මේ කියන්නට යන කතාව මගේ ජීවන අත්දැකීමක් මත ඔබට කියන කතාවක්.ජීවිතයේ මුහුණ දුන් සියලුම දෑ ඔබ සමග බෙදා ගන්න නිසා මම මේ කතාව ඔබට කියන්නට සිතුවේ.මෙවැනි කාරණා පිළිගැනීම හෝ පිළිනොගැනීම ඔබේ පෞද්ගලික තීරණය වන හෙයින් මේ ඔබට ගුප්ත විද්‍යාව වෙනුවෙන් පෙම් ඇති කරන කතාවක් නොවන වග කරුණාවෙන් සිහිපත් කර සිටිනවා.
මෙහෙණි ආරාමයේ එක්තරා තරුණියක් ජීවත් වුණා.ඇයට වරමක් තිබූ අතර ඒ සම්බන්ධ සියලුම කටයුතු කළේ බුදුගුණ ආශ්‍රිතවයි.මගේ උගුරේ ආබාධ සම්බන්ධයෙන් පූජාවක් කිරීමට ඇය කටයුතු කළා.ඒ පූජාව කිරීමට සූදානම් කළ දිනයේ උදෑසන ඇය අප කිහිපදෙනෙක් බුදු මැදුරේ වාඩි කරවා වැඳගන්නට යැයි පැවසුවා.අප නියම කළ ඉරියව්වෙන් ඉඳගත් පසූ පැය දිගින් දිගටම බුදුගුණ ගාථා කියන්නට වුණා.
“ඇඟිලි වල වෙනසක් තියෙනවා නම් කියන්න “
ඇය ඒ අතර අපට පැවසුවා.සුදාරකගේ වැඩිමහල් නැගණිය ඇයට මේ කටයුතු කිරීමට බියක් ඇති බව පවසා නැගී සිටියා.අපි දිගටම පූජාවට සහභාගි වුණා.මොහොතේ පවා මට මේ පූජාව ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නම් නැහැ.මම ඉතාමත් හොඳ සිහියෙන් ඒ පූජාවට සහභාගි වුණා.ඒ කාමරයේ බුදු පිලිමය තිබුණේ වම් අත පැත්තට වන්නටයි.පූජාව අතරතුර කවුරුන් හෝ මගේ බෙල්ල බුදුපිළිමය පැත්තට කරකවන ගතියක් මට දැනෙන්නට වුණා.ඉතාමත් හොඳ සිහියෙන් සිටින නිසා මම ඒ වන්නේ කුමක්දැයි විමසිලිමත් වන්නට පටන් ගත්තා.
“ඔයා කවුද? ඇයි ආවෙ? ඔයාව කවුද එව්වෙ?
වැනි ප්‍රශ්න අර තරුණිය මගෙන් විමසන්නට පටන් ගත්තා නමුත් මම කිසිවකට මගේ මුවින් පිළිතුරු දුන්නේ නැහැ.එහෙත් තරුණිය නොදන්නා නොපෙනෙන කෙනෙකු සමඟ මා දෙස බලමින් සංවාදයක් ගොඩනඟා ගත්තා.
“ඔයාට යන්න මොනවද ඕනි?”
මෙවැනි ප්‍රශ්න නගමින් සිටියදී මගේ සිතිවිලි කැරකුණේ සුදාරක වටා පමණයි.පිළිබඳ අප්‍රමාණ ලෝබකමක් මට දැනෙමින් තිබුණු බව මට තේරුම් ගියා.මම මනසින් රෝහලටත් ආපහු පන්සලටත් වේගයෙන් දුවන බව මට දැනෙන්නට පටන් ගත්තා.මෙය මට කාරණය කරගන්නට බැරි සිතුවිල්ලක් බවට පත්වුණා.මම එක්වරම කෑගසා හඬන්නට පටන් ගත්තා.
ඒ කිසිවක් ම මා අවසිහියකින් හෝ පරල වීමකින් සිදු කළේත් නෑ.නමුත් මට මා පාලනය කරගත නොහැකි බව මට වැටහෙන්නට පටන් ගත්තා.මගේ බෙල්ල අල්ලා ගන්නා ලෙස සහෝදරියන්ට දන්වන්නට අර තරුණියට සිදුවුණා.මේ සම්පුර්ණ සිදුවීම සිදුවූයේ ආරාමය තුළයි.
“ස්වාමි පුරුෂයාට කුමක් හෝ බන්ධනයක් කවුරුහරි සිදු කරලා තියෙනවා.බැඳ ඇති ආත්මය ආවේ ඔයාගේ ඇඟට.නමුත් ඔයා ඒ ආත්මයට කතා කරන්නට ඉඩ දුන්නේ නැහැ.ඔයාගෙ ආත්මය ඒ ආත්මය පරදවා හිටියා.ඔයා පොඩ්ඩක් ඉඩ දුන්නනම් ඒ ආත්මය බැඳ දැමූ අය ගැන සම්පූර්ණ විස්තර දැනගන්නට ඉඩ තිබුණා.”
මට ඔවුන් එවැනි දෙයක් පැවසුවා.
අවසානයේ ආත්මය විවිධ මාංශ වර්ග,මත්ද්‍රව්‍ය එක් එක් ආකාරයෙන් සකසා බත් පාර්සලයක් ඉල්ලා සිටියා.එය පිළිගෙන යන්නට යන බවත් පැවසුවා. පූජාවේ එදිනම කළ යුතු බවයි ඔවුන් පැවසුවේ.නමුත් එය පූජාවේ එදිනම කරන්නට අපහසු බව අපිට වැටහුණා.අනිත් අතට එයට ඉතා විශාල වියදමක් ද දරන්නට සිදු වෙනවා.
“අනුරාධා නෝනා මට ඔයා ගැන හරි දුකයි.අපි මේ ආරාමය ඇතුලෙ කිසිම පුළුටු ද්‍රව්‍යයක් පාවිච්චි කරලා නැහැ.ඒ උනාට මම නෝනා වෙනුවෙන් ඕනෑම දෙයක් මේ ආරාමය තුළ කරනවා.අපි ඔය පූජාව කරමු.කැමති විදිහකට ඒක කරන්න.නෝනට මේ පූජාව කරගන්න ඉඩ දීමෙන් ම මං කරගන්නේ විශාල කුසල කර්මයක් මට විශ්වාසයි.මට පවක් සිද්ධ වෙන්නේ නෑ”
සම්පූර්ණ පූජාව පවත්වන්නට මෙහෙණින් වහන්සේ ගෙන් ඉඩ ලැබුණේ අන්න ඒ ආකාරයෙන්.
මට නැවතත් පවසන්නට තිබෙන්නේ ඔබ මේ කිසිවක් ම පිළි නොගන්නට ඉඩ තිබෙනවා.ඒ වගේම මෙවැනි අත්දැකීම් ලැබූ අයද මගේ පාඨක ඔබ අතර ඉන්නට පුළුවන්.ඔබ හැම දෙනෙකුටම කියවන්නට පූජාවේ ඉතාම පුදුම සහගත සිදුවීම ගැන මම හෙට ඔබට කියන්නම්.