ සිත තුළ වූ අග්නි ජාලය පුපුරා යෑමට මෙය ප්‍රමාණවත්ය.

‘‘එහෙනම් මහ අම්මණ්ඩිගෙ ගෙදරම ගියා නම් ඉවරයිනේ… ඊයේ ඇවිත් කියල ගියේ එහෙ එවන්න කියල… කට ඇරියොත් දොණිගෙයි මහ අම්මණ්ඩිගෙයි තියෙන්නේ ම පම්පෝරිය…”

‘‘අම්මේ විකාර කියවන්නෙපා… මම මේ මගෙ ලක්ෂ දෙක නැතිවෙලා ඔලුව ගිනි අරන් ඉද්දි අම්මා එනව සුරුට්ටු පත්තු කරන්න…”

‘‘අනේ මේ අක්කේ… ඔයාගේ ලක්ෂ දෙක… මම කියන්නෑ… අර මාලේ දෙන්න වෙනවටනේ මේ සේරම…”

“ඔයාටත් විකාරද නංගා… මාලේ ඇති, ඒක දැන් ගෙනත් දෙන්නම්… ඉන්න…”

නිම්නා ඔසදි හෝ පුෂ්පා හෝ පවසන කිසිවක් විමසීමට රැඳී නොසිට එතැනින් පිටව ගියේ සිත් අමනාපයෙනි.

“ඕකිගෙ බොරු අම්මා… මාලේ දෙන්න වෙනවට ගහන කෙබ්බ…”

ඔසදි පැවසුවත් පුෂ්පා එයට ප්‍රතිපිළිතුරු නොදී නිහඩ වුවාය.

සිවල්ප වේලාවකට පසු මාලය සුරතෙහි රඳවාගෙන පැමිණි නිම්නා එය මුලුතැන්ගෙයි පුටුවක් මත අසුන්ගෙන සිටි ඔසදිගේ ඇකයට දැම්මාය.

“ඔන්න තමුන්ගේ මහලොකු අයියා අරන් දුන්න මාලේ… ඔකත් බැඳන් යන තූත්තුකුඩියක යනව… මට ආයේ ඕක එපා…” කෝපයෙන් පැවසූ ඇය යළිත් හැරී වේගයෙන් ඇගේ කාමරය වෙත පියමැන්නාය.

“යකෝ මේකිගෙ තියෙන ගෙබ්බර්… හිටින්කෝ පුතා ආවම කියන්න… අර මහ ගෑනි එදා ඇවිත් ඔය කාමරේ වරුවක් හිටියා. උන්දැ ගත්තද කවුද දන්නේ…” පුෂ්පා පවසන විට ඔසදි කිසිවක් නොපවසා මාලයද රැගෙන තම කාමරයට පියමැන්නාය.

“මුං සේරම එකයි… උන්ගෙ වාසියට මොනව හරි ලැබුණහම සේරම තරහ මරහ ඉවරයි…”

තම කාමරයට ගිය නිම්නා මුලින් ම කළේ තම මෑණියන්ට දුරකතන ඇමතුමක් ලබා ගැනීමය.

‘‘අම්මා, අනේ මට තවත් නම් මෙහෙ ඉන්න බෑ…”

“ඇයි දෝණි මේ අඩන්නේ… මොකද වුණේ?”

“අරුන් මගෙ ලක්ෂ දෙක හොරකම් කරල මදිවට මට මයන්ක දීපු මාලෙත් ගත්තා. මෙහෙම ගියෝත් මගේ දරුවවත් මරලා මාවත් මරාවි..”

“ඔයාව එක්ක යන්න මම දැන්ම එන්නම්… ඔයා ලෑස්ති වෙන්න…”

නිම්නා හදිසි කෝපය නිසාම මයන්කට සිදු වූ කිසිත් පැවසීම උචිත යැයි නොසිතුවාය. ඇය තම සියලු ඇදුම් ආයිත්තම් සූට්කේසයක ඇසුරුවාය. පැය භාගයකට පසුව මිදුලේ නැවැත්වූ කාරයේ ශබ්දය ඇසී නිම්නා තම සූට්කේසයද රැගෙන කාමරයෙන් පිටතට පැමිණියාය. පුෂ්පා සහ ඔසදි ද ආලින්දයට ආවේ වාහනයක ශබ්දය ඇසීමෙනි.

“අක්කා මේ කොහෙ යන්නද?” සිදු වූ කිසිත් නොදත් තරූෂ විමසුවේ නිම්නා අතැති සූට්කේසය දෙස බැල්මක් හෙලමිනි.

“මම යනව මල්ලි… අයියා ආවොත් කියන්න කට්ටියම එකතුවෙලා අක්කව පන්න ගත්තා කියලා…”

“යකෝ මේක යස කතාවක්නේ… අපි මොනවා කරාටද? මේ කාලය පුරාවට ළමාතැනීට සැලකුවට දෙන කුතගුණ වෙන්නැති මේ?

“අනේ අම්මගේ සැලකිලි… මගේ දෙමාපියන් මට නැති කාලේ මොන තරම් ආඩපාලි කීවද? දැන් මගෙ අම්මා, තාත්තා ගෙදර වියදමටත් එක්ක කෑම බීම එවන නිසා මට සලකනව තමයි… ඒ ඉතිං මගේ ගෙදරින් කරන සැලකිලි නිසානේ… මේ මුකුත්ම නැති කාලේ මොන තරම් දේවල් කීවද මට…”

“මොනාද උඹ මේ කියන්නේ බැල්ලි…”

පුෂ්පා නිම්නා දෙසට පැමිණෙමින් ආවේගශීලීව අත ඔසවා පහරදීමට සැරසෙද්දී කෝපයට පත් නිම්නා ඇයව පසෙකට තල්ලු කළාය. නිවස තුළ සිදුවන කලබැගෑනිය සවන වැකීමෙන් කලබලයට පත් නිම්නාගේ මව අනෝමා යුහුසුල්ව කාරයෙන් බැස ඉක්මන් ගමනින් නිවස තුළට පැමිණිය ද ඇය එහි යන විටත් පමා වැඩිය. තම මව තල්ලු කිරීම නිසා කෝපයට පත් තරූෂ නිම්නාට ගැසූ කම්මුල් පහර නිසා ඇය බිම වැටී ඇත්තේ කුස යට වන ලෙසය. නිම්නා වේදනාවෙන් කෑමොර දෙන විට අනෝමා තම කාරයේ රියදුරාට අමතා ඇයව කාරයේ නංවා ගෙන රෝහල බලා පිටත් විය.

එක් නිමේෂයකින් සිදු වූ සියල්ල සිතා ගැනීමට නොහැකි වූ ඔසදි තම වැඩිමහලු සොයුරා මයන්කට මේ සියල්ල දුරකතනයෙන් පවසමින් සිටියාය.

“ඔව් අයියා… පොඩි අයියා අක්කට ගහල අක්කා බිම වැටිල දැන් එයාගේ අම්මා හොස්පිටල් එක්ක ගියේ…”

“මල්ලි මොකටද එයාට ගහන්න ගියේ? හරි ඉන්න මම දැන්ම හොස්පිටල් යන්න… මොකක්ද හොස්පිටල් එක…”

“ඒක නම් දන්නෑ… අනෝමා ඇන්ටි තමයි දන්නේ?”

මයන්ක දුරකතනය විසන්ධි කර අනෝමාට ඇමතුමක් ලබා ගත්තද ඇය දුරකතනයට ප්‍රතිචාර නොදැක්වූවාය. කලබලයට පත් මයන්ක නිවස බලා පිටත වූයේ කාර්යාලයේ කිසිවෙකුටත් නොදන්වාය. ඔහු නිවසට යන විටත් පුෂ්පා විලාප දෙමින් සිටියාය. ඔසදි ඇය අසලට වී සිටි අතර තරූෂ සාලයේ ඒ් මේ අත ගමන් කරමින් සිටියේ ය.

“ මොකද අම්මේ වුණේ? ” මයන්ක තම මෝටර් සයිකලය මිදුලේ නවතා වේගයෙන් ගෙතුලට පැමිණෙමින් විමසුවේය.

“අරකි මට හෙර කියල ගහන්න ආවා. මාව බේරගන්න ගිහින් මල්ලි ඒ් ගෑණිව තල්ලු කළා. ඒ්කෙන් උන්දැ හිමිහිට බිම වැටුණා. අර මහ අම්මන්ඩි ඇවිත් ඒ්ක ලොකු දෙයක් කරන් ඔය ඒයැයිව අරන් ගියේ… අනේ අහිසක මට හෙර කීවානේ…”

“හෙර? මොනවද අම්මා මේ කියන්නේ? චූටි, හරියට වෙච්චි දේ කියනව. තමුසෙ පෝන් ඒකෙන් මට කීවේ ඔය කතාව නෙවෙයිනේ…”

“නෑ.. මේ මේ මේ…” ඔසදි ගොත ගසන විට තරූෂ කතා කරන්නට විය.

“මගෙ වරද ලොක්කයියේ… අක්කා මොකකට හරි හිත රිදිල ගෙදරින් යන්න ලෑස්තිවෙලා හිටියේ… ඒයාව නවත්වන්න මම උත්සහ කරද්දි අම්මා ඇවිත් රණ්ඩුවට ගියා අන්තිමට කතාව දුරදිග ගිහින් කවදාවත් නැතිව අක්කා අම්මට අත උස්සන්න හදද්දි මට මාවම පාලනය කරගන්න බැරුව ගියා… මේ සේරටම මගේ වරද… අයියා යන්න අක්කා ළගට… ඒයාට අමාරුයි වගේ පෙනුණේ…”

මයන්ක කිසිත් නොදොඩා කෝපයෙන් තම මවත් සහෝදර සහෝදරිය දෙස බැල්මක් හෙලා වේගයයෙන් මිදුලට ගොස් යතුරුපැදියේ නැග ඉගිල්ලුනේය.

“මීහරකා… උඹ මොකටද ඔක්කොම වැමෑරුවේ… මටම හම්බුණාණේ මෙහෙම හරක් ටිකක්… ඒකෙක් නෑ මට ඔබින…”

“හෙට අනිද්දට මට ජොබ් ඒකක් සෙට් උනාම මම ගෙදරින් යනවා. ඒතකොට මේ සේරම හරිනේ…”

“අර ජෝබ් ඒක හරි ගියාද පොඩි අයියේ?… ඒ්ත් ඒ්කට පගාව දෙන්න ඔ්න කීවේ, ඇත්ත කියනව අර සල්ලි ගත්තේ ඔයාද?” ඔසදිගේ කතාව තඹේකට මායිම් නොකළ තරූෂ ඒතැනින් පිටව යද්දී පුෂ්පා හුන් තැනින් නැගිට ඔසදිට හිසට පහරක් ගසමින් යළිත් මුලුතැන්ගෙය දෙසට ගියාය.

පෞද්ගලික රෝහලකට තම දියණියව රැගෙන ගිය අනෝමා කලබලයෙන් රෝහලේ කොරිඩෝරයේ ඒ් මේ අත සක්මන් කළේ ඒ් වන විටත් අභ්‍යන්තර රුධිර ගැලීමක් නිසා ශෙල්‍යාගාරයට රැගෙන ගිය තම දියණියගේ ජීවිතය පිළිබදව ඇති වූ බිය නිසාමය. තම දියණිය තමන්ගේ අභිමතයට විරැද්ධව විවාහයක් කර ගැනීමට අකමැති වුවත් ඇගේ ජීවිතයට හානියක් වනු දැකීමට ඇය කිසිදා නොසිතුවාය. සැමදා ඇය සිතුවේ නිම්නා තම කසාදය අහවර කර පැමිණිය හොත් ඇයට තම බාල සහෝදරයාගේ පුතා මෙන්ම නිම්නාගේ ඇවැස්ස මස්සානාව විවාහ කර දී ඔවුන්ව විදෙස්ගත කිරීමටය. ඒම හේතුව නිසාම ඇය නිම්නාගේ සිතට කෙමෙන් කෙමෙන් විෂ බිදු ඒකතු කළ බව දන්නේ ඇය පමණි. ඒනිසාම නිම්නා තම නැනිදනියට අත ඒසවීමට තරම් නපුරු වුවාය. සියල්ලටම හේතුව තමන් බැව් අනෝමාගේ සිත ඇයව පෙලන්නට විය. අතොරක් නැතිව නාදය වන දුරකතනයේ ශබ්දය ඇයට ඇසෙන්නට වූයේ සිහිනයෙන් මෙනි. තිරය මත දිස් වන්නේ මයන්කගේ අංකය වුවෙන් ඇය ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ මන්දැයි ඇයවත් නොදත්තාය.

“කියන්න පුතා”

“අම්මා, නිම්ට කොහොමද? දැන් අම්මල ඉන්නෙ කොහෙද?”

“ඒයාව දැඩි සත්කාරෙට දැම්මා.. අපි ඉන්නේ සිටි හොස්පිටල් ඒකේ… ඉක්මනින් ඒන්න පුතා…”

මයන්ක දුරකතනය විසන්ධි කළේ වැඩිපුර කිසිත් නොදොඩමින්ය. ඔහුගේ කටහඩ දෙදරන ස්වරයෙන් වූ බවත් ඔහු තම දියණියට කෙතරම් ප්‍රෙම කරන්නේද යන්නත් අනෝමා හොදාකාරවමදන්නා සත්‍යයකි. ඒහෙත් ඇයට අවශ්‍ය වූයේ ඔහුගෙන් තම දියණියව වෙන් කිරීමටය. ඒ් සදහා ගතු කීමෙන් ඵලක් නොවන වග දැන දැනත් ඇය ඒසේ කළාය. හොද මුහුණ පෙන්නමින් තම දියණිය මරණ මංචකයට ඇද දැම්මේ තමා නොවේදෝයි ඇගේ සිත ඇයට දොස් පැවරුවාය.

“අම්මා… නිම්නා…”

රුධිරයෙන් නැහැවී විනාඩි කිහිපයක් තුළ කලබලයෙන් පැමිණි මයන්ක දුටු විට අනෝමාගේ සිතට බියක් දැණුනි.

“මොකද පුතා මේ ලේ පෙරාන…” ඇය මයන්කගෙන් ඒසේ විමසන විට ඔවුන් ඉදිරියට වෙද්‍යවරයා පැමිණියෙන් ඇය වෙද්‍යවරයා වෙත අවදානය යොමු කලාය.

“ඩොක්ට මගේ දුව…”

“අපිට හරිම කණගාටුයි මිසිස් වීරසිංහ… දුව කොහොමත් වීක් කන්ඩිෂන් ඒකෙන් හිටියේ… ඉතිං මේ ඉනජි ඒකය් ඉන්සයිඩ් බ්ලීඩිං එකයි දරාගන්න ඒයාට ශක්තිය මදි… අපි උපරිම උත්සහ කලා දරුවව හරි බේරගන්න… ඒ්ත් කණගාටුයි…”

“අයියෝ මගෙ දෝණි… අර සල්ලි ටික මම ම ඔයාට දීල මම ම හොරකම් නොකර හිටිය නම් මෙච්චර දෙයක් වෙන්නෑනේ… මට සමාවෙන්න මයන්ක පුතේ… මට සමාවෙන්න…”

අනෝමා රෝහලම දෙවනත් වන්නට විලාප තීයද්දී කලබලයෙන් ඒතැනට ඇගේ රියදුරා පැමිණියේය. ඒ් වන විටත් මයන්ක ඒතැන නොමැති බවත් ඔහු තමන් හා අමනාපයෙන් පිටත්ව යන්නට ඇති බවත් වැළපෙමින් මිටි අනෝමා සිතුවාය.

“මැඩම්… සර් මට තෝල් කෝල් කළා. මයන්ක සර් ඇක්සිඩන්ට් වෙලා ඔන් ද ස්පොට්ලු… බේබිට මේ මුකුත් කියන්න ඒපා කීව්වා… සර් දැන් ඒන ගමන් කීවා…”

සමාප්ති

©හංසි රණසිංහ

More Stories

Don't Miss


Latest Articles