බිරිඳගේ දරුණු රෝගී තත්ත්වයක් නිසා ඉතා සංවේදී වූ ජස්ටින් බීබර්

මාර්තු 16 වන බදාදා කොලරාඩෝ හි ඩෙන්වර් හි ප්‍රසංගයක් පවත්වන අතර ජස්ටින් බීබර් ඔහුගේ බිරිඳ ගැන රසිකයන්ට පැවසුවා.”ඔබගෙන් බොහෝ දෙනෙක් මගේ බිරිඳ ගැන ප්‍රවෘත්ති දන්නවා හෝ දැක ඇති. නමුත් ඇය හොඳින්, ඇයට දැන් හොඳයි, ඇය ශක්තිමත්.”

තාරුණ්‍යයේ ගායකයෙකු වූ විසි අට හැවිරිදි ජස්ටින් බීබර් විවාහ වී සිටින්නේ හේලි බීබර් සමඟ.ඇගේ මෑත කාලීන රෝහල්ගතවීම ගැනයි ජස්ටින් මෙසේ තම රසිකයන් සමඟ පවසා තිබුණේ.

“එය බියජනකයි, ඔබ දන්නවා, එය ඇත්තෙන්ම බියජනකයි. නමුත් දෙවියන් වහන්සේ ඇයව ඔහුගේ දෑතෙහි ආරක්ෂිතව තබාගෙන සිටින බවත් එය හොඳ දෙයක් බවත් මම ඇත්ත වශයෙන්ම දන්නවා”

ජස්ටින් බීබර් ඒ ගැන එසේ පවසා ඇත්තේ දැඩි සංවේදී බවකින්.

Justin Bieber

විසිපස් හැවිරිදි නිරූපිකාවක වන හේලි බීබර් “ආඝාතය වැනි රෝග ලක්ෂණයක්” අත්විඳීමෙන් පසු මාර්තු දහ වැනි බ්‍රහස්පතින්දා රෝහල් ගත කර තිබෙනවා. “මම මගේ සැමියා සමඟ උදේ ආහාරය ගනිමින් සිටියදී රෝග ලක්ෂණ ඇති වී රෝහලට ගෙන ගියා,” හේලි දින දෙකකට පසුව ඇගේ Instagram කතාව හරහා බෙදා ගත්තා.

එය හේලිගේ ජීවිතය තුළ ඇය අත්විඳි බරපතම සිදුවීමක් බව පවසන ඇය ඈ හොඳින් රැක බලාගත් රෝහල් කාර්ය මණ්ඩලයට ස්තූති කර තිබෙනවා.

“ඔවුන් පුදුමාකාරයි.ඔවුන්ට ස්තූතියි!!”

එසේ පවසන හේලි ඇයට සුවය ප්‍රාර්ථනා කළ සියලුම රසිකයන්ටත් ස්තූති කරන්නට අමතක කරේ නැහැ.

ජස්ටින් බීබර් තම ආදරණීය බිරිඳගේ අසනීපය නිසා දැඩි කනස්සල්ලට පත් වී ඇති අතර ඔහු ඇය නිවසට රැගෙන ආ පසු ඇය සමඟම කාලය ගෙවා තිබෙනවා.ඔහුට තම කනස්සලු තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ බවයි ආරංචි මාර්ග පවසන්නේ.

තමන්ගේ ජීවිතය තුළ අත නෑර යන්නට පිළිණ දුන් ජීවන සගයාට අසනීපයක් ඇති වීමත් එය යම් තරමක දරුණු එකක් වීමත් ඕනෑම ආදරවන්තයෙකු හෝ ආදරවන්තියක කම්පාවට පත් කරන්නට සමත් වන්නක්.ජස්ටින් බීබර්ට ද එය පොදු කාරණාවක්.

Had a dream, I was high
Holdin’ on to the sky
But I heard your voice and stopped myself from fallin’
There’ll be days, there’ll be nights…

Justin Bieber

2021 වසරේ ජස්ටින් මේ ගීය Hailey නමින් ගැයුවේ ද ඈ වෙනුවෙන්.දෙදහස් දහ අටේ විවාහ වී ආදරයෙන් ජීවත් වන මේ යුවලගේ ආදරයට ලේ කැටියක සිරවීම ඉතා නරක අවසානයක් ගෙන ඒයැයි බීබර් බයට පත් වන්නටත් ඇති.

තමන්ට කාලය සොයා ගත නොහැකි බව කියමින් බිරිඳගේ අසීරුම අවස්ථාවල පවා ඇය අසල නොරැඳෙන සැමියන් ගැන SmartLady ෆේස්බුක් සමූහයට ඕනෑතරමට නිර්නාමික පණිවිඩ ලැබෙනවා.සියල්ල ලැබුණත් ආදරය අහිමි ලෝකයක් ගැහැනියකට දරා ගැනීම බොහෝ අපහසුයි.මේ මොහොතේ සංදර්ශනවලට කාලය වැය කරමින් ජස්ටින් බීබර් කාර්යබහුල වූවානම් හේලිට ද මහත් ශෝකයක් දැනෙන්නට තිබුණා.

නමුත් ඔහු ඇය වෙනුවෙන් යාඥා කරන්නැයි රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.ඇය අසලම රැඳෙන්නට වග බලා ගන්නවා.ඇය ගැන කම්පාවට පත් වෙනවා.බිරිඳකට ඉක්මන් සුවය ලබන්නට එය හොඳටම ප්‍රමාණවත්.

Just remember that you‘re all I’ve ever wanted බීබර් එසේ ගයන්නේ Hailey ගීතයේ.අල්ලා ගත් අත ඔහු අසල සදාකල් රැඳීම පිණිස සුරූපි නිරූපිකාවට ඉක්මන් සුව ලැබේවා!

Related Articles

Don't Miss


Latest Articles