ආදරේ කියන්නේ හිමි කරගැනීම විතරයි ද ?

මට 45යි. එයාට 29යි.”

අන්තර්ජාලය හරහා මිලියන 24ක් නරඹා ඇති ඒ වීඩියෝව සජීවීව පවසන ලද සත්‍ය කථා ඇතුළත් කතා මාලාවක අවස්ථාවක් “මට දැන් මැරෙන්න පුළුවන්” ලෙස ඇගේ කතාව විස්තර කරන්නට හූස්ටන් කාන්තාවක් කලබලයෙන් වේදිකාවට නැඟී සිටියා. ඇය  පැවසූ පළමු, වෙව්ලන වචන සුළු වචන ඒවායි. ප්‍රේක්ෂකයෝ ඝෝෂාකාරී හූ හඩවල්වලින් ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්තා.

නමුත් ඇගේ කතාව අතිශය සංවේදී එකක් වුණා.

මුලින් අකමැති වී පසුව, ප්‍රංශ  ගම්මානයකදී හමු වූ තරුණයෙකු සමඟ ඇය ආදරයෙන් බැඳුණු ආකාරය රෝස් පවසනවා. ඔහු චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්, සංගීතඥයෙක් සහ සොබාදහමට ආදරය කරන කෙනෙක් වුණා. ඔහු ඇයට ගස් හා මල් වල නම් සහ ගුණාංග ඉගැන්වුවා.

“ඔහු ගැන සෑම දෙයක්ම සුවිශේෂී වුණා.,” ඇය Moth ප්‍රේක්ෂකයන්ට  පවසනවා. “ඔහුගේ වයසේ, සහ දක්ෂතා ඇති පිරිමියෙකු මේ තරම් නිදහස් විය හැකි බව මට විශ්වාස කළ නොහැකි වුණා. ඊටත් වඩා, මගේ වයසේ කාන්තාවක් ගැන උනන්දු විය හැකි දැයි මම කල්පනා කළා.

ඔවුන් දැඩි ලෙස ආදරය කළ නමුත් ඇය ඔහු ගැන “විශේෂිත” යමක් දැකීමට පටන් ගත්තා. ඔහු ළමයින් දෙස බැලූ විට ඔහුගේ දෑස් බැබළුණා.. දිනක්, ඔහුට දරුවන් අවශ්‍යද යන ප්‍රශ්නය ඇසීමට ඇයට කල්පනා වුණා.

ඇත්ත වශයෙන්ම, ඔහු ඇයට පැවසුවේ ඔහුට දරුවන් අවශ්‍ය බවයි. ඒ බැබලෙන දෑස් ඇතිවයි.

ඒ මොහොත ගැන ඇය ප්‍රේක්ෂකයන්ට පවසන්නේ ඇගේ හදවත නතර වූ බවයි. ඇයට වැඩුණු දරුවන් දෙදෙනෙකු සිටියා.ඇයට තවත් දරුවන් උපදීදැයි සිතාගත නොහැකි වුණා.. කෙසේ වෙතත්, ඇය පවසන්නේ, “ලෝකයේ කිසිවක් සඳහා මම එම ඔහුට දරුවන් ලැබීමේ අත්දැකීම අහිමි කිරීමට යන්නේ නැහැ” යනුවෙන්.

ඇය මුළු රාත්‍රියක් පුරාම හඬා තිබුණ. පසුදා උදෑසන ඇය ඔහු හැර ගියා. නමුත් වසර ගණනාවක් තිස්සේ ඔවුන් අත්හැරීමට අරගල කරන්නට වුණා. ඇතැම් අවස්ථාවලදී ඔහු තම දරුවන් පිළිබඳ සිහිනය අත්හැරීමට සූදානම් වුණා.. සමහර අවස්ථාවලදී ඇය දරුවන් ලබා ගැනීමට කැමැත්තෙන් සිටියා.

දිනක, ඇය ටූලූස් හි ටෙරස් ආපන ශාලාවක වාඩි වී සිටින විට, කාන්තාවක් වෙලෝර් වික්ටෝරියානු තොප්පියක් සමඟ ඇවිද ගියා, ඇය ලස්සන කාන්තාවක්.ඇය ළමා පොත් කතුවරියක් ද වුණා. ඒ සෑම දෙයක්ම, රෝස් ඇය වෙතට ඇදී යන්නට හේතු වුණා.ඇය සති හතරක් පහක් තිස්සේ ඒ කතුවරිය සමඟ මිත්‍රත්වයක් ගොඩ නඟා ගත්තා.

අවසානයේ රෝස් එම කාන්තාව තම පෙම්වතාට හඳුන්වා දුන්නා. ඔවුන්ගේ ඇස් හමු වූ විට, ඔවුන් එකිනෙකාට සුදුසු බව ඇය දැන සිටියා. එසේ වුවද, ඔහු රෝස්ට අයැද සිටියේ පිටව නොයන ලෙසයි. ඇය කළේ යහපත සඳහා වෙන් වී යාමයි. ඇය ඔහුගෙන් ඉවතට ගොස් ඇගේ දුරකථන අංකය වෙනස් කළා.. ඇය වසර හතරක් ඔහුව දුටුවේ නැහැ. එය කිසිසේත්ම පහසු කාලපරිච්ඡේදයක් වුණේ නැහැ. නමුත් ඇය උපරිමයෙන් දරා ගන්නට හුරු වුණා. අවසානයේදී, ප්‍රංශයට ගිය ගමනකදී, ඇය ඔහුගේ එක් ප්‍රදර්ශනයකට සහභාගී වන බව ඔහුට දන්වා සිටියා.

ඇය ගැලරිය තුළ ඇවිද යද්දී අපූරු යමක් සිදු වුණා. රැලි සහිත රතු හිසකෙස් සහ දීප්තිමත් කොළ පැහැති ඇස් ඇති කුඩා දැරියක් රෝස් දෙසට දිව ගියේ ඇය ඇගේ ජීවිත කාලය පුරාම රෝස්ව හඳුනන්නාක් මෙන්.

“ඔයා නේද සුරංගනාවි?”

ගැහැනියක ප්‍රේමය වෙනුවෙන් ඕනෑ තරම් පරිත්‍යාග කළ අන්දම අප ඕනෑ තරම් අසා සිටිනවා. තමන්ගේ ජීවිතයට ලැබුණු ආත්මීය සහකාරයා ඔහුගේ එකම සිහිනය වෙනුවෙන් අතැර දමන්නට තරම් අර්යානා ආත්මාර්ථයෙන් තොර ගැහැනියක වුණා. ලෝකයේ තමන් වඩාත් ආදරය කරන මිනිසා අත් හැර දැමීම අතිශය අමාරු දෙයක්.නමුත් ඔහුගේ සිහිනය වෙනුවෙන් ඇය ඉටු කළා.

රෝස්, ඔබ සැබෑවටම සුරංගනාවියක්! ප්‍රේමය ගැන හොඳින්ම දන්නා සුරංගනාවියක්!

Related Articles

Don't Miss


Latest Articles