SEX වලට බය වෙන්න එපා

ලිංගිකත්වය  එහෙමත් නැත්නම් සෙක්ස් කියන්නෙ ශාරීරික ව සිදුවන හුදු ක්‍රියාකාරීත්වයක් නොවෙයි.එය සැබවින් ම ඊට එහා ගිය දෙයක්. තවත් කෙනෙක් සමඟ පියවරෙන් පියවර ඇතිකරගන්නා සහසම්බන්ධයක්. නමුත් ඔබේ සහකරු සමඟ ඔබ ඇතිකරගන්නා මේ සහසම්බන්ධය හැමවිට ම එක හා සමාන වන්නේ නැහැ.

හැමවිට ම සතුටුදායක හෝ සාර්ථක වන්නේත් නැහැ. සමහරවිට ඊට හේතුව ඔබේ වැඩ අධිකබව, ඔබේ දරුවන්, කාර්යාල කටයුතු ඔබේ කාලය හොරකම් කරගැනීම විය හැකියි. ලිංගික අසාර්ථකත්වයට හේතුව කුමක් වුවත්, එය වහාම හඳුනාගැනීම සහ පිළියම් යෙදීම අත්‍යවශ්‍යයි. සහකරු සමඟ සහසම්බන්ධතාව ශක්තිමත්වීමට සාර්ථක ලිංගික ජිවිතය අතිශයින් ම වැදගත් වෙනවා.

ඔබේ කාලයට හෝ ඔබේ වැඩකටයුතුවලට ලිංගික ජීවිතය අයිතිකරගන්නට දෙන්න එපා. වඩාත් නැවුම් ලෙසින්, ආකර්ෂණීය අයුරින් ලිංගික සම්බන්ධතා පවත්වාගැනීම කල්පවත්නා පහසු සහසම්බන්ධයකට අනිවාර්යයෙන් ම අත්‍යවශ්‍යයි. කණපිට පෙරළෙන්නට හදන ඔබේ ලිංගික ජීවිතයට ජවය,බලය සහ ශක්තිය එකතුකරගන්න මේ ටිප්ස් අනිවාර්යයෙන් ම වැදගත් වේවි.

ඔබ ම ඔබේ සිරුර ඉල්ලන දේ හඳුනාගන්න

සහකරු සමඟ හොඳ සහසම්බන්ධයක් ඇතිකරගන්නට නම් ඔබේ සිරුර ඉල්ලන, ඔබ ආශා කරන ඔබ තුළ සැඟව සිටින ඔබ හඳුනාගත යුතුමයි. තමන්ගේ හැඟීම්වලට අවංක වෙන්න. ලිංගික ආශාවන් තමන්ට දැනෙන නිවැරදි ම විදිය හොඳින් අවබෝධ කරගන්න. ඔබේ සහකරු සමඟ ඔබේ හැඟීම් සැහැල්ලුවෙන් අව්‍යාජ ව බෙදාගන්න. සහකරු ඔබෙන් අපේක්ෂා කරන ලිංගික ස්පර්ශයන්, වඩාත් ආකර්ෂණය වන සිපගැනීම්, ඉරියව්, දෙදෙනාට ම ඇති ලිංගික උත්තේජනය වීම් සහ ඊට දක්වන ලිංගික ප්‍රතිචාර පැහැදිලිව වටහා ගන්න.

සහසම්බන්ධයට පෙර ලිහිල්වන්න

සහකරු සමඟ සම්බන්ධ වන්නට පෙර ලිහිල්කරණ ක්‍රම භාවිත කරන්න. ඉහළ ලිංගික තෘප්තියක් අත්පත්කරගන්නට නම් සිරුරු ලිහිල් ව පැවතීම අත්‍යවශ්‍යයි. ලිංගික ව එක්වන සෑම අවස්ථාවක දීම එකතුවන අත්දැකීම් අලුත් කරගන්න. අලුත් අත්දැකීම් වෙත යොමුවන්න. මස්පිඩු ලිහිල් වන ලෙස ගැඹුරින් හුස්ම ගන්න. සහකරු සමඟ සිරුරින් මෙන්ම මනසින් සැහැල්ලු වන්නට හැකි පරිදි ඔබේ හැඟීම් මුදාහරින්න. ලිංගික කාංසාවන්, එනම් ක්‍රියාකාරීත්වය තුළ උදාසීන වීම්, පසුබැසීම් ඇතිවන්නේ ඔබේ හැඟීම් නිරවුල් සහ සැහැල්ලු නොවන විටයි.

සමානව දෙපක්ෂයේ ම උද්යෝගය, පිබිදවීම රඳවාගන්න

ඔබ ඒ සිට බී සහ සී දක්වා ගමන්කරනවිට පවත්වාගන්නා රිද්මය ගැන සැලකිලිමත් විය යුතුයි.  ලිංගික හැඟීම් මත දෙදෙනා ම කටයුතු කිරීම මේ සඳහා අතිශයින් වැදගත්. ලිංගික එක්වීමකට පෙර දෙදෙනාගේ සිරුරු හොඳින් ගවේෂණය කරන්න. ස්පර්ශ කිරීම් සහ සිපගැනීම් වෙනුවෙන් ඉතා දිගු කාලයක් වෙන්කරගන්න. එය දෙපාර්ශවයට ම ප්‍රියජනක සහ හැඟීම්බර අයුරින් පවත්වාගැනීමට වගබලාගන්න. පසුබිමින් ඇසෙන මිහිරි සංගීත නාදයක්, අවටින් සහ සිරුරුවලින් දැනෙන වින්දනීය සුවඳක් මේ සඳහා යොදාගත හැකිනම් දෙදෙනාට ම ලිංගික පිබිදීමකට හොඳින් අනුබලය සපයාවි. හැමමොහොතක ම ඔබේ සහකරු හැකිතරම් හොඳින් සතුටු කරන්නට ‍ඔබේ කාලයට සහ හැඟීම්වලට ඉඩ දෙන්න.

කාලය ගන්න

ලිංගිකව එක්වන අවස්ථාවල දී කාලය ඉතා වැදගත්. අසීමිත ව ඒ වෙනුවෙන් කාලයට ඉඩ දීමට තරම් ඉවසිලිමත් වන්න. ස්පර්ශයෙන්, සිපගැනීමෙන් දැනෙන සතුට අත්විඳින්නට හැකිවන්නේ ඔබ ඊට නිදහස් කාලයක් ලබාදී‍මෙනුයි. ලිංගික හැඟීම් සෘජුවම ඇති නොවන අත්, පා, මුහුණ ස්පර්ශයෙන් ඔබේ හැඟීම් බෙදාගැනීම ආරම්භ කරන්න. අනතුරුව පියයුරු, ලිංගික අවයව ආදී ලිංගික උ‍ත්තේජන ලබාදිය හැකි අදියර වෙත පිවිසෙන්න. ඔබ ගන්නා කාලය ඔබ දෙදෙනාගේම තෘප්තිමත් ලිංගික එක්වීමකට නිසැකව ම හරි මඟ පෙන්වාවි.

එක්වන්න පැකිළෙන්න එපා

සෑම ලිංගික එක්වීමක් තුළින් ම  වැඩිදියුණු වන්නේත්,  ශක්තිමත් වන්නේත්  ඔබ දෙදෙනාගේ සහසම්බන්ධතාවයි. ඔබේ ලිංගික එක්වීමට අවස්ථාව සැලසෙන්නේ සමහරවිට අනපේක්ෂිත උදෑසනක, අනපේක්ෂිත රාත්‍රියක, හෝ අනපේක්ෂිත දවාලක විය හැකියි. වෙලාව කුමක් වුවත්, ඊට ඔබ දෙදෙනා ම සූදානම්වීමෙහි ගැටළුවක් මතු නොවේනම්, කිසිවිටෙකත් පැකිළෙන්න එපා. ලිංගික හැඟීම්වලට අකමැත්තෙන් සීමාකම් පනවාගැනීම දිගුකාලීනව නරක ප්‍රතිඵල ගෙන දෙන්නක්. අවස්ථාව සැලසෙන හැම‍මොහොතක් ම ඔබේ කරගැනීමට පැකිළෙන්න එපා.

ඔබ කැමති දේ ඔබේ සහකරුට කියන්න

ඔබේ ලිංගික ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා ආරක්ෂාකාරී, සුපරීක්ෂාකාරී සහ ඉක්මන් ක්‍රමයක් වන්නේ ඔබේ සහකරු සමඟ ප්‍රසිද්ධියේ සන්නිවේදනය කිරීමයි.. ඔබගේ ලිංගික ජීවිතය සඳහා ඔබේ සීමාවන් හා ඔබේ අභිලාෂයන් ගැන සෘජුව ම සාකච්ඡා කරන්න. ඔබේ ආශාවන් ප්‍රකාශ කිරීමට අවධානය යොමු කරන්න. ඔබේ සහකරු සමඟ ලිංගික කාරණා ගැන කතා කිරීමට කිසියම් හෝ අපහසුතාවයක් තිබේ නම්, එකවර නිදහස් හැඟීම් එකිනෙකා සමඟ ලිඛිතව බෙදා ගන්න, නැත්නම් විදුලි පහන් නිවා දමා අඳුරේ කතා කිරීම සිදු කරන්න. කතා කිරීම විශ්වාසය හා සමීපත්වය ගොඩ නගයි. ගැටළු විසඳා දෙයි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles