“අපි කොහෙ හරි යන්නවත් තියෙන්නේ”
දුලන්‍යා එසේ යෝජනා කළේ සරසවියට යන අතරමඟදී ය. කාලාන්තරයකට පසු සඳරැස්ගේ මුහුණේ සිනාවක් ඇඳිණ. ඒ සිනාව ඒ තරම් හොඳ එකක් නොවේ. දුලන්‍යා අත්මිටි කර පහරක් ඔහුට ගැසුවේ ඒ හන්දා ය.
“මොකද?”
ඔහු අසන්නේ ද සිනාවෙනි.
“කොහෙ හරි යං කිව්වම මොකද අනේ හිනා වෙන්නේ”
සන්තෝසයට බව කිව්වත් සඳරැස්ගේ අදහස දුලන්‍යාට වැටහේ. ඇය නැවත ඔහුව කෙනිත්තුවා ය.
“ඔයාටනම් මහ නරක අදහස් අප්පා තියෙන්නේ.”
එහෙම කියන්නේ දුලන්‍යාගේ හිත නරක හන්දා ය. සඳරැස් එය ස්ථිර කරමින් කියයි. පුපුරා ගිය සිනාව එක් වරම නැවතිණ. සඳරැස් දුලන්‍යා දෙස බැලුවේ වේදනාත්මක මුහුණකිනි.
“එහෙම ගමනක් ගියා කියලා අපි පහුගිය දවස්වල මුණ දීපු දුක් නැති වෙයිද දුලා. අක්කටයි මටයි ඒ ස්ට්‍රෙස් එක අමතක වෙයිද?”
මානසික පීඩා ඇති වූ කාලයක් තිබී නැති තරම් ය. විභාග පීඩා, රැකියා පීඩා ඇති කාලවල චාරිකා යාම පුරුද්දක් වී තිබිණ. මල්වැන්න මහතාගේ අභාවයෙන් තෙමසක් ගෙවී පසු ද දුලාජ් පවුලේ උදවිය මුහුදුබඩ හෝටලයකට රැගෙන ගියේ ය.
ඒ සියල්ල වෙනත් කාරණා ය.
“මේ ඔක්කොම නරක හීනයක් කියලා හිතාගෙන අමතක කරමුද අපි”
දුලන්‍යා අසන්නේ ආදරයෙනි.
“අවුරුදු විසි හයක් දැක්ක නපුරු හීනයක් නංගි මේ.”
ඔහු කියන්නේ සුසුමක් ද සමඟිනි. දුලන්‍යා සසැලිණ. මේ තාරුකාට කොහොම වෙතත් සඳරැස්ට නරක අත්දැකීමකි.
“අම්මට ඔය ගමන ඔයාලාත් අරන් යන්න තිබුණා කියලා මං හිතන් නෑ අයියේ.විජිත මාමා වගේ හොඳ මනුස්සයෙක් ගාව ඔයාලා දාලා ගියාට සතුටු වෙන්න.”
බාප්පා කෙනෙකුට තාත්තා කෙනෙකු වීම අසීරු බව දුලන්‍යා පැහැදිලි කළා ය. එය සත්‍යයකි. විජේවර්ධන හොඳ මිනිසෙකි. නමුත් ඔහුට තාත්තා වන්නට අසීරු ය.
“තාත්තා ආයේ බැන්දනම් ඒත් අපි අසරණ වෙන්න තිබ්බා.”
දුලන්‍යාට ස්මාර්ට්ලේඩි වෙබ් අඩවියේ කියවන මන්දාරම් හැන්දෑවක කතාව සිහි විය. මේඝා කුඩම්මා කෙනෙකු වූයේ නැත. ඇය අම්මා කෙනෙකුම වූවා ය.
“කතන්දර වගේද බබෝ ජීවිතේ.”
සඳරැස් සාංකාමය හඬින් කියයි. ජීවිතය නවකතාවක් නොවේ. චාන්දනීගේ ආගමනයක් සිදු නොවීම තිබුණානම් ඔහු පහසුවෙන් හිත හදා ගන්නටත් ඉඩ තිබිණ.
චාන්දනී දිගින් දිගටම ප්‍රේමය යැයි අන්ධකාරයක ගිලෙන්නට ගන්ට ඇත. විෂ බඳුනක් දෝතින්ම තුරුළු කර ගත් ඈ ජීවිතය ක්‍රම ක්‍රමයෙන් දිය කර දමන්නට ඒ විෂ බඳුනට ඉඩ හැර තිබේ. ප්‍රේමය එබඳු යැයි සිතා හුන් ඈ දරු දෙදෙනාට ජීවිතය තුළ කිසිම ඉඩක් නොදෙන්නට ප්‍රවේසම් වන්නටත් ඇත. දුලන්‍යා එසේ සිතුවා ය.
නමුත් ඒ අතීතය ය.
බොබ් මාලේ කියල තියනව අයියේ කතාවක්.කෙනෙකුට ජීවිතේට එකම එක වතාවක්,මං කියන්නේ එකම එක පාරක් එයාගෙ මුළු ලෝකෙම මුළු ජිවිතේම අනිත් පැත්ත පෙරලන්න පුළුවන් කෙනෙක් මුණගැහෙනවලු. අන්න එතකොට එයා ළඟ මට මං වෙන්න ඔයා පුලුවන්ලු.මට මං හුස්ම ගන්නවා කියල දැනෙනවලු..ඔයා මට එහෙම දැනෙන මනුස්සයා. අන්න ඒ වගේ අම්මටත් කමල් අංකල් දැනෙන්න ඇති. අම්මටත් එයාව මඟෑර ගන්න බෑම හිතෙන්න ඇති. ඉස්කෝලේ ගිය මොන්ටිසෝරි ගිය පොඩි බබාට අම්මා නැතුව පාලු හිතුණා. එයා අම්මට වෛර කරා. ඒත් දැන් මේ ඇති.”
දුලන්‍යා මේ තරම් ප්‍රේමය ගැන දැනුවත් බව ඔහු සිතා තිබුණේ නැත. නමුත් ඇය කියන කතාවේ ඇත්තක් තිබේ.
මවක් සහ ගැහැනියක් කියන්නේ චරිත දෙකකී.
“මං ඔයාගෙන් දෙයක් ඉල්ලන්නද?”
සඳරැස් ඇසී ය. දුලන්‍යා හිස වැනුවා ය. ඔහු කියන්නට යන්නේ මේ කතාව මෙතැනින් නැවතිය යුතු බව වන්නට පුලුවන.
දුලා.මං හරී සාම්ප්‍රදායික නෑ.මං ඔයාට කොච්චර ආදරේ වුණත් අපිට අපි මඟ ඇරෙන දවසක් එනව කියලා තේරුණොත් මං ඔයාගෙන් අයින් වෙයි.ආයේ මැරි කරයි..ඒ වුණාට මං එහෙම කරන්නේ ඔයාගෙන් අයින් වෙල.මම කියන්නේ ඒකයි වෙන්න ඕන.ඔයාටත් මාව ඔයාට ගැළපෙන් නෑ කියල හිතනව නම් ඕනැ වෙලාවක අයින් වෙන්න.මේක හරි පුංචි ජීවිතයක්නෙ.විඳවන්න ඕන නෑ.හැබැයි තව මනුස්සයෙක්ට වේදනාවක් දෙන්නත් එපා.විඳවන්න ඉඩ අරින්නත් එපා..”
එහෙම ඔහු අත් හැර ගන්නට ඇයට ඕනෑ නැත. ඔහු ඇගේ ජීවිතය ය.
“මගේ තාත්තා විඳවපු තරම් ලෝකෙ කිසිම මිනිහෙක් විඳවන්න ඕන නෑ.”
එසේ කියද්දී සඳරැස්ගේ මුහුණේ කදුළු විය. දුලන්‍යා වහා ඉවත බලා ගත්තේ ඒවා නොදකින්නට ය.
“ඇත්තටම මගෙ තාත්තා හදාගත්තෙ අනුන්ගෙ ළමයිද කියලත් මට බයයි දුලා”
දුලන්‍යා සත්‍යය දන්නී ය. ඇය සසැලුණා ය. මෙය නම් කතා කළ යුතු මාතෘකාවක් නොවේ.