ඔබේ නිවසත් කසල ගොඩක් වෙලාද? අළුත් විසදුමක් සොයමුද?

අප නිවසේ එදිනෙදා මෙන්ම දිගුකාලීනව එකතු වෙන කසළ කියන්නේ අපට මහත් ගැටළුවක්.පසුගිය දිනවල පැවති කසළ පිලිබඳ කතිකාවන් සියල්ලම කසළ ගොඩට එකතු වී අවසන්.එහෙත් සමාජයක් විදියට අපට අපගේ කාර්ය භාරයන්ගෙන් පළා යා හැකිද ?මවක ගෘහණියක ලෙස අප අපගේ කසල කළමනාකරණය කිරීම අවම මට්ටමින් හෝ සිදුකිරීම අතිශයින්ම ඵලදායි වෙනවාඉතින් අප ආරාධනා කාරන්නේ ඔබේ කොටස ඔබ ඉටුකිරීමට සුදානම් වන්න කියායි.

මවක ගෘහණියක ලෙස ඔබ දෙන ආදර්ශය දරුවන් ඉක්මනින්ම දායාද කොට ගනීවි.

වෙළඳ පොලට යනවිට මල්ලක් රැගෙන යන්න

සමහර විට ඔබේ නිවසත් සිලි සිලි මලු වලින් පිරී ඉතිරුණ එකක් විය හැකියිමේ මගින් වන හානිය නැවත නැවත මතක් කර දිය යුතුවත් එය ඔබ නොදන්නේවත් නොවෙයි.ප්‍රධානම දෙය මේ මලු තොගය අවම කරගැනීම වෙනුවෙන් කරදර වීමට ඇති අපේ කම්මැලිකම.එයයි මහා පාරසරික විනාසයක් බවට පෙරලෙන්නේ

ඉතින් වෙළඳ පොලට යනවිට මල්ලක් රැගෙන යාමෙන් දිනපතා ඔබේ කසළ ගොඩට එකතුවන පොලිතින් මලු ප්‍රමාණයෙන් සෑහෙන්න කොටසක් අඩුවෙනු නිසැකයි .

පොලිතින් බෑග් නැවත භාවිතා කරන්න.

නිවසට ගෙනෙන පොලිතින් මලු සෝදා වේලා මනාව අසුරා තැබීමෙන් ඔබට අවැසි වෙලාවට භාවිතා කිරීමට හැකියාව තියෙනවා .

පාන් බනිස් දමන්න වෙනම බෑගයක් තබා ගන්න

බොහෝ විට අප කඩෙන් හෝ ජංගම රථ වලින් පාන් බනිස් වැනි දෑ මිලදී ගැනීමට යාමේදී බෑගයක් රැගෙන යන්නේ නැහැවෙනම බෑගයක් ඒ සඳහා තබා ගැනීමෙන් පොලිතින් බෑග රැසක් භාවිතය අවම වනවා.

මාළු මිලදී ගැනීමට බඳුනක් ගෙන යන්න

නිවාස අසලටම පැමිණෙන මාළු වෙළෙන්දන් තවමත් සුලබ දසුනක්.එවැනි අවස්තාවක භාජනයක් රැගෙන යාමෙන් පොලිතින් භාවිතා නොකර සිටිය හැකියි .ඒ විතරක් නෙවෙයි වෙළඳ පලෙන් මස් මාළු මිලදී ගන්නට යාමේදී හොඳින් පියන වැසෙන බඳුන් දෙකක් රැගෙන යාමද ඔබට කල හැකි දෙයක්.

අත් බෑගයේ මල්ලක් දමාගෙන යන්න

රැකියාවට යාමේදී හෝ නිවසින් පිටවන විට මල්ලක් රැගෙන යාමෙන් හදිසි අවශ්‍යතාවකදී භාවිතයට ගැනීමේ හැකියාව තිබෙනවා.පසුම්බියක් ලෙස හකුලා තබා ගත හැකි විසිතුරු බෑගයක් හෝ ඔබ විසින්ම නිම කරගත් බෑගයක් මේ සඳහා යොදා ගත හැකියි.

ලන්ච් ෂීට්ස් වලින් දුරු වෙන්න

කෑම රැගෙන යාමට සෞඛ්‍යාරක්ෂිත කෑම බහාලුමක් භාවිතා කරන්නට හුරුවෙන්න .එලෙස කෑම බහාලුම් කිහිපයක් වරින් වර භාවිතා කිරීම සඳහා නිවසේ තබාගන්න.

කසළ වෙන වෙනම බැහැර කරන්න

මෙලෙස වෙන වෙනම කසළ බැහැර කිරීම මගින් ඔබට අමතර ආදායමක්ද උපයා ගත හැකියි.කඩදාසි ප්ලාස්ටික් වැනි දෑ අලෙවි කිරීම මඟින් මෙන්ම කුස්සියෙන් ඉවත් කරන ආහාරමය දිරා යන ද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් සාදා ගත හැකියි .

– චම්මි –

Related Articles

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...