වසර හතලිහකට අධික කාලයක් කළලයක් දැරූ පිරිමියෙක්

පිරිමියෙක් ගර්භනී භාවයට පත් වෙලා!

ඒ කතාව ඔබට දැනෙනවා ඇත්තේ විහිළු කතාවක් හැටියට.නමුත් මේ පුදුම සහගත කතාව එවැනි පුවතක් ගැන

2006 අගෝස්තු 23 දා සංජු භගත්ගේ බඩ ඉදිමී තිබූ අතර ඔහු මාස නවයක ගැබිනියක් ලෙස දිස් වූවා. ඔහුට හුස්ම ගැනීමට අපහසු වෙමින් තිබුණා.ඉන්දියාවේ නාග්පූර් නගරයේ වෙසෙන භගත් ඔහුගේ විශාල බඩ ගැන තමාගේ මුළු ජීවිත කාලයම ස්වයං දැනුවත්භාවයකින් සිටියා. නමුත් නමුත් 1999 ජුනි මාසයේ එක් රාත්‍රියක ඔහුගේ ගැටලුව රූපය ගැන කනස්සල්ලකට වඩා විශාල දෙයක් බවට පත් වුණා.

ගිලන් රථයක් 36 ​​හැවිරිදි ගොවියා රෝහලට ගෙන ගියේ ඔහුගේ කැක්කුම දරා ගන්නට අසීරු වූ නිසා. ඔහුගේ උදරයේ යෝධ ගෙඩියක් ඇති බව වෛද්‍යවරු සිතූ නිසා සැත්කමක් කර ඔහුගේ උදරයේ ඇති වූ ගෙඩියේ ප්‍රභවය ඉවත් කිරීමට ඔවුහු තීරණය කළා

“මූලික වශයෙන්, ගෙඩිය කොතරම් විශාලද යත්, එය ඔහුගේ ප්‍රාචීරය මත තද වෙමින් තිබුණා. ඒ නිසා ඔහුට හුස්ම ගැනීමට නොහැකි වුණා,” මුම්බායි හි ටාටා අනුස්මරණ රෝහලේ වෛද්‍ය අජේ මේතා පැවසුවා.වෛද්‍ය කණ්ඩායම ගැටළු රාශියක් අපේක්ෂා කරන්නට වුණා.ශල්‍යකර්මය ආරම්භ කිරීමෙන් පසුව ඔහුට ගෙඩියක් හඳුනාගත හැකි වූ වෛද්‍ය මේතා පැවසුවා. නමුත් භගත්ට ශල්‍යකර්මය කරද්දී මේතාට දකින්නට ලැබුණේ ඔහු කිසිදාක නොදුටු දෙයක්. ඔහු භගත්ගේ උදරය ගැඹුරට කපන විට, දියරයක් ගලා ගිය අතර ඉන්පසු අසාමාන්‍ය දෙයක් සිදු වුණා.

“ඔහුගේ උදරය ඇතුලට අත දමද්දී මට ජීවියෙක් වැනි යමක් හසු වුණා. මුලින්ම එක අවයවයක් එලියට ආවා, තව අතක් එලියට ආවා.ඊට පස්සේ ලිංගේන්ද්‍රයෙන් කොටසක්, ඊට පස්සේ කෙස් කොටසක්, අතපය, හකු, අතපය, හිසකෙස් ලෙස ශරීරයක් පිටතට ආවා”

භගත්ගේ බඩ ඇතුලේ  පාද සහ අත් තියෙන අමුතු  සත්වයෙක් වූ එහි නියපොතු තරමක් දිගු වුණා.

“අපි භීතියට පත් වුණා. අපි ව්‍යාකූලත්වයට හා පුදුමයට පත් වුණා,” මේතා පවසනවා.

 ඇත්තටම මේතා භගත්ගේ නිවුන් සොහොයුරාගේ විකෘති සිරුර ඔහුගේ උදරයෙන් ඉවත් කර තිබුණා. භගත්ට ලෝකයේ වඩාත්ම අසාමාන්‍ය වෛද්‍ය තත්ත්වයක් ඇති  වී බව ඔවුන් සොයා ගත්තා fetus in fetu ලෙස එය හඳුන්වනවා. කලලයක් එහි නිවුන් දරුවා තුළ සිර වූ විට එය අතිශය දුර්ලභ තත්වයක්.සිරවී සිටින කලලයට පරපෝෂිතයෙකු ලෙස ජීවත් විය හැකි අතර.වෛද්‍ය ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති මෙවැනි අවස්ථා 90කට වඩා අඩුයි. බොහෝ විට දෙදෙනාගේම ජීවිතවලට මේ නිසා හානි වීමට ඇති ඉඩකඩද වැඩි වෙනවා.

කෙසේ වෙතත්, සමහර විට භගත්ගේ සිදුවීමේදී මෙන් සත්කාරක නිවුන් දරුවා ජීවිතය බේරා ගන්නවා. ඔහුගේ සිදුවීම එතරම් අසාමාන්‍ය වන්නේ වසර 36ක් තිස්සේ භගත් තුළ නිවුන් දරුවෙක් සිටි බව කිසිවකු සැක නොකළ බැවින්. භගත් පැවසුවේ ඔහුගේ ශල්‍යකර්මයෙන් පසු තමාට මහත් සහනයක් දැනුණු බවයි. වෛද්‍ය මේතා තමාට කළේ කුමක්දැයි දැනගැනීමට හෝ ඔහු තම උදරයෙන් ඉවත් කළ දේ දැකීමට ඔහු උනන්දු වූයේ නැහැ.

“ඔහුට එය දැකීමට අවශ්‍ය නොවුණ, මන්ද එය ඉතා භයානක ලෙස ඔහුට දැනුණා.” වෛද්‍යවරයා පවසනවා.

 ශල්‍යකර්මයෙන් පසු භගත්ගේ වේදනාව සහ හුස්ම ගැනීමේ නොහැකියාව පහව ගිය අතර ඔහු වහාම සුවය ලැබුවා

මෙම සිදුවීම වෛද්‍යවරුන්ට වෛද්‍ය ආශ්චර්යයක් විය හැකි නමුත් භගත්ට ඔහුගේ තත්වය ලැජ්ජාව සහ දුක්ඛිත බවක් ගෙන එන්නක් වුණා.ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහු ජීවත් වූ ගමේ මිනිසුන් ඔහුට අනුකම්පා විරහිතව සමච්චල් කළ අතර ඔහු ගැබ්ගෙන ඇති බව ඔහුට පවසනවා හාස්‍යයට කරුණක් නම්, ඔවුන් එක් අතකින් නිවැරදි වීමයි.

අද භගත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා.නමුත් ඔහු තවමත් ඉඳහිට විහිළුවට ලක් වනවා.”ඔවුන් තවමත් ඔහුට සමච්චල් කරනවා, ඔවුන් කියන්නේ, ඔබ ඔපරේෂන් එකකට ගියා, ඔබට දරුවා ලැබුණා” ලෙසටයි.

ලෝකය පුදුමාකාර සිදුවීම් පිරුණු තැනක්. මේ කතාවද එවැන්නක් මිස අන් කිසිවක් නොවෙයි.

Related Articles

Don't Miss


Latest Articles