fbpx

ළපෙති මල් -22

“ලංකායි එයාගෙ යාලුවොයිනම් දැක්කත් නොදැක්ක වගේ ඉන්න තරමට තමයි හොඳ..”

හිමාලි මුණ ගැසුණු පුවත ගැන හිමංගි රහල්ට පැවසූයේ රාත්‍රියේ ය.ඔහු දුන්නේ එවැනි සරල පිළිතුරකි.

“අනිත් එක හිමා,මම ඇත්තටම ඔය හිමාලිටනම් කැමතිම නෑ.හිමාලි කියන්නෙ ඔයාලා වගේ තරුණ ළමයි එච්චර කතාබහට යන්න ඕන චරිතයක් නෙවෙයි..”

ඕනෑම මිනිසෙකු ඇසුරු කර ඔහුගේ හෝ ඇගේ ජීවිතය තුළ ඇති යහපත පමණක් උකහා ගන්නැයි දේශනවලදී පවසන රහල් මෙවැනි දෙයක් පැවසූයේ නිකමට නොවන බව හිමංගි සිතුවා ය.

“මං හෙට මෙවන්ට ඔයාලත් එක්ක යන්න ලෑස්ති වෙන්න කිව්ව.කා එකක් රෙන්ට් කරන්න ඕන නෑ.ඔයාලා මෙවන් එක්ක ගිහින් එන්න.”

ඊටත් පසු රහල් එසේ කීවේ ය.

“මං තේජනටත් එන්න කියන්න නොහිතුවෙ සර් පිරිමි ළමයි අරන් ගියාම අපේ කට්ටිය මොනව කියයිද නොදන්න හින්දා.ඒත් මං මෙවන්ට නම් කතා කළේ නෑ..”

හිමංගි පවසන්නේ සිහින් හඬිනි.ගමින් නගරයට විත් නිදහසේ ජීවත් වූවාට ඇය තුළ හදිසියේ මතුවන ගැමි දැරිය ගැන රහල්ට උපන්නේ සෙනෙහසකි.

“ඔයාල එච්චර දුරක තනියම යවන් නෑ මෙවන්..අනික ඒ වගේ උදව් එයාගෙන් ඉල්ලන්න පැකිලෙන්නත් එපා.අපි එක පවුලක්නෙ..”

ආදරය උතුරා යන පවුලක සාමාජිකයන් සමඟ ආදරය බිඳුවක්වත් නොදන්නා පවුලේ අය දකින්නට යාම කුමන අත්දැකීමක් වේදැයි සිතමින් හුන් හිමංගිට රැය බොහෝ දිගු විය.

“ඔයාලා නැතුව මට තනියම බස් එකේ එන්නයි තිබුණේ.”

අව් කාෂ්ටය තදින් දැනෙන ගමට ආසන්න වූ පසු හිමංගි සිතට ආ සැබෑ හැඟීම පැවසුවා ය.ඔවුන් මිතුරන් වූ කාලයේ නම් මේ ගමන සාංකා උපදවන්නේ නැත.
නමුත් දැන් තමන් ඔවුන්ගේ සුළු මව ය.තාත්තාගේ දෙවැනි විවාහය ළාබාල යුවතියක සමඟ වීම දරා ගත් මෙවන් සහ මන්දාරා තමන්ගේ සැබෑ තත්ත්වය කෙසේ දරා ගනීවිදැයි හිමංගි සිතුවේ සැකයෙනි.

“ඔය ඉස්සරහ ගෙදර..එතනින් නවත්තන්න මෙවන්..”

ඉදි වෙමින් පැවති ගඩොල් පැහැ ගෙයක් අසල රිය නැවතිණ.ගේට්ටු හෝ වැට මායිම් නැති හන්දා මිදුලටම ආ මෝටර් රථය දෙස කුතුහලයෙන් බලමින් මිරිස් පැදුරක් අසලින් නැගිට ගත් ගැහැනිය අනතුරුව මුව විසල් කර ගත්තා ය.

“හිමංගියා..කෝල්ලෙකකත් දෙන්නෙ නැති හින්දා අපි උන්නෙ අම්මා වගේ ගම අතෑරලය කියල..”

ඒ තමන්ගේ මාමාගේ බිරිඳ බව හිමංගි කියද්දී ගැහැනිය මන්දාරා ද මෙවන් ද දෙස විමසිලිමත් වූවා ය.

“මේ මං වැඩ කරන කම්පැනියේ අයිතිකාර නෝනයි එයාගෙ මල්ලියි.අපි කැම්පස් එකේදි එකට ඉගෙන ගත්තෙ නැන්දම්මේ..”

හිමංගි එසේ පැවසුවේ කහට පැල්ලම් වැටුණු චීත්තයකින් සැරසී සිටි ගැහැනියට සත්‍යය පවසන්නට නොහැකි හන්දා ය.හිමංගිට නරකක් සිදු වී නැති බව වටහා ගත් ගැහැනිය බුලත් කහට බැඳුණු දසන් විහිදා හිනැහුණා ය.

“මාමා හේනෙද නැන්දම්මා?”

හිමංගි එසේ අසද්දී මෙවන්ට හේනක් දකින්නට ආසාවක් ඉපදිණ.එහෙත් මන්දාරාට තිබුණේ වෙනත් ආසාවකි.

“ආන්ටි,කෝ හිමාගේ කිරියම්මා.”

හිමංගිගේ නැන්දා හිමංගි දෙස බැලුවේ වරදකාරී දෑසකිනි.

“උන්දැ අන්න අරහෙ සෝමෙලගෙ ගෙදරට ගියා හිමංගියො.මාත් එක්ක ජල්ලියක් අල්ලල එහෙට්ට යනවා.සෝමෙගෙන් කන් පිරෙන්න අහගෙන මෙහෙට්ට එනව..”

එවදනකින් නැවති ඇය කෙක්කක් ද රැගෙන තැඹිලි ගසක් යටට වූයේ අමුත්තන්ට සැලකීම වෙනුවෙනි.මන්දාරා හිමංගි සමඟ හිනැහුණා ය.

“කොහෙ වුණත් ඉන්න ලේලිලගෙ වෙනසක් නෑ.ලංකා මැඩම්ට අච්චර හොඳ ආච්චම්මා එක්ක ඉන්න බැරුව තැන තැන බැන බැන යන එකේ ඔයාලගෙ නැන්දලා කිරියම්මගෙ මූණටම බනින එක එක අතකින් හොඳයි.ඒක අරට වඩානං දියුණුයි.”

මන්දාරා එසේ කියද්දී හිමංගි සිනාවකින් ඇගේ අත අල්ලා ගත්තා ය.

“ඔයා තේජනගෙ අම්මා එක්ක වලි අල්ලන්න එපා.එතකොට හරිනෙ.”

මන්දාරා හිමංගිට පුළුල් සිනාවක් පෑවා ය.

“එහෙම වලියක් දාගත්තම අඬාගෙන එන්න ඔයා ඉන්නවනෙ.”

හොඳම යෙහෙලිය දෙස මව්වත්කමින් බලන්නට වන තැන් ඉදිරියේ දී පැමිණෙන බව හිමංගිට වැටහුණේ ඒ වදන් අසා ය.එහෙත් ඒවා ගැන දිගින් දිගට සිතන්නට ඉඩ ලැබුණේ නැත.ජංගම දුරකථන කැමරාව මානාගෙන සෑම තැනකම ඇවිදිමින් හුන් මෙවන් ඇයට අඬ ගැසුවේ නම නොදන්නා ගහක් ගැන විස්තර අසන්නට ය.

“පුංචි නෝනා ආ බොන්න..”

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 28 වන කොටස

Mini Stories

දිවිල්ල

ළපෙති මල්

ළපෙති මල් -29

Mini Stories

සුරපුරය

උස් වීදුරුවකට තැඹිලි වතුර රැගෙන ආ නැන්දා එය මන්දාරාට පිළි ගැන්වූයේ දෝතිනි.මේ තමන්ගේ ඥාතිවරියක බවට පෙර මන්දාරාට සිහි වූයේ ඇයට නෝනා කියන්නට තරම් දෙයක් තමා සතුව නැති බව ය.

“අනේ,මට දුව කිව්වම ඇති ආන්ටි..මං හිමාගෙ යාලුවනෙ.”

හිමංගි නැති තැනක විසඳා ගන්නට කාරණාවක් ඇති බව අනතුරුව මන්දාරාට සිහි විණ.

“ආන්ටි, හිමාගෙ අම්මා ළඟදි කතා කරේ නැද්ද?”

ගැහැනියගේ මුහුණේ ඇඳුණේ නොතේරුම් බැල්මකි;කලබලයකි.ඇය දෑතම චීත්තයෙන් පිසිමින් වටපිටාව බැලුවේ සැමියා පැමිණේදැයි සොයන්නට ය.

“දුව උපන්නත් හරි එයා ගමට එන් නෑ නෝනෙ..”

නමුත් මන්දාරා පරාජය පිළි ගන්නට නොකැමති වූවා ය.

“හරි, ඒත් ආන්ටිලට කෝල් කරනවනෙ.”

ගැහැනිය හිස වැනුවේ නැතැයි කියන්නට ය.එහෙත් ඒ සත්‍යයක් නොවන බව මන්දාරා වටහා ගත්තා ය.ගමට නොපැමිණියද හිමංගිගේ අම්මා මේ අයට ඉඳහිටක හෝ අමතන බවට සැක නැත.ඇය ගැන ආරංචි මාත්‍රයක් හෝ දැන ගැනීමට මන්දාරාට ඇති වූයේ තදබල උනන්දුවකි.

“අම්මෙක් අප්පෙක් නැතුව ඉද්දි හදා වඩා ගත්තෙ මං..කොත්තමල්ලි උගුර හරි පොවලා උස් මහත් කරෙත් මං.අන්තිමට අවුරුදු ගාණකින් ගමට ආවේ නෑ. අම්මා වගේම තොලොංචි වුණා.දැන් ආවේ මක්කටද?”

උස් හඬින් ඇසෙන වියපත් කෑගෑම ඇසුණු වහා නැන්දා පිල්කඩ මතින් එළියට පැන්නේ ඉඟටිය දෑතේ ගසා ගෙන ය.මන්දාරාගේ ප්‍රශ්නය මඟ හරින්නට හැකි වීම ද කාලාන්තරයකට පසු ගෙදර ආ හිමංගිට බැන වදින මැහැල්ලට හොඳ දෙකක් කීමට ඇති ආසාව ද නිසා ඇය චීත්තය තරව හැඳ ගත්තා ය.

බියකරු දෑසක් සහිත වියපත් මැහැල්ල හැරමිටිය බිම ගසමින් හිමංගිට දෝස් මුර තබමින් හුන්නා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x