හැරී කුමරුගේ පියා මහ රජු නොවන බවට සැකයක්?

හැරී කුමරු නිරන්තරයෙන් පුවත් මවන්නෙක්. බ්‍රිතාන්‍ය රජ පවුලේ පෙරළිකාරයා වන ඔහු පසුගිය දිනක නිකුත් කළ ග්‍රන්ථයක් නිසා කතාබහට ලක්වීම වැඩි වුණු බව අප හැම කෙනෙක්ම දන්නවා.

මේ කතාව ඔහු සම්බන්ධ තරමක් දරුණු මට්ටමේ ඕපාදූපයක්. ඔහුගේ පියා චාල්ස් රජු නොව ජේම්ස් හෙවිට් යැයි කතාවක් පැතිර යමින් තිබෙනවා.

ජේම්ස් හෙවිට් හැරීගේ මව ඩයනා කුමරිය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තේ 1986 දී. ඒ ඩයනා කුමරිය චාල්ස් කුමරු සමඟ විවාහ වී වසර 5 කට පසු ඔවුන් සාදයක ​​දී හමුවීමෙන් පසුවයි.Ken Wharfe ගේ Diana: A Closely Guarded Secret නම් පොතට අනුව, ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පළමු කතාබහේදීම”

ප්‍රසිද්ධියට පත් වුණා. ඔහු ඇයට පැවසුවේ ඔහු අසුන් පැදවීමේ උපදේශකයෙකු බවයි. ඇය අශ්වයන්ට බිය වන බව පාපොච්චාරණය කළ විට ඇගේ බිය දුරු කිරීමට ඇයට උදව් කිරීමටත් ජේම්ස් ඉදිරිපත් වුණා. 1990 දශකයේ මුල් භාගයේදී මෙම සම්බන්ධය අවසන් වූ අතර ඩයනා බීබීසීයේ මාටින් බෂීර් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙම සම්බන්ධය පිළිගත්තා.

 “ඔව්, මම ඔහුට ආදරය කළා. ඔව්, මම ඔහුට ආදරය කළා. නමුත් මම ගොඩක් අධෛර්යයට පත් වුණා, ”

ඇය එසේ පැවසුවා.

හැරී කුමරුගේ පියා ජේම්ස් හෙවිට් ද? නැහැ. ජේම්ස් හෙවිට් හැරී කුමරුගේ පියා වන්නේ නෑ. ඇත්ත වශයෙන්ම, හැරීගේ උපතින් වසර දෙකකට පසුව ඩයනා කුමරිය ජේම්ස් හමු වූ බව තමයි සත්‍යය වන්නේ.

2023 ජුනි 6 වන දින බ්‍රිතාන්‍යයේ මිරර් ගෲප් ප්‍රවෘත්ති පත්‍රවලට (එම්ජීඑන්) එරෙහිව ඔහුගේ නඩුවේදී ප්‍රකාශයක් කරමින්, ඩේලි බීස්ට් හරහා, හැරී කුමරු මෙසේ පවසා තිබුණා.

 “මගේ ජීව විද්‍යාත්මක පියා ජේම්ස් හෙවිට් බවට කටකතාවක් බොහෝ පුවත්පත් වාර්තා කර තිබුණා.ඔහු සමඟ මවට මම ඉපදුණාට පස්සේ සම්බන්ධයක් තිබුණා.මේ සම්බන්ධ ලිපි පළ වෙද්දී මම ඉපදෙන තුරුම මගේ මව මේජර් හේවිට් හමු වී නැති බව මම දැන සිටියේ නැහැ. මගේ වයස අවුරුදු 18 දී සහ මීට වසර හයකට පෙර මගේ මව අහිමි වූ විට එවැනි කථා මට ඉතා හානිකර හා සැබෑ ලෙස දැනුණා. ඒවා රිදවනසුළු, නපුරු සහ කුරිරු ඒවා වුණා. ඒ කතන්දර පිටුපස ඇති අරමුණු ගැන මම නිතරම ප්‍රශ්න කිරීමට ඉඩ හැරියා. මා රජ පවුලෙන් නෙරපා හරිනු පිණිස මහජනතාවගේ සිත් තුළ සැකයක් ඇති කිරීමට පුවත්පත් උනන්දු වූයේද කියලා මට හිතෙනවා.”

හැරී ඔහුගේ  පොත වන ස්පෙයාර් හි හෙවිට් ඔහුගේ පියා බවට පැතිර යන කටකතා ගැන මෙසේ ලියනවා: “සමහර වාර්තාකරුවන් එය ඔප්පු කිරීමට මගේ DNA සොයමින් සිටින බවට පවා කතාබහක් ඇති විය – මගේ මවට වධ දී ඇයව නැති කළ  ඔවුන් ඉක්මනින්ම මා වෙත එනු ඇත”

මේ කතාවට ප්‍රධානම හේතුවක් වී තිබුණේ ජේම්ස්ට සහ හැරීට ඉඟුරු පැහැ හිසකෙස් පැවතීම බව කියැවෙනවා. චාල්ස් රජු මේවා දෙස හාස්‍යජනක ලෙස බැලූ බවත් ඉඳහිට සරදම් කළ බව ද හැරී කුමරු පවසනවා.

කෙසේ නමුත් තමන්ගේ උපත සම්බන්ධයෙන් අසත්‍ය සහ දරුණු මට්ටමේ කටකතා පැතිරීම කිසිවෙකුටත් දරන්නට අපහසුයි. අම්මාගේ ප්‍රේම සම්බන්ධතා ගැන පුළුල් මනසකින් බැලුවත් කටකතා පැතිරවීමට එරෙහිව පුවත්පත්වලට නඩු දමන්නට හැරී කුමරු ක්‍රියා කරන්නට ඇත්තේ එ හන්දා විය හැකියි.

ජනප්‍රිය පුද්ගලයන්ගේ ජීවිතවලට ඕනෑවට වඩා එබීම සහ පුවත් නිර්මාණය කිරීම මේ වෙද්දී දරුණු මට්ටමේ ඛේදවාචකයක්!

Related Articles

Don't Miss


Latest Articles