Fried Pineapple rings හදල බලමු

අන්නාසි කන්න කවුද අකමැති? ලොකු කුඩා කවුරුත් අන්නාසි කන්න හරිම කැමතියි. සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරට ගිය මෙම ක්‍රමයට අන්නාසි හැදුවොත් පොඩ්ඩො පමණක් නොව වැඩිහිටියොත් ඉතාමත් කැමති වේවි. Fried pineapple rings හරිම ලේසියෙන් හදන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සාමාන්‍ය ප්‍රමාණයේ අන්නාසි ගෙඩියක්
  • පාන්පිටි කෝපයක්
  • බිත්තරයක්
  • මිරිස් කුඩු තේ හැඳි බාගයක්
  • ගම්මිරිස් කුඩු අවශ්‍ය තරම
  • රස අනුව ලුණු
  • කිරි කෝප්ප බාගයක්
  • තෙල්

සාදන ආකාරය :

අන්නාසි ගෙඩිය සුද්ද කර මැද නාරටිය ඉවත්කර රවුම් ආකාරයට කපාගන්න. විනාඩි දෙකක් පමණ එම අන්නාසි කැබලි  ශීතකරණයේ තබා එළියට ගන්න. පාන්පිටි, බිත්තර, කිරි, ගම්මිරිස් කුඩු, ලුණු ආදී සියල්ල එකට දමා හොඳින් මිශ්‍ර කර උකු ද්‍රාවණයක් සාදා ගන්න. අන්නාසි කැබලි බැටරයේ හොඳින් තවරා රන්වන් පාට වන තුරු ගැඹුරු තෙලේ බැද ගන්න.

කැමති නම් මෙම මිශ්‍රණයට හීනියට කපාගත් පාස්ලි කොළ හෝ කරපිංචා කොළ ස්වල්පයක්ද එක් කිරීමෙන් වැඩි රසයක් එක් කල හැකියි. විශේෂ උත්සවයකට, උපන්දින සාදයකට වගේම තේ වේලාව රසවත් කරන්නත් Fried pineapple rings ඔබට අනිවාර්යයෙන්ම උපකාරීවේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles