මංගල යහන ලොව සමග බෙදාගත් අරුම පුදුම සාමයේ ආදරවන්තයෝ

ජෝන් ලෙනන් සහ යෝකෝ ඔනෝ ඔවුන්ගේ හනිමූන් හෝටල් කාමරයට එන්න කියලා ආරාධනා කලාම ගෝලීය පුවත්පත් පුදුමයට පත් විය.

ඇත්ත පුදුමයට පත් වෙන්න ඕන තමයි.

කවුද තමන්ගේ හනිමූන් එකට එන්න කියල පුවත්පත් වලට ආරාධනා කරන්නේ?

යොකෝ සහ ජෝන් ලෙනන් ඇරුණාම?

1969 මාර්තු මාසයේදී, ජෝන් සහ යෝකෝ ඇම්ස්ටර්ඩෑම් හිල්ටන් හෝටලයේ ඇඳේ ඉඳලා ලෝකයට සාමයේ පණිවිඩයක් ගෙන ඒමට කටයුතු කරා.

ඒ යහන “සාමය සඳහා යහනක්” කියල නම් කරපු මේ අරුම පුදුම ජෝඩුව මුලු සතියක්ම ඇඳේ ඉන්නවා කියල පොරොන්දුවක් දුන්නා.

ඒ ඔස්සේ ජෝන් සහ යොකෝ සමාජයට දෙන්න හදපු සාමයේ පණිවිඩය සහ විශේෂයෙන්ම වියට්නාම් යුද්ධයට එරෙහි ඔවුන්ගේ ස්තාවරයට එරට සියලුම ජනමාධ්‍ය වල ඉඩක් වෙන්වුණා.

හැබැයි මේ දෙන්න මේ සාමයේ පණිවිඩය ඇම්ස්ටර්ඩෑම් වලින් නතර කරේ නෑ.

එතනින් පටන් ගත්ත ගමන මාස කිහිපයකට පසු 1969 මැයි 26 වන දා ජෝන් සහ යෝකෝ මොන්ට්‍රියල් වල ක්වීන් එලිසබෙත් රැජිණ හෝටලේ කාමර අංක 1742 ට යනවා. ඒ තමන්ගේ සාමයේ පණිවිඩය අරගෙන.

ඉන්පසු ආ සතියේ සාම විරෝධතාව ආරම්භ කරපු මේ ජෝඩුව, යොකෝගේ පස් හැවිරිදි දුව වුණ කියෝකෝ සමග එක්සත් ජනපද කළු සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඩික් ග්‍රෙගරි, ක්විබෙක් බෙදුම්වාදී ජැක් ලාරු-ලැන්ග්ලොයිස් සහ ඇමරිකානු කාටූන් ශිල්පී අල් කැප් ඇතුළු අමුත්තන් එක්ක මේ සාමයේ පණිවිඩය ඉදිරියට අරගෙන යන්න අත්වැල් බැඳගන්නවා.

1969 මාර්තු 25 වෙනිදා ඉඳලා 31 වෙනිදා වෙනකම් යොකෝ සහ ජෝන් ගේ මේ සාමයේ පණිවිඩය ගැන දැනගන්න සුවහසක් පුවත්පත් කන්තෝරු වල මිනිසුන් සහ ජායාරූප ශිල්පීන් ඇම්ස්ටර්ඩෑම් වල හිල්ටන් හෝටලයට උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම් එකතු වෙලා ඉඳියා කියල අන්තර්ජාලයේ සටහන් වෙලා තියෙනවා.

“මාධ්‍ය සහ මිනිසුන් හිතුවේ අපි ප්‍රසිද්ධියේ එකතු වෙන්න යනවා කියලා”

මේ විදියට තමන්ගේ අදහස් බෙදාගත්තේ ජෝන් ලෙනන්. ඒ ඔවුන් 1968 දී නිකුත් කරපු ගීත ඇල්බමය වුණ  Two Virgins කවරය සඳහා ඔවුන් නිරුවතින් පෙනී සිටීම හේතු කරගෙන බව කියල වැඩිදුරටත් ජෝන් කිව්වට මේ සාමයේ පණිවිඩය ගෙන යන්න නම් ඔවුන් පිජාමා ඇඳුම් වලින් සැරසිලා හිඳියා.

“අපි කරපු මේ හැමදෙයක්ම පත්තර වල ලියවිල තිබෙන බව මම දන්නවා, දෙයක් විකුණන්න අපිට පොඩි ගිමික් එකක් දාන්න වෙනවා. අපි දෙන්නට මේ සාමයේ පණිවිඩය මිනිස්සු අතරට ගෙනියන්න පුලුවන් ගිමික් එක විදියට පෙනුනේ අපේ මදුසමය වෙනුවෙන් වෙන් වුණ ඇඳ”

මාධ්‍ය එක්ක මේ විදියට ජෝන් සහ යොකෝ අදහස් බෙදාගත්තට ඕනම දෙයක් ගැන පරහට හිතන මිනිස්සු ඉතින් කොහෙත් කොතැනත් හැමදාම ඉන්නවනේ.

එහෙම මිනිස්සු මේ සාමයේ පණිවිඩය ගෙන යන ජෝන් සහ යොකෝගේ කැම්පේන් එක දැක්කෙ ඒ යුගයේ රට පාලනය කරමින් උන් දේශපාලකයන්ට පීඩනයක් යොදවන්න ගත්ත ක්‍රියාමාර්ගයක් විදියට.

ඒකට විශේෂම හේතුව වුණේ එවකට එක්සත් ජනපදයේ ජනපති වුණ රිචඩ් නික්සන් වියට්නාම යුද්ධය අවසන් කරන්නට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් උන් නිසා.

ජෝන් සහ යොකෝගේ මේ සාම විරෝධතාවය පැවතුණු කාලයේදී වියට්නාම නිලදාරීන් ගණනාවක් මේ පිළිබඳ සාකච්ජා පැවැත් වූ බවත් අන්තර්ජාලයේ සටහන් වෙලා තියෙනවා.

ඉතාම මතවාදී වුණු මේ සාකච්ජා යුද්ධය නිල වශයෙන් අවසන් වන තුරුම එකඟතාවයකට ආවෙ නැහැ.

“යුද්ධය අවසන් කරන්න ගන්න සාකච්ජා වුනාට එයාලට තිබිල තියන ලොකුම ප්‍රශ්නෙ එයාලා මේ සාකච්ජා ගන්න යන මේසයේ හැඩය මොන වගේ එකක් වෙන්න ඕනද වගේ කිසිම තේරුමක් පදනමක් නැති දේවල්. ඒ සාකච්ජා අතරෙ අපි ඇඳක් උඩ සතියක් ඉඳල ඊට වඩා දේවල් ලබා ගත්තා” කියල මේ සාකච්ජා ගැන ජෝන් මාධ්‍ය වලට අදහස් දක්වලා තියෙනවා.

ඉතාම සරල, අහිංසක, බොලඳ ප්‍රයත්නයක් වුන මේ සාමයේ යහන ගැන යොකෝ පස්සෙ මෙන්න මෙහෙම දෙයක් කියනවා.

“මේ බෙඩ් ඉන් එකෙන් පස්සෙ මමයි ජෝනුයි හිතුවා යුද්ධෙ ඉවර වෙයි කියලා. අපි මොනතරම් බොලඳ ද නේද? ඒත් සමහර දේවල් වෙන්න කාලයක් ගතවෙනවානේ.  ඉතින් අපි හිතුවා ඒ වෙනුවෙන් අපි කරපු මේ පුංචි දෙයත් ලොකු උදව්වක් වෙයි කියලා”

මාස දෙකකට පස්සේ මේ ජෝඩුව නිව් යෝර්ක් වල තැනක් තමන්ගේ ඊළඟ සාමයේ යහන වෙනුවෙන් තෝරගත්තා.

ඒත් අපි හිතන විදියට හැමදේම වෙන්නෙ නෑනේ. එකට තමයි දෛවය කියන්නේ. ගංජා ළඟ තබා ගැනීම හේතුවෙන් වරදකරුවෙක් වුන ජෝන් නැවත එක්සත් ජනපදයට ඇතුලු වීම ප්‍රතික්ෂේප කරනවා.

ඒත් කිසිම දේකින් අධෛර්‍යමත් නොවන් අමේ ජෝඩුව ඊටපස්සෙ තමයි මොන්ට්‍රියල් වල ක්වීන් එලිසබෙත් හෝටලය තෝරගන්නෙ තමන්ගෙ ඊලඟ සාමයේ යහන වෙනුවෙන්.

ඒ දින හතේ නවාතැන් කාලය ඇතුළත දි 1969 ජුනි 1 වෙනිදා මේ දෙදෙනා ඇන්ඩ්‍රේ පෙරී විසින් පටිගත කරපු “සාමයට අවස්තාවක් දෙන්න” පටිගත කරා.

ඉදිරි සති දෙකේම මුලු රටේම කතාබහට ලක්වුණ, ජන මාධය වල ඉස්සරහින්ම උන්නු මේ ජෝඩුව Bed Peace කියන වාර්තා චිත්‍රපටය පටිගත කළ අතර එය 2012 දී YouTube ඔස්සේ නොමිලේ විකාශනය කරා.

ඒ චිත්‍රපටය https://youtu.be/mRjjiOV003Q?si=YGFRmwNrmI2qIRJU ඔස්සේ ඔබට නරඹන්න පුලුවන්.

ඉතින් අමුතු දෙයක් වුණත්, පුදුම සහගත දෙයක් වුණත් යුද්ධයක් නිසා විපතට පත් වෙලා තමන් කවදාවත් දැකපු නැති මිනිසුන් කොට්ටාශයක් වෙනුවෙන් ජෝන් සහ යොකෝ ගත්ත මේ අමුතුම අඩිය ඇත්තටම අගය කරන්න ඕන.

ඒ වගේ දෙයක් කරන්න අපි හීනෙන්වත් නොහිතුවට, තමන් දැකලවත් නැති මිනිසුන් කොටසකගෙ සුබ සෙත උදෙසා මේ වගේ අමුතුම දේවල් කරන මිනිස්සු කොට්ටාසයකුත් මේ ලෝකෙ ඉන්නවා.

ඉතින් සාමය පතුරුවන්න ජෝන් සහ යොකෝ ගත්ත ඒ ලස්සන, අමුතු ක්‍රමය ගැන ඔයාලත් දන්න හැමෝම එක්ක බෙදාගන්න.

ඒ ඔස්සේ අපිට පුලුවන් වේවි හැමෝගෙම හිත්වල තැන්පත් කරන්න සාමය පවත්වාගෙන යන්න අපි ගන්න පුංචිම අඩියක් වුණත් ලොකු දුරක් යන බව.

Related Articles

Don't Miss


Latest Articles