ඔබත් නොදැනුවත් කම නිසාම ඔබේ දරුවාගේ විනාශයට මුල් වූ මවක්ද?

නිශානි දරුවන් දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක්ඉතින් අගේ සම්පුර්ණ දිනයම වැඩ වලින් පිරී ඉතිරිලාදරුවන්ගේ වැඩනිවසේ වැඩඉවුම් පිහුම් මේ සියල්ල ඇය කිසිවෙකුගේ සහායකින් තොරව තනියම කරගත යුතු වූවාඉතින් දවසේ කාලයෙන් වැඩි වෙලාවක් තුලදී ඇගේ දරුවන් බලා ගැනීමේ ආයම්මා කාර්යය රුපවාහිනයට පැවරීමට ඇය තීරණය කර තිබුණාඋදේ සිට රාත්‍රී නින්ද තෙක් දේශීය විදේශීය නාලිකාවන්ගේ කාටුන් චිත්‍රපට නැරඹීමට දෙදරුවන් හුරු වූ නිසා ඇය මහත් පහසුවකින් තමන්ගේ ගෙදර දොරේ වැඩ කටයුතු නිම කර ගත්තාඒ අතර කෙටි විවේක කාලයන්ටද ඇයට කාලය තිබුණා.

දරුවන් කෑම කෑවෙත්සෙල්ලම් කලෙත් රූපවාහිනියට විටින් විට අවධානය යොමු කරමින්එසේ නොවන සෑම අවස්ථාවකම මහත් ඕනා කමින් ඒ දෙස බලා සිටියා .

ගැටලුව තවමත් කිසිවෙකු ගේ අවධානයට පාත්‍ර වුවේ නැහැවැඩිමහල් දරුවා පෙර පාසල් යාමේ කාලය පැමිණි අතර එහිදී රූපවාහිනියෙන් තොරව කිසිදු කටයුත්තක නිරත වීම ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවාමවු පියන්ගේ දෑස් විවර වීමට පටන් ගත් අතර අවසානයේදී දරුවන් දෙදෙනාම මානසික ප්‍රතිකාර සඳහා රැගෙන යාමට නිශානිට සහ සැමියාට සිදු වුණා.

ඒ වනවිටත් සිදු වී ඇති හානිය විශාලයිකතන්දර පොත් හෝ බාහිර ක්‍රියාකාරකම් වලින් අවම වූ දරුවන් ගේ පරිකල්පනය සේම අන් අය සමඟ සබඳතා ගොඩ නගා ගැනීමක්‍රියාශීලිත්වයසංවේදී බව ආදී සියල්ල රූපවාහිනිය විසින් විනාශ කොටදමා තිබුණා.

ඉතින් තමන්ගේ දරුවන් ගෙන් මඳකට නිදහස් වීමේ අහිලාශයෙන් තම දරුවන්ව රූපවාහියට යොමු කරවන මවු වරුන් බොහෝ දෙනෙක් සිටිනවාඉතින් දෙවරක් නොව බොහොවාරයක් සිතීමෙන් සහ නිවැරදිව සැලසුම් කිරීමෙන් එදිනෙදා කටයුතු සඳහා දරුවන්ගේ කාලය සොරා නොගෙන විද්‍යුත් ආයම්මා කෙනෙකුට දරුවන් බාර නොදී තම වගකීම නිසි ලෙස අවබෝධයෙන් ඉටු කිරීමට ඔබ වග බලා ගන්න .

Related Articles

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -233

අද විශේෂ දවසක්. ඔබ එක්ක මගේ ජීවිත කතාව මේ අවුරුද්ද පුරා මම බෙදාගත්තා. අනේක හැලහැප්පීම් කඩාවැටීම් නැගීසිටීම් දරාගැනීම් එක්ක ආපු මගේ ජීවිතබ්කතාවේ...

නිබ්බුත ගීත -30

මල්ලී හා මා අතරේ වසර තුනක පමණ වයස් පරතරයක් වේ. ඒ නිසා මා කුඩා කල පවා මට ඔහු දැනුණේ කුඩා දරුවෙකු සේ...

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...