සැමියාගේ අමුතු පුරුද්ද

සත්‍ය සිදුවීමක් ඇසුරෙන්

නර්මදා නොසන්සුන්ව දහවන වතාවටත් බාතෲම් එක ඉස්සරහින් ගමන් කළා.වැඩට ගිහින් ඇවිත් බාතෲම් එකට රිංගන කේශව එලියට එන්නෙ පැයක් දෙකක් ඒක ඇතුලෙ ඉඳලා.එච්චර වෙලාවක් මේ මනුස්සය මේකෙ මොනවද කරන්නෙ කියලා නර්මදාට ප්‍රශ්නයක්.ඒ ගැන කෙලින්ම අහපු හැමදාම කේශවගෙ පිළිතුර වුනේ අනවශ්‍ය ලෙස කෝපයෙන් බැණ වැදීම.කේශව බාතෲම් එකට රිංගන්නෙ නිකම්මත් නෙවෙයි.ෆෝන් එක,පවර් බෑන්ක් ,චාර්ජස් ඔක්කොම අරන්.මේක හරිම විකාරයක් නෙ.ඔෆිස් යනව වගේනෙ මේ මනුස්සය වොශ් රූම් යන්නෙ.නර්මදා කේන්තියෙන් හිතුවෙ.ඔවුන් විවාහ වී තාම සති දෙකයි.ඉතින් බැන්ද දවසේ ඉඳන් මේ පුරුද්ද නොකඩවා කරගෙන යන්නක්.

නාන හඬ ත් විටින් විට ඇහෙන නිසා ත්,නාපු බවට සලකුණු තිබෙන නිසාත් නාන බව දන්නව වුණාට මෙච්චර වෙලාවක් කරන්නෙ මොකද්ද කියන එක නර්මදාට ලොකුම ප්‍රශනයක්.කේශව නම් කේන්තියෙන් කියන්නෙ එයා ට නිදහසේ නාගන්නවත් නොදෙන බව නිසා ඒ ගැන දිගින් දිගට කතා කරල වැඩක් නැහැ කියලා නර්මදා දන්නවා.

කේශවට කිසියම් සම්බන්ධයක් ඇති ද කියලත් නර්මදාට හිතෙන්නෙම මේ බාතෲම් සීන් එක නිසා.ජෝඩුවට කතා කරන්න පුලුවන් වෙන්නෙ මේ වෙලාවෙ වෙන්න ඇති.නර්මදාගෙ නිවසේ බාතෲම් එක විශාල එකක් වගේම හොඳින් සීල් වුණ එකක් නිසා ඇතුලේ කතා බහක් වෙනවද වගේ දේවල් හොයන්න අමාරුයි.

දිගින් දිගටම මේ ප්‍රශ්නය එක්ක වද වෙන නර්මදා අවසානයෙ මේ ගැන හොඳම යාළුවෙක් සමග කතා කරන්න හෝ තීරණය කලේ එන්න එන්නම තමන් මානසිකව පහළට වැටෙන බව හොඳින්ම දැනුණ නිසා.තව දුරටත් මෙය රහසක්ව තබාගෙන සිටීමෙන් සිදුවෙන්නේ තමන් මානසික රෝගියෙකු වීම පමණක් බව ඇයට සහතිකයි.

කෝපි කෝප්පයක් තොලගාමින්,අවන්හලක සිට සිය මිතුරිය මීනුට තමන්ගේ ප්‍රශ්නය නර්මදා කියන්න ගත්තේ ආයාසයෙන් කඳුලු නවතා ගනිමින්.බොහෝ කලක සිට කේශව ගැන දන්නා මිතුරියට ද එය හරිම ගැටළුවක් වුණේ සමාජය ඉදිරියේ කේශව හරිම ප්‍රසන්න චරිතයක් නිසා.මේ ගැන කිසිවෙකුගෙන් හෝ අහන්න හිතුනත් එය කේශවට ආරංචි වෙන්න පුළුවන් නිසාත් කවුන්සලර් කෙනෙක් මුණ ගැසී මේ ගැන කතා කරන්නට මිතුරියන් දෙදෙනා ගිවිස ගන්නවා.නමුත් කවුන්සලර් ට කේශව සමග කතා කරන්නට අවශ්‍ය වෙන බව පැවසූවෙන් එය සාර්ථක වන්නේත් නැහැ.අනික සිය මිතුරියගේ ගැටළුව මග හැර යනවාට වඩා මොනවා හෝ කර එය විසඳාගැනීමට උදව් කිරීමට මීනු තරයේම සිතට ගෙන අවසන්.

“මචං,මම උඹලගෙ ගෙදර නවතින්න එන්නම් මාසයක් විතර.කේශව වැඩ ඇරිලා එද්දි මම ඊට කලින් වොශ් රූම් එකට රිංග ගන්නම්.උඹට වගේ මට බනින්න එන්නෙ නැහැ මෑන්.අපි ඊට පස්සෙ බලමු මොකද්ද වෙන්නෙ කියලා.මොකද වෙන ගෑනියෙකුට කෝල් කරන්න හරි මැසේජ් කරන්න හරි වෙන මොනාහරි වෙනව නම් මෑන්ස් එකට එහෙනම් වෙන ක්‍රමයක් හොයා ගන්නව.අපි එක පාරටම සැක නොකර මොකද වෙන්නෙ කියලා බලමු.

මීනුගෙ යෝජනාවට නර්මදා එකඟ වෙන්නේ මේ ගැන මොනවා කරන්නද කියලා මෙලෝ හසරක් ඇයට අවබෝධයක් නැති නිසා.මේ ගැන පවුලේ කිසිවෙක් සමග කියන්නත් බැරි එකේ ඕන දෙයක් වෙද්දෙන් කියලා මීනුගේ උපදෙස් පිළිපදින්න නර්මදා තීරණය කළේ.

පළමු දවසේ පෙර සූදානම් සහිතව මෙහෙයුම ක්‍රියාත්මක වුන අතර කේශව පැමිනෙනවාත් සමගම මීනු වොශ් රූම් එකට රිංග ගත්තා.මීනුගේ පැමිණීම කලින් කේශවට දැනුම් දී තිබුණේ නැති නිසා වොශ් රූම් එකේ මීනු සිටින බව නර්මදා කේශවට දැනුම් දුන්නේ ගෙට ගොඩ වෙද්දීම.ආගන්තුකයෙකු ලෙස පුටුවකට බරවූ කේශව මීනු පැමිණෙන තෙක්ම පැයක්,එක හමාරක් පුටුව උඩ නිදි කිරමින් සිටියා.මීනුගේ ප්‍රමාදය ගැන කිසිවක් විමසුවේ හෝ නැති වීම නර්මදාට පුදුමයක්.මීනු පිටතට පැමිණි විට ඇය සමග ප්‍රසන්නව ආගිය කතා බහක යෙදුණ කේශව පෙර ලෙසම වොශ් රූම් එකට ගියත් ඉක්මනින් පැමිණියා.සාමාන්‍ය ලෙස හැසිරුණා.මෙලෙස සතියක් එක දිගට කිරීමෙන් පසු මීනු සිය නිවසට ගිය අතර ඇය නොමැති විට හැසිරීම තමන්ට වාර්තා කරන ලෙස නර්මදාට පැවසුවා.

වෙනදා මෙන්ම කෙලින්ම වොශ් රූම් යනු වෙනුවට කේශව සුපුරුදු පරිදි පුටුව උඩ ඒ කාලය ගෙවා දැම්මේ වොශ් රූම් එකේ කිසිවෙක් නැතිව සිටියදිත්.ෆෝන් එක අරගෙන සෝශල් මීඩියා සැරි සැරීම වගේම විවිධ ගීත අහමින් ඔහු සිටි අතර නර්මදා සමග ද වචනයක් දෙකක්,හුවමාරු කර ගත්තා.පෙර මෙන් වොශ් රූම් එකේ පැය ගණන් කාලය ගත කිරීමේ පුරුද්ද ඔහුගෙන් මග හැරී තිබුණා.නමුත් ඒ අතර කාලයේ ඔහු නිවසේ වෙනත් කොහේටවත් නොයා සම්පූර්ණ කාලයම එසේ ගෙවා දැම්මා.එය නර්මදාට සාමාන්‍ය පුරුද්දක් ලෙස ටික කලකින්ම හුරුවුණ අතර එදිනෙදා ජීවිතයේ කටයුතු මැද කේශවගේ එම පුරුද්ද ගැන වදවීමද නර්මදාට මග හැරී තිබුණා.නමුත් ඒ කෙටි කලකට පමණයි.

කේශවගේ වැඩ තහනම් කිරීමට ආයතන ප්‍රධානියා කටයුතු කර තිබුණේ ඔහු අනවශ්‍ය තරම් කාලයක් වොශෲම් සිටින බවට කිහිපවරක් පෙර දැනුම් දීම් ඔස්සේ අවවාද කර එහි වෙනසක් නොවූ නිසාවෙන්.නර්මදා නැවතත් ඇවිලී ගිය අතර මේ වෙද්දී මීනු පවා ලංකාවේ සිටියේ නැහැ.ආයතන ප්‍රධානියා සමග කතා කරන නර්මදා ඔහුගේ සහායෙන් කේශව මනෝ වෛද්‍යවරයෙක් වෙතට යොමු කරනවා.

කුඩා කාලයේ අපයෝජනයට ලක්වූ දරුවෙකු වන කේශව මනෝවෛද්‍යවරයා ඉදිරියේ සියල්ලම පවසනවා.තමා අපිරිසුදු බව හැඟෙන බව නිසා දවසකට වතාවක් එසේ සෝදා ගන්න බවත්,විටින් විට සෝදමින් පිස ගන්නා බවත් පවසන්නේ නර්මදාගේ ඇසට කඳුලක් එකතු කරමින්.ඉතාමත්ම ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්නා ඔහු නර්මදාගේ ආදරය සහ තේරුම් ගැනීම මැද ඉතාමත්ම ඉක්මනින් සුවපත් වන අතර නැවත රැකියාවද ලබා ගන්නවා.

ඉතින් කිසියම් ආගන්තුක හැසිරීමක්,පුරුද්දක් ගැන සැක නොකර,ප්‍රතික්ෂේප නොකර නිසි විසඳුම් සෙව්වොත් ආදරණීය ජීවිත වලට සැනසුමක් ලැබේවි නේද?

More Stories

Don't Miss


Latest Articles