රටකජු 100gකින් පහසු රසකැවිලි තුනක්

කවුරුත් කන්න කැමති කෑමක් තමයි රටකජු කියන්නේ. ඉතින් රටකජු 100g භාවිතා කරලා පහසුවෙන්ම හදාගන්න පුළුවන් රසකැවිලි මොනවද කියලා බලමුද ?

Peanut caramel slice

අවශ්‍ය ද්‍රව්‍ය

පොතු ඉවත්කරගත් රටකජු 100g
ඕට්ස් පිටි 80g
peanut butter තේ හැඳි 2
මේපල් සිරප් හෝ මී පැණි තේ හැඳි 4
සීනි මේස හැදි 2
බටර් 25 g
ලුණු ස්වල්පයක්

හදන්නෙ මෙහෙමයි

අවන් එක 160° C ට preheat කරන්න

Food processor එකක හෝ blender එකකට ඕට් පිටි සහ රටකජු සහ සීනි එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න

ඉන්පසු එය භාජනයකට දමා එයටම රටකජු බටර් , මේපල් සිරප්  , බටර් සහ ලුණු ස්වල්පය එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

මිශ්‍රණය තැටියකට දමා ගෙන මිනිත්තු පහළවක් විස්සක් අතර කාලයක් බේක් කරගන්න.

ටොපිං එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

කොකෝවා කුඩු 30g
පොල්තෙල් ස්වල්පයක්
maple syrup තේ හැඳි 2
කිරි මේස හැඳි 2
රටකජු බටර් මේස හැඳි 1

හදන්නේ මෙහෙමයි

මේ සියලූ අමුද්‍රව්‍ය ඉතා හොඳින් මිශ්‍ර කරගන්න.

පිළිගැන්වීම

බේක් කර ගත් රටකජු මිශ්‍රණය උඩින් ටොපිං එක වක්කර පැය කිහිපයක් ශීතකරණයේ තබා කෑලි කපා ගන්න

Peanut & jam pudding

අවශ්‍ය ද්‍රව්‍ය

Peanut 100g
ඔබ කැමති ආකාරයේ ශීත කල බෙරි 400g
ස්ට්‍රෝබරි ජෑම් 100g
ඉරිඟු පිටි තේ හැඳි 1
පාන් පිටි 100g
බටර් 200g
සීනි 200g
බිත්තර 3
වැනිලා තේ හැඳි 1
කිරි තේ හැඳි 2 – 3
පිළිගැන්වීම සඳහා vanilla ice cream

හදන්නේ මෙහෙමයි

විශාල සාස්පානක් ලිප තබා එයට ශීත කල බෙරි සහ ජෑම් එකතු කර ඉතා අඩු ගින්දරේ  සෝස් එක සකස් කර ගන්න

එම සෝස් එකෙන් කුඩා ප්‍රමාණයක් ගෙන එයට තිරිඟු පිටි තේ හැඳි එක එකතු කරන්න.ඉන්පසු එය සාස්පානේ ඇති මිශ්‍රණයට එකතු කර විනාඩි දෙකක් මදගින්නේ පිසගන්න.

දැන් එම මිශ්‍රණය ඔබේ පුඩින් භාජනයේ අඩියට වක් කරන්න

දැන් රටකජු හොඳින් ග්‍රයින්ඩ් කර ගන්න.

ඉන්පසුව බටර් සහ සීනි හොදින් බීට් කර ගන්න.එයටම බිත්තර , වැනිලා , පිටි සහ ග්‍රයින්ඩ් කරගත් රට කජු සහ අවශ්‍ය නම් රටකජු බටර් ස්වල්පයක් එකතු කරගන්න.

අවසානයට කිරි එකතු කර නැවතත් බීට් කරගන්න

දැන් මෙම මිශ්‍රණය කලින් සකස් කරගත් සෝස් එක මතට දාගන්න

විනාඩි හතළිහක් හෝ 45 ක් වැනි කාලයක් හොඳින් බේක් කර ගෙන අයිස්ක්‍රීම් සමඟ පිළිගන්වන්න

Peanut cookies

අවශ්‍ය ද්‍රව්‍ය

රට කජු 100g
පාන් පිටි 100g
වැනිලා ස්වල්පයක්
සීනි 100g
පොඩි කළ කෙසෙල් ගෙඩි 2
පොල් තෙල් මේස හැඳි 1
baking powder තේ හැඳි 1/2

හදන්නේ මෙහෙමයි

අවන් එක 180 ° C දක්වා preheat කර ගන්න

සියලුම අමුද්‍රව්‍ය ගුලියක් සේ එනතෙක් මිශ්‍ර කරගන්න

බේකින් ට්‍රේ එකක් මතට බේකින් පේපර් එකක් දමා මිශ්‍රණය කුකීස් හැඩයට සකස් කරගෙන අතුරා ගන්න

ඉන්පසුව විනාඩි විස්සක් බේක් කර ගන්න


Related Articles

Don't Miss


Latest Articles