කුඩා ගේබ්ගේ පියා ඔහුව සහ ඔහුගේ මව වූ ඔෆීලියාව හැර යන විට ඔහුට වයස මාස නවයක් පමණයි.එදින සිට ඔෆීලියා ගේබ්ව ආදරයෙන් රැක ගත්තා. ඇය තම පුතාගේ මූලික අවශ්‍යතා සපුරාලීමට දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩ කළා.
වසර ගණනාවක් පුරා, ඔෆීලියා ගේබ්ව කාරුණික, ආචාරශීලී සහ බුද්ධිමත් කුඩා පිරිමි ළමයෙකු ලෙස ඇති දැඩි කළා. ඇය ඔහුට බොහෝ සෙනෙහසින් හා උතුරා යන මව් සෙනෙහසකින් සැලකුවා, ඔහුට ඔහුගේ ජීවිතයේ කිසි දිනෙක පියෙකු අවශ්‍ය නොවූයේ ඔහුගේ මව ඔහුට අවශ්‍ය සෑම දෙයක්ම වූ බැවින්.
කෙසේ වෙතත්, ගේබ්ට වයස අවුරුදු හතරක් වන විට දිනක් ඔෆීලියා හදිසියේම අසනීප වුණා.. ඇය රැකියාව නිම වී නිවසට පැමිණ ඇඳේ වැතිරුණේ මහන්සියෙන්. ඇය ඔවුන්ගේ අසල්වැසි සිල්ලර වෙළඳසැලේ මුදල් අයකැමියෙකු ලෙස සේවය කළා.
“මොකද අම්මේ අවුල?” ගේබ් ඇසුවේ ඇය යහන මත ඇද වැටුණු පසුවයි. “ඔයාට මහන්සිද?” ඔහු ආදරයෙන් විමසුවා.
“මට එච්චර සනීප නෑ පැටියෝ. අම්මට ටිකක් විවේක ගන්න ඕනේ” ඔෆීලියා පිළිතුරු දුන්නේ දෑස් පියාගෙන.
මුලදී, ඔෆීලියා වෙහෙසට පත්ව සිටින බව ගේබ් සිතුවා, එබැවින් ඔහු තම ප්‍රියතම බ්ලැන්කට්ටුව අතට ගෙන එයින් තම මව ආවරණය කළේ හරිම ආදරයෙන්. “මම ඔයාට ආදරෙයි අම්මේ. ගුඩ්නයිට්” ඔහු යහන ඉදිරිපිට බිම වාඩි වී රූපවාහිනිය නරඹමින් අම්මාට එසේ පැවසුවා.
එසේ ඉන්නා විට ටික වේලාවකට පසු, ඔහු බිම නිදාගෙන ඇති බව ගේබ්ට වැටහුණා. අවදි වී ඔහු දෑස් විවර කළ විට තම මව බිම සිටින අන්දම දැක තිබුණා.”අම්මා!” “අම්මා! නැගිටින්න!” ඔහු බියට පත්ව මොර දුන්නා.
ගේබ් තම මව අවදි කිරීමට කිහිප වතාවක්ම උත්සාහ කළ නමුත් ඇය අවදි වී නැහැ.නරක දෙයක් සිදුවී ඇතැයි බියෙන් ඔහු හඬන්නට වුණා. “අම්මේ, නැගිටින්න!” ඇගේ හද ගැස්ම ඇසීමට ඔහු ඇගේ පපුවට තම මුහුණ තදකරමින් හඬා වැලපී තිබුණා.
තම මව හුස්ම ගන්නා බව ඔහුට වැටහුණු විට, ඔහු ඉක්මනින් නැඟිට තම මවගේ දුරකථනය සොයා ගැනීමටඇගේ බෑගය අදින්නට වුණා. ඉන්පසු ඔහු 911 ට කතා කළා.
මේ 911, ඔබේ හදිසි අවස්ථාව කුමක්ද?” එසේ ඇසෙද්දීම ගේබ් කලබලයෙන් සියල්ල විස්තර කරන්නට වුණා.
“හෙලෝ, මගේ අම්මා වැඩ ඇරිලා ගෙදර ආවට පස්සේ නිදාගත්තා, දැන් එයා බිම වැටිලා. අවදි වෙන්නේ නැහැ.මම අම්මගේ හාට් බීට් එකට ඇහුම්කන් දුන්නා, ඇය හොඳින් ඉන්නවා. කරුණාකර මට උදව් කරන්න,” ගේබ් අඬමින් පැවසුවා.
“911 ඇමතීමට ස්තූතියි, දරුවෝ ඔයා හොඳ වැඩක් කළා. ඔයා සමඟ නිවසේ වෙන කවුරුහරි සිටිනවාද?” ක්‍රියාකරු ඇසුවා.
“නැහැ,මගේ අම්මයි මමයි එකට ජීවත් වෙනවා විතරයි.” ගේබ් පැවසුවා
මෙය ඇසූ ක්‍රියාකරු ඉක්මනින් ගේබ්ගේ පදිංචි තැන සොයා ගත්තා. “හරි.දරුවෝ.අම්මා වෙනුවෙන් සන්සුන් වෙන්න. ඔයාටයි ඔයාගේ අම්මටයි උදව් කරන්න ගිලන් රථයක් එනවා. මාත් එක්ක ලයින් එකේම ඉන්න.”
මිනිත්තු පහකට පමණ පසු ගිලන් රථයක් පැමිණෙන තෙක් ගේබ් ඉවසීමෙන් ක්‍රියාකරු සමඟ රැඳී සිටියා. හෙදියන් කණ්ඩායමක් ඔෆීලියාව ඔසවා ගිලන් රථයට ගෙන ගියා. ගේබ් මුළු වෙලාවෙම අම්මා අසල සිටියේ ඉවසීමෙන්.
ඔවුන් රෝහලට යන විට, ඔෆීලියා ඩෙක්ස්ට්‍රෝස් ටිකක් ලබා දීමෙන් පසු අවදි වී තිබුණා”මොකද උනේ? කෝ ගේබ්?” ඇය සිහිය ආ විගස ඇසුවා.
“කලබල වෙන්න එපා” වෛද්‍යවරයා ඇයට සහතික වුණා. “ගේබ් ඔය ඉන්නේ. ඔයාගෙ පුතා ඔයාගෙ ජීවිතේ බේරගත්තා” ඔහු කීවේ ගේබ් චිප්ස් මල්ලක් කමින් ඉන්න ආකාරය පෙන්වමින්.
ඔෆීලියා සැනසුම් සුසුමක් හෙළුවේ තම පුතා නිරුපද්‍රිතව සහ සුවයෙන් සිටිනු දැකීමෙන් පසුවයයි “එයා එහෙම කලාද? මම මොකටද හොස්පිට්ල් එකේ ඉන්නේ?” සිදුවෙමින් පවතින සෑම දෙයක් ගැනම සිතාගන්නට නොහැකිව ඇය ඇසුවේ විමතියෙන්.
“පරීක්‍ෂණ කිහිපයක් කළාට පස්සේ අපි දැනගත්තා ඔයාට දියවැඩියාව තියෙනවා කියලා. ඔයාව ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනිච්චේ නැත්නම් ඔයාට nutritional disorder ඇති වෙන්න ඉඩ තිබුණා. ඒක කෝමා තත්ත්වයට පත් වෙන්නත් ඉඩ තිබුණා” වෛද්‍යවරයා පැහැදිලි කළා
“ඔයා කෑම වේල මගහැරලද? ඔහු ප්‍රශ්නයක්ද ඇසුවා.
මෙම ප්‍රශ්නය ඇසුණු ඔෆීලියාගේ මුහුණේ වරදකාරී හැඟීමක් ඇති වූ අතර ඇය නිහඬව හිස සැලුවා.
“මේ මගේ පුතයි මමයි විතරයි ඉන්නේ, මම එයාව මාස නවයේ ඉඳන් සින්ගල් මම් කෙනෙක් විදියට හදා වඩා ගත්තා, එයාට ඉක්මනින්ම පහ පිරෙන්නත් ළඟයි. හැම අවුරුද්දකම එයාගේ උපන්දිනේ දවසට මට දුකක් දැනෙනවා මට කවදාවත් බැරි නිසා. එයාට ලස්සන තෑග්ගක් දෙන්න.මට මේ වසරේ ඒක වෙනස් කරන්න අවශ්‍ය වුණා, ඒ නිසා මම ඉතිරි කරන්න ගත්තා. මට දිවා ආහාරය ගන්නවා වෙනුවට ඔහු යන දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවන් සමඟ ඔහුට උපන්දින සාදයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් මම මුදල් ඉතිරි කරා. මට දියවැඩියාව තිබුණා කියලා දන්නවා,” ඔෆීලියා එසේ පැවසුවේ කනස්සල්ලෙන්.
නමුත් දරුවාගේ අවශ්‍යතාවය වෙනුවෙන් අම්මා අසනීප විය යුතු නැති බව වෛද්‍යවරයා ඔෆිලියාට කාරුණිකව පැහැදිලි කළා.ඔෆීලියා තමන්ගේ සිහිනය අතැර දමා ගේබ් වෙනුවෙන් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කිරීමට තීරණය කළා.
එහෙත් ගේබ්ගේ උපන් දිනයට පෙර දා ඔහුට අපූරු ත්‍යාගයක් ලැබුණා.ඒ ඔහුගේ දිවා සුරැකුම් ආයතනයේ මිතුරු පිරිස සමඟ සාදයක් පවත්වන්නට අවශ්‍ය මුදල.ඒ තෑග්ග වෛද්‍යවරයාගෙන් වූ අතර ගේබ්ට එය මහමෙරකටත් වැඩි වූ තරම්.
ඒ සිදුවීම වෛද්‍ය මයික් සහ ඔෆීලියාත් ගේබ්වත් වඩා සමීප කරන්නට හේතු වුණා.දෛවය අපූරු දේ කිරීම නවතා තිබුණේ නෑ. නුවණ පාවිච්චි කර තමන්ගේ අම්මාගේ ජීවිතය රැක ගත් කුඩා දරුවා මේ වෙද්දී හිඳින්නේ විවාහ උත්සවයකට සහභාගී වීමේ දැඩි නොඉවසිල්ලෙන්.
ඒ ඔහුගේ අම්මාගේත් වෛද්‍යවරයාගේත් විවාහ උත්සවයයි.ගේබ්ට අලුත් තාත්තා කෙනෙකු ලැබීමත් අදහන්නට බැරිතරම් ප්‍රීතියක්!