රාත්‍රී ආහාරයට වෙනස් රසවලින් යුතුව කෑම හදන්න ගෘහණියන් දක්වන්නේ වැඩි කැමැත්තක්.අපි ඒ නිසා රෑ කෑමට ගැළපෙන පහසු රෙසිපි කිහිපයක් ඔබට ගේන්න හිතුවා
Mushroom Pasta
අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව් තෙල් තේ හැඳි 3
- කපා ගත් බිම්මල් ග්‍රෑම් 50
- පැස්ටා
- ගෝවා මල් ග්‍රෑම් 50
- ලුණු
- ගම්මිරිස්
- බටර් ග්‍රෑම් 25
- කිරි මිලි ලීටර් 250
- සිහින්ව ලියා ගත් ළූණු ගෙඩියක්
- ඔරිගනෝ තේ හැන්දක්
- පිටි ස්වල්පයක්
- වයිට් සෝස්
සාදාගන්නා ආකාරය
මුලින්ම පැස්ටා තම්බා ගන්න
බටර්, ලුණු, මල් ගෝවා ළූණු, කරාබුනැටි, බිම්මල් සහ කිරි මිශ්‍ර කර ගන්න.
එයට පිටි ද එකතු කරන්න
පේස්ට් එකක් සේ සකසන්න
ඔරිගානෝ සහ ගම්මිරිස් එක් කරන්න
ලිප තබා විනාඩි දෙකක් පිස ගන්න
පැස්ටා එකතු කර කලවම් කරන්න.
Chicken and egg Soup
අවශ්‍ය දේවල්
- තම්බා ගත් අල
- තම්බාගත් චිකන් 100g
- තම්බා ගත් බිත්තර 2
- නුඩ්ල්ස්
- ඉඟුරු
- සුදු ළූණු
- ලුණු
- කහ
- ගම්මිරිස්
- ළූණු
- අමුමිරිස්
- කිරි කෝප්පයක්
සාදාගන්නා ආකාරය:
- චිකන් සහ අල ලුණු සහ කහ දමා තම්බා ගන්න
- භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා ඉගුරැ, සුදු ළූණු,ළූණු, අමුමිරිස් තෙම්පරාදු කරන්න
- චිකන් කඩාවට කඩා එයට එකතු කරන්න
- අල පොඩි කර එකතු කරන්න
- චිකන් ස්ටොක් එක එකතු කරන්න
- නූඩ්ලස් එකතු කරන්න
- බිත්තර කුඩා කැබලිවලට කපා එකතු කරන්න
- අවසානයට කිරි එකතු කර රස අනුව ලුණු දමා ලිපෙන් බාගන්න.
චිකන් සලාද
සාදා ගන්නා ආකාරය:
අවශ්‍ය දේවල්:
- සලාද කොළ කෝප්ප 1ක්
- ලොකු ළූණු ගෙඩි 2 ක්
- මිදි කෝප්ප ½ ක්
- සැල්දිරි කෝප්ප 1ක්
- චිකන් බ්‍රෙස්ට් 1 ක්
- ලුණු සහ ගම්මිරිස් රස පදමට
- ඔලිව් තෙල් මේස හැඳි 3 ක්
- විනාකිරි මේස හැඳි 1 ක්
- මී පැණි මේස හැඳි 2 ක්
- සුදුළූණු පේස්ට් මේස හැඳි 1 ක්
- අබ පේස්ට් මේස හැඳි 1 ක්
- යෝගට් මේස හැඳි 2 ක්
සාදාගන්නා ආකාරය:
චිකන් බ්‍රෙස්ට් එක අඩු ගින්දරේ තම්බා ගන්න.
භාජනයකට ඔලිව් තෙල්,විනාකිරි,සුදුළූණු සහ අබ පේස්ට් දමා එකට කලවම් කරන්න
යෝගට් ද දමා නැවත කලවම් කරන්න
තම්බා ගත් චිකන් ලිපෙන් බා කටු ඉවත් කර කැබලි කපා ගන්න
ඔලිව් තෙල්වලින් බැද ගන්න
සලාද කොළ,සැල්දිරි,ළූණු සහ මිදි භාජනයකට අසුරා ගන්න.
ඒ මතට චිකන් දමා ඊට උඩින් යෝගට් මිශ්‍රණය දමාගන්න