ඔයාගේ කොණ්ඩය දැන් ටික ටික සුදු වෙනවා වගේද? එතකොට අනිවාර්යයෙන් ම කොණ්ඩය කළු කරන්න ඔයාට හිතෙනවා ඇති. ඒත් කෘත්‍රිම ද්‍රව්‍ය වලින් කොණ්ඩය ඩයි කරන්න ඔබ අකමැති නම් ස්වභාවික ද්‍රව්‍ය වලින් හෙයා ඩයි පැක් හදලා බලමුද? ඔබේ පෞරුෂය වඩාත් ඔප් නංවන්න කොන්ඩයත් හේතු වෙන නිසා මේ පැක් එක ඔයාට ගොඩක් වැදගත් වෙයි.
මේ පැක්වලින් ඔයාට වඩාත් පහසුම පැක් එක පාවිච්චි කරලා බලන්න. මේ ඕනෑම සත්කාරයකට කලින් ෂැම්පු පමණක් දමා කොණ්ඩය සෝදන්න.මේවා උදෑසන 8 – දවල් 2 අතර කරන්න වග බලා ගන්න.
නෙල්ලි පැක් එක
අවශ්‍ය ද්‍රව්‍ය
කරපිංචා කොළ යුෂ
නෙල්ලි යුෂ
සාදා ගන්නා අන්දම
යුෂ එකට මිශ්‍ර කර හිසේ ගල්වන්න
පැයක් පමණ තබා හිස සෝදා හරින්න
බීට් රූට් පැක්
බීට් රූට් අලයක්
ස්වභාවික හෙනා කුඩු (ඇමෝනියා රහිත)
කෝපි කුඩු
බිත්තර
යෝගට්
ඔලිව් තෙල්
සත්කාරය කරන අන්දම
බීට් අලය හොඳින් ස්ටීම් කරන්න
බීට් නිවුණු විට බ්ලෙන්ඩ් කර යුෂ ලබා ගන්න
ඒ මිශ්‍රණයට හෙනා කුඩු එකතු කරන්න.
එය ශීතකරණයේ පැය එකහමාරක් තබන්න
එයට යෝගට්,බිත්තර, ඔලිව් තෙල් එකතු කරන්න.
හිසේ ආලේප කරන්න. ෂවර් කැප් එකකින් හිස ආවරණය කරන්න.
පැය දෙකකට පමණ පසු සාමාන්‍ය ජලයෙන් සෝදන්න
කන්ඩිෂනර් පමණක් ආලේප කරන්න
හිස වේලෙන්නට හෙයා ඩ්‍රයර් භාවිතා කරන්න එපා.
අලිපේර පැක් එක
අවශ්‍ය ද්‍රව්‍ය
අලිගැටපේර
යෝගට් 1
බිත්තර 1
විටමින් ඊ
ඔලිව් තෙල්
සත්කාරය කරන අන්දම
අලිගැටපේර හොඳින් පොඩි කර අනිත් ද්‍රව්‍ය එකතු කරන්න.
හිසේ සහ හිස කෙස්වල අතුලන්න
ෂවර් කැප් එකක් යොදා පැය එකහමාරක් ඉන්න.
සාමාන්‍ය වතුරින් සෝදා හරින්න
පැය හතරකට පමණ පසු බිත්තර ගඳ යන්නට ෂැම්පු යොදා සෝදා හරින්න.
තොරතුරු ලබා දීම – ප්‍රවීණ රූපලාවණ්‍යවේදිනී මධු ජයවීර මහත්මිය