යෝනි මාර්ග දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිත එව්ලින්ගේ කතාව

Adult content creator කෙනෙකු වන Evelyn Miller වයස අවුරුදු 20 වන තෙක් ඇය යෝනි දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිතව උපත ලබා ඇති බව සොයා ගත්තේ නැහැ.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි ජීවත් වන 31 හැවිරිදි ඇය ලිංගික ශ්‍රමිකයෙකු වැඩ කිරීමට පටන් ගත් අතර ඇය එක් යෝනි මාර්ගයක් ඇගේ රැකියාව සඳහා භාවිතා කිරීමටත්, එකක් ඇගේ පෞද්ගලික ජීවිතය සඳහාත් තබා ගැනීමට වග බලා ගත්තා –

“රැකියාව සඳහා එක් යෝනියක් සහ මගේ පෞද්ගලික ජීවිතය සඳහා එක් යෝනියක් භාවිතා කිරීමට මට හැකි වුණා, එය මට චිත්තවේගීය හා ශාරීරික වශයෙන්  ලිංගික කාර්යය බෙහෙවින් පහසු කළා.” ඇය පවසනවා.

ඒ රැකියාව නැවැත්වීමෙන් පසු, ඇය Fansනම් අන්තර්ජාල යෙදවුම  වෙත ගොස් වැඩිහිටියන්ට වඩා සුදුසු වීඩියෝ නිර්මාණය කිරීමට පටන් ගත් අතර එමඟින් ඇයගේ මසකට ඩොලර් 75,000 USD උපයා තිබෙනවා.

එව්ලින් යෝනි දෙකක් තිබීමේ අපහසුතා ගැන ද කතා කරනවා. ඇයගේ ඔසප් වීමේදී ටැම්පොන් දෙකක් පාවිච්චිය, ඇය නාරිවේද වෛද්‍යවරයා හමුවීමට යන විට යෝනි දෙකම ලිංගාශ්‍රිත රෝග සඳහා පරීක්‍ෂා කර ගැනීමට සිදු වීම සහ ඇගේ සහකරුට ලිංගිකව එක්වන විට ඇතිවන සමහර ගැටළු ඒ අතර ප්‍රධානයි.

ඇයට යෝනි දෙකම හරහා ගැබ් ගැනීම් සිදුවීමට හැකියි.ඒ නිසා ලිංගික එක් වීමකදී එව්ලින් වඩා ප්‍රවේසම්කාරී වී තිබුණා.එසේ ගැබ් ගැනීම ඇගේ ජීවිතයට හානියක් විය හැකි බවට එව්ලින්ට සැකයක් තිබුණා.නමුත් යෝනි දෙකක්ම තිබීම නිසා සහකරු සමඟ ලිංගිකව හැසිරීම ඉතාම තෘප්තිමත් ක්‍රියාවක් බව ඇය විවෘත ලෙසින් පවසන්නේ ඒ ගැන ඉතා විවෘත ලෙස අදහස් දක්වමින්.

එව්ලින් ඇගේ ප්‍රජනන පද්ධතිය සම්බන්ධයෙන් විවිධ අපහසුතා අවුරුදු විස්ස දක්වාම විඳ තිබුණේ යෝනි දෙකක් ගැන නොදැන සිටීම නිසා.ඇය ඔසප් දිනවලදී ටැම්පොන් ඇතුළු කළත් රුධිරය කාන්දු වීම නැවතී තිබුණේ නෑ.ගොවිපොළක තරුණියක ලෙස ජීවත් වූ ඇයට අන්තර්ජාල පරිශීලනය වැනි දේ ද නුපුරුදු වීම නිසා අමුතු තත්ව ගැන කිසිම අදහසක් තිබී නෑ.

ඉන්පසු මට වයස අවුරුදු 20 දී ගැබ් ගැනීමක් සිදු වී එය ගබ්සාවකින් කෙළවර වුණා, සැත්කමෙන් පසු රෝහලේදී ඔවුන්ට ‘කලලය සොයා ගැනීමට නොහැකි විය’ යනුවෙන් මට පැවසුවා. අභ්‍යන්තර පරීක්ෂණයකින් පසු එය මගේ අනෙක් ගර්භාෂයේ බව වෛද්‍ය කණ්ඩායමට වැටහුණා – එය මා නොදැන සිටි අතර පරීක්ෂණ කිහිපයකින් පසු මගේ තත්ත්වය ගැන මට පැහැදිලි කෙරුණා.

එව්ලින් ඊළඟ ගැබ් ගැනීම සැලසුමක් ඇතිව සිදු කරන්නේ වයස 32 දී.ඇගේ ප්‍රජනක පදධතිය දෙකඩ වීම නිසා ඇයගේ එක් එක් ගර්භාශය සාමාන්‍ය කාන්තාවකගේ ගර්භාෂ ප්‍රමාණයෙන් අඩක් වන අතර දරුවාට වැඩීමට නොහැකි තරම් කුඩා ඉඩක් තිබීමේ අවදානමක් ඇති බැවින් පූර්ණ කාලීනව ගැබ් ගැනීම අවදානම් සහගත වනු ඇතැයි වෛද්‍යවරුන් පැවසුවා.

එව්ලින්ට දරුවා සාමාන්‍ය ක්‍රමයට බිහි කරන්නට ශරීර පිහිටීම අනුව හැකියාවක් නැහැ.ඒ නිසා වෛද්‍යවරුන් සිසේරියන් සැත්කමක් සැලසුම් කර තිබුණා.ඒ ඇය 2020 දී සැලසුම් සහගත තීරණයකින් පසු ගැබ් ගැනීමෙන් පසුවයි.

2021 ජූනි මාසයේ සති 37 දී මට මගේ දරුවා ලැබුණා – නිරෝගී කුඩා පිරිමි ළමයෙක්ට මම අම්මා කෙනෙක් වුණා. ඔහුගේ බර රාත්තල් 5.5 ක් වුණේ මගේ කුඩා ගර්භාෂයේ වර්ධනය සීමා වී ඇති නිසා බබ මම දන්නවා”

ඇය ඉතාම සතුටින් ප්‍රකාශ කර සිටිනවා.

එව්ලින් දැන් නැවතත් ගැබ්ගෙන සිටින අතර ඇගේ ‘දකුණු පස ගර්භාෂයේ දරුවා දරා සිටිනවා.වෛද්‍යවරුන් සති 36 කට පසු ප්‍රසූතිය සිසේරියන් සැත්කමක් හරහා සැලසුම් කර තිබෙනවා.

එව්ලින් ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් වල ප්‍රසිද්ධ චරිතයක්.තමන්ගේ ශරීරයේ අමුතු වෙනස සහ ඇය ඉන් ලැබූ දේවල් ගැන ඇය බාහිර සමාජය ඉතාම විවෘත ලෙස දැනුවත් කරනවා.

Related Articles

Don't Miss


Latest Articles