උදේ ආහාර වේල මගහැරීම ඔබට කොයිතරම් හානිකරද හරියට දැන ගන්න!

උදේ ආහාරය දවසේ වැදගත්ම ආහාර වේල ලෙස බොහෝ දෙනා විශ්වාස කරයි.  උදෑසන ආහාරය මඟ හැරීම සෞඛ්‍යයට අහිතකරද? නව පර්යේෂණවලින් පෙනී යන්නේ මෙය අප බොහෝ දෙනා විශ්වාස කරන තරම් නරක නොවන බවයි. මෙම ලිපිය තුළ, අපි උදේ ආහාරය පිළිබඳව සහ එය මඟ හැරීම ශරීරයට ඇත්තෙන්ම හානිකරද යන්න පිළිබඳව ගැඹුරින් සොයා බලමු.

උදෑසන ආහාර යනු “උපවාසය බිඳ දැමීම” ( Break the fast ) යන්නයි. රැයක් ආහාර නොගැනීමෙන් පසු දවසේ පළමු ආහාර වේල එයයි.

1960 ගණන් වලදී ඇමරිකානු පෝෂණවේදියෙකු වන ඇඩෙල් ඩේවිස් විසින් තරබාරුකමෙන් මිදීමට උදෑසන ආහාරය රජෙකු මෙන් ද දිවා ආහාරය කුමාරයෙකු මෙන් ද රාත්‍රී ආහාරය දුප්පතෙකු මෙන් ද අනුභව කළ යුතු බවට යෝජනා කිරීමෙන් පසු 1960 ගණන් වලදී උදෑසන ආහාරය දවසේ වැදගත්ම ආහාර වේල බවට පත් විය.

එක්සත් ජනපදයේ මිනිසුන්ගෙන් 15% ක් පමණ නිතිපතා උදෑසන ආහාරය මග හරින නමුත්, බොහෝ දෙනෙක් තවමත් එය දවසේ වැදගත්ම ආහාරය ලෙස විශ්වාස කරති. උදේ ආහාරය ශරීරයට වැදගත් පෝෂ්‍ය පදාර්ථ ලබා දෙයි. දවස ආරම්භ කිරීමට ශක්තිය සහ පෝෂණය ලබා දේ. බොහෝ අය විශ්වාස කරන්නේ එය බර අඩු කර ගැනීමට උපකාරී විය හැකි බවයි.

නමුත් ඇත්තටම දවසේ වැදගත්ම ආහාරය උදේ ආහාරයද?

පෝෂණය පිළිබඳ බොහෝ ගැටලු මෙන්ම, මේ සඳහා පිළිතුර ද සංකීර්ණ වේ. උදෑසන ආහාරය මඟහැරීම හානිකර නොවන බව සමහර පර්යේෂණයන් පෙන්වා දෙන අතර, තවත් පර්යේෂණයන් යෝජනා කරන්නේ එය එසේ නොවන බවයි.

උදෑසන ආහාරය ඇතුළුව නිතිපතා ආහාර සහ කෙටි ආහාර අනුභව කිරීම, ශරීරයට ප්‍රශස්ත ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය සහ පෝෂ්‍ය පදාර්ථ ලබා දීමට දවස පුරා වැඩි ඉඩක් ලබා දේ.

කෙසේ වෙතත්, වෙනත් ආහාර වේල්වලදී පුද්ගලයෙකුට තම පෝෂ්‍ය පදාර්ථ සරිලන සේ ගත හැකි තාක් කල්, උදෑසන ආහාරය දවසේ වඩාත්ම තීරණාත්මක ආහාරය නොවන්නට පුලුවන්.

උදේ ආහාරය ගත්තම මොකද වෙන්නෙ?

2021 නිරීක්ෂණ අධ්‍යයනයක විශ්වාසදායක මූලාශ්‍රයකින් හෙළි වූයේ සතියකට හත් වතාවක් උදේ ආහාරය ගන්නා අයට පහත අවදානම් අඩු වන බවයි:

හදවත් රෝග
දියවැඩියාව
තරබාරුකම
අධි රුධිර පීඩනය
ආඝාතය
උදරය ඒම
හෘද වාහිනී ආශ්‍රිත මරණය
කොලෙස්ටරෝල් වැඩි කිරීම

එහෙත් මීට විරුද්ධව අදහස් දක්වන අය මෙම විශේෂිත අධ්‍යයන කණ්ඩායමට යෝජනා කරන්නේ උදේ ආහාරය ගන්නා අයට ඉහත සඳහන් කළ හෘද වාහිනී සහ පරිවෘත්තීය රෝග සඳහා ඇති අවදානම අඩු විය හැකි බවයි. නමුත් එයට හේතුව උදේ ආහාරය බව ඔප්පු කළ නොහැක.

කෙසේ වෙතත්, උතුරු ඇමරිකානුවන් 30,000 කට අධික සංඛ්‍යාවක දත්ත විශ්ලේෂණයකින් පෙන්නුම් කරන්නේ උදෑසන ආහාරය මඟහරින පුද්ගලයින්ට වැදගත්ම පෝෂ්‍ය පදාර්ථ අහිමි විය හැකි බවයි.

උදෑසන ආහාරය මඟහරින අයට වඩාත් මග හැරෙන පෝෂ්‍ය පදාර්ථ

ෆෝලේට්
කැල්සියම්
යකඩ
විටමින් A
විටමින් B1, B2, B3
විටමින් C
විටමින් D.

උදෑසන ආහාරය මඟහරින අය ආහාර ගැනීමෙන් පසු එක්වරම රුධිර ග්ලූකෝස් මට්ටම්වල විශාල ඉහළ යාමක් අත් විඳිති. පෙර කී අධ්‍යයනයේ පර්‍යේෂකයන් යෝජනා කළේ අපගේ ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසුව (biological clock) නියමිත වේලාවට ක්‍රියාත්මක වීමට උදේ ආහාරය ගැනීම අත්‍යවශ්‍ය බවයි.

උදෑසන ආහාරය මඟ හැරීම බර වැඩිවීමට හේතු වේද?

මාස 4ක් පුරා සිදු කරන ලද තවත් සසම්භාවී පාලන අත්හදා බැලීමකදී බර අඩු කර ගැනීමේදී උදෑසන ආහාරය මඟ හැරීම පිළිබඳ පර්‍යේෂණයක් සිදු කර තිබේ.   මෙහිදි නිදහස් ජීවන පරිසරයක බර අඩු කර ගැනීමට උත්සාහ කරන අධික බර හෝ තරබාරුකම ඇති වැඩිහිටියන් 309ක් යොදා ගැණුනි.

අධ්‍යයනය අවසානයේදී, පර්යේෂකයන් නිගමනය කළේ උදේ ආහාරය නොගැනීම හා සලකන විට උදෑසන ආහාරය බර අඩු කර ගැනීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති නොකරන බවයි.

කෙසේ වෙතත්, මෙම පර්‍යේෂණවලට සීමාවන් ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. ඒවායෙහි පරිභෝජනය කරන ලද ආහාර වර්ග ඇතුළත් කර නොතිබූ අතර, අධ්‍යනයන් ඉතා දිගු කාලයක් නොතිබුණි. මීට අමතරව, පර්යේෂකයන් උදේ ආහාරය මඟ හැරීමේ දිගුකාලීන බලපෑම් තීරණය කිරීම සඳහා අමතර අධ්‍යයනයන් අවශ්‍ය බව සඳහන් කළහ.

සිත්ගන්නා කරුණ නම්, තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ උදේ ආහාරය මඟ හැරීම ඇත්ත වශයෙන්ම මුළු දෛනික කැලරි ප්‍රමාණය කැලරි 252 කින් අඩු කළ හැකි බවයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් සඳහන් කළේ, ඕනෑම ආහාර වේලක් මඟ හැරිය විට එය සමස්ත ආහාරයේ ගුණාත්මක භාවය අඩු කරන බවයි.

ඒ අනුව උදෑසන ආහාරය බර වැඩිවීමට සම්බන්ධ වන බවට කිසිදු ප්‍රබල සාක්ෂියක් නොපෙනේ.

ඔබ උදේ ආහාරය ගත යුතුද?

උදෑසන ආහාරය අපගේ ශරීරයට පෝෂ්‍ය පදාර්ථ වලින් පෝෂණය කිරීමට අවස්ථාව ලබා දෙන බැවින් එය වැදගත් ආහාර වේලක් වේ. කෙසේ වෙතත්, මෑත අධ්‍යනයන්ට අනුව, එය දවසේ වැදගත්ම ආහාරය නම් නොවිය හැකිය.

ඔබ උදෑසන කුසගින්නෙන් අවදි වුවහොත් උදෑසන ආහාරය ගැනීම ඉතා වැදගත් වේ. එහෙත් ඔබ කාර්යබහුල වී එක් දිනක් උදෑසන ආහාරය මඟ හැරියහොත්, වරදකාරි හැඟීමක් ඇති කරගැනීමත් අවශ්‍ය නැත.

ඔබ පුරුද්දක් ලෙස උදේ ආහාරය මඟහරිනවා නම්, වෙනත් ආහාර වේල්වලදී ඔබේ පෝෂණ ප්‍රමාණය ප්‍රශස්ත කරන බව සහතික කර ගන්න.

වැදගත් වන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කරන අතරම ඔබට වඩාත් ගැලපෙන ආකාරයෙන් ආහාර ගැනීම සහ ඔබේ අනෙකුත් ආහාර වේල් වලදී ඔබේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීමයි. ඔබේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම ඔබට අභියෝගයක් නම්, ලියාපදිංචි පෝෂණවේදියෙකු සමඟ කතා කර ගැටලු විසඳා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles