වෙන් වී ගිය ආදරවන්තයා අමතක කර ඔබේ හිත ශක්තිමත් කර ගන්නෙ මෙහෙමයි

කෙනෙකු සමග මිත්‍රත්වය හෝ ආදරය බිඳී යාම පහසුවෙන් හිත හදාගත හැකි කාරණාවක් වන්නේ නැහැ.ඒ මිතුරාට හෝ පෙම්වතාට අපි තවදුරටත් ආදරය කරනවා නම් අපට ඒ සම්බන්ධයෙන් ඉවත් වීම කිසිසේත්ම පහසු වන්නේ නැහැ.අපව අමතක කර ඈතට ගිය පුද්ගලයන් අපේ ජීවිතයෙන් ඉවත් කරන්නේ කොහොමද? පැරණි මතක වල ගිලෙමින් නොසිට ජීවිතය සතුටින් ගත කරන්නේ කොහොමද?මේ අපට නිතර ඇතිවන ප්‍රශ්නයක්.එනිසා අද අපි ඔබ එක්ක ඒ ගැන කතා කරන්න හිතුවා.

1.සබඳතා බිඳ දමන්න 

ඔහුගේ හෝ ඇගේ දුරකථන අංකය දුරකථනයෙන් ඉවත් කිරීම අහ අවහිර කිරීම  ,සමාජ මාධ්‍ය ගිණුම් වලින් කර දැමීම ඔබට කරන්න පුළුවන්.සමහරවිට අනාගතයේ දී නැවත මිතුරන් වන්නටත් පුළුවන් නමුත් මේ මොහොතේ සබඳතා පැවැත්විය හැකි සියලුම මාර්ග  බිඳ දැමීම ඔබට පහසුවක් වේවි.

  1. නැවත පැමිණීමේ බලාපොරොත්තු අත හරින්න 

කිනම් මොහොතක හෝ ඔහු නැවත පැමිණේයැයි බලාපොරොත්තු වීම ඔබ පීඩාවට පත් කරන්න.නිසා ඒ සම්බන්ධ සිහින දැකීම හෝ ගැන බලාපොරොත්තු තැබීම නවතා දමන්න.

“මම දැන් එතනින් ඉවත් වී අවසන්.වෙනත් සම්බන්ධයක් සමඟ ඉදිරියට යාම කළ යුතුමයි”

ඔබ ඔබටම එසේ පවසා ගන්න.

3.ලිපියක් ලියන්න.

ඔබ අතැර ගිය පෙම්වතාට ලිපියක් ලියන්න.ඒ මතක ඔබට මොන තරම් රිදවනවා දැයි ලියා තබන්න.නමුත් කිසි දිනක එය ඌ වෙත යවන්නට එපා.මේ හැඟීම් ලියා තබන්නට පමණක් එය භාවිතා කරන්න.

4.මතක අමතක කරන්න

ඔබ අතර හුවමාරු සියලුම පණිවිඩ මකාදමන්න.පටිගත කළ දුරකථන ඇමතුම් සහ ඡායාරූප කිසිවක්ම ළඟ තබා ගන්නට එපා.සෑම මතකයක්ම මකා ඉවත් කරන්න. සම්බන්ධයෙන් සදහටම සමු ගැනීමක නොව  යම්  විරාමයක ඔබ දෙදෙනා පසුවන බව  ඔබ සිතනවා නම් සියලුම මතක දැමීමට ඔබ කැමති නැතුව ඇති.ඒ නම් ඒවා Hard drive එකක තැන්පත් කර ඔබේ මිතුරෙකුට ලබාදෙන්න.සම්බන්ධය යළි නොඇරඹුණහොත් ඒ සියල්ල විනාශ කර දමන්නට මිතුරාට උපදෙස් දෙන්න.පුද්ගලිකත්වය සම්බන්ධ ගැටලු ඇතිවිය හැකි නිසා දෙවැන්නක් ලබාදිය යුත්තේ ඔබේ අති සමීපතම මිතුරෙකු ට පමණයි.

  1. මතක ගිනි තබන්න.

ඔබ හුවමාරු කරගත් ලිපි සහ මතක ගිනි තබා විනාශ කරන්න.ත්‍යාග විනාශ කර දමන්නට ඔබ අකමැති වෙන බව අපි දන්නවා.ඒවා අත්‍යවශ්‍ය කෙනෙකුට ලබා දෙන්න.ඊට ඔබේ හිතට සහනයක් දැනේවි 

6.සමාව දී අතහරින්න 

ඔබ දරුණු රැවටීමට ලක් වී සිටිනවා නම් මේ මොහොතේ ඔබ හිදින්නේ විශාල කෝපයකින් වෙන්නට පුළුවන්.නමුත් ඒ කෝපය අත් හැර දමන්න.ඕනෑම කෙනෙකු අතින් වැරදි සිදු වන බව අවබෝධ කරගන්න.ඔබේ සිතට පීඩාවක් නොමැතිනම් ඒ පුද්ගලයාගේ හොඳ සම්බන්ධයෙන් සිහි කරන්න.නරක අමතක කරමින් යහපත සිහි කිරීම ඔබට කෝපය අමතක කරන්නට හේතුවක් වේවි.කාලයත් සමඟ ඔබට ඔහු සම්බන්ධයෙන් හැඟීම් විරහිත වන්නට මෙය සාර්ථක ක්‍රමයක් වෙනවා.

7.ඔබට දොස් නගන්නට එපා 

සමහරවිට වරද කරන්නට ඇත්තේ ඔබ වන්නට පුළුවන්.නැතිනම් ඔහු වරදට පෙළඹුණේ ඔබේ යම් ගැටලුවක් නිසා බව ඔබ සිතන්නට පුළුවන්.ඒ දේ සිතමින් ඔබටම චෝදනා කිරීම නවතා දමන්න.ඔබට හැකි උපරිමය කර අවසන්.කළ යුත්තේ අතීතෙන් මිදීම පමණයි.අතීතයට ගොස් සමහර දේවල් වෙනස් කළ හැකිද සිතමින් තැවීම අනවශ්‍ය දෙයක්.

8.උපදේශනය ලබා ගන්න.

ඔබ හිඳින්නෙ ඔබට පාලනය කරගත නොහැකි මට්ටමක බව සිතෙනවා නම් ඔබ මනෝ උපදේශනය ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඇතැම්විට එය ළඟම මිතුරෙකු සමග කතාබහක් විය හැකියි.නමුත් ඒ නොසෑහෙන බව වැටහේ නම් වෘත්තීය උපදේශනය අනිවාර්යෙන් ලබාගන්න.ඔබ හිඳින තැනින් ඔබට පිටතට එන්නට ලොකු පිටුවහලක් වේවි.

9.ජීවිතය වෙනස් කරගන්න  

ඔබට ඔබ සිටින බව අවබෝධ කරගන්න.ඔබ කැමතිම දේවල් කරන්න.ඔබේ පවුල සහ මිතුරන් සමග කාලය ගත කරන්න.අනිව කුඩා චාරිකා වල යෙදෙන්න.ඔබට සතුටුයිද වන ඕනෑම දෙයක් කරන්න.ඇත්තටම ඔබ ශක්තිමත් බව ඔබටම වටහා දෙන්න.අධිෂ්ඨානශීලී බව සහ ධෛර්යය මත ඔබට කළ නොහැක්කක් නැති බව සෑම විටම සිතන්න.නව මිතුරන් ඇති කර ගැනීම ද වැදගත්.ඔබේ පැරණි සම්බන්ධය ගැන ඔබට නිතරම  සිහිපත් කරන මිතුරන් සිටිනවා නම් ඔවුන්ගෙන් මඳක් ඈත් වන්න.සෑම විටම ඔබේ කවය ඔබට පහසු එකක් බවට පත් කරගන්න

10.නව සබඳතාවයකට යොමු වන්න.

කාලය ඔබව සුවපත් කර ඇති බව වැටහෙන දිනක නැවත ආදරය කරන්නට ඔබට පුලුවන්.නමුත් ඒ ඔබ සහමුලින්ම සුව වූ පසුව බව අමතක කරන්න එපා.බිඳී ගිය කෙනෙකු සේ තවත් කෙනෙකුට ළං වීම ඔබව තව තවත් අවුලට පත් කරන්නට පුළුවන්.ඒ නිසා ඔබ සූදානම් බව හැඟෙන තුරු ඉවසන්න.

සබඳතාවයක් බිඳී ගිය පමණින් ජීවිතය අවසන් වන්නේ නැහැ.සෑම සමුගැනීමක් ම අලුත් ආරම්භයක් බව අමතක කරන්න එපා.හඬමින් තැවෙමින් නොසිට ජීවිතය දෙස සෑම මොහොතකම සතුටින් බලන්න. 
 

Related Articles

Don't Miss


Latest Articles