“අවුරුදු හතරකට කළින් ඔයාගේ අම්මා මාව දාලා ගියේ ස්වාධීන ගෑණියෙක් විදියට ජීවත් වෙන්න ඕන කියල. දැන් එයාගේ දුව මට කෝපි අල්ලනවා මේ ප්ලේන් එකේදි. කවුද ඔයාගේ තාත්තා” මාක් එහෙම ඇහුවෙ මහ හයියෙන් උපහාසයට වගේ හිනා වෙවී.
මාක් කියන්නෙ ඉතාම විශාල තොරතුරු තාක්ෂණ ආයතනයක් පවත්වාගෙන යන ඉතාම ධනවත් මනුස්සයෙක්.
ඒත් මොනතරම් සල්ලි තිබුණත් අපිට සල්ලි දීල ගන්න බැරි දේවල් මොනතරම් නම් මේ ලෝකෙ තියෙනවද?
එහෙම නේද? ජීවිතේ කියන්නෙම දෙයක් දෙද්දි තවත් දෙයක් අරගන්න මහ අරුම පුදුම සංසිද්ධියක්නෙ. මාක්ගේ ජීවිතේත් හරිම වෙනස්. මොන ප්‍රශ්න තිබුණත් අපේ ජීවිතේ ලස්සන කරගන්න අපි වටේ අපිට පවුලක් තියෙනවා. අපිට ආදරය කරන අය ඉන්නවා.
මහා ලොකු ධනවතුන් නොවුනට, ඒ පවුලෙන්, හිතවතුන්ගෙන් ලැබෙන ආදරය, පිළිගැනීම කවදාවත් මිලකරන්න බැහැ.
ඒත් මාක්ගේ ජීවිතේ පිරිලා තිබුනේ තනිකමෙන් සහ පාලුවෙන්. පහුගිය කාලෙ පුරාවටම මාක්ගේ ජීවිතේට අනන්තවත් කාන්තාවෝ ඇවිත් ගියාට මොකද ඒ කිසිම කාන්තාවක් මාක් ළඟ සදාකාලිකව නතරවෙන්න වගේම මාක්ට දාව දරුවෙක් බිහි කරන්න කැමති වුණෙත් නෑ.
ආදරේ, හැඟීම්, බැඳීම් සල්ලිවලට ගන්න අපිට පුලුවන්කමක් නෑනෙ. සමහර වෙලාවට අනන්ත අප්‍රමාණ ධනයක් තියෙන කෙනෙක්ට ආදරේ බිඳුවක්වත් ලැබෙන්නෙ නැති වෙන්න පුලුවන්. ඒ වගේම සමහර කෙනෙක්ට තියෙන එකම වත්කම ආදරය විතරක්ම වෙන්න පුළුවන්.
අවුරුදු 40ක් වයස මාක්, ජීවත් වුණේ විශාල මන්දිරයක. තනියම.
එයාගේ තනියට කියල හිටියෙ ඒ විශාල මන්දිරයේ වැඩපල කරන්න හිටපු සේවකයන් විතරයි.
තනිකම නිසා මාක්ගේ හිතේ පිරිලා තිබුණ සිතිවිලි කටෙන් පිටවුණේ බැණුම් විදියට.
තමන්ගේ සේවකයන්ට මාක් කොච්චර නම් බණිනවද? සමච්චල් කරනවද? අපහාස කරනවද?
ඒත් වටපිටේ ඉන්න මිනිස්සුන්ටත් බැණ අපහාස කර කර මාක් නිතරම හිතපු දෙයක් තිබුණා.
“මටත් මෙහෙම ළමයි හිටියනම්, ඒ අය සෙල්ලම් කරනව දකින්න මට තිබුණා නේද?” මාක් එහෙම හිතුවෙ නිවාඩු දවස්වලට එයාගේ මහා මන්දිරයේ ඉහළ බැල්කනියේ ඉඳගෙන් තනියම කෝපි කෝප්පයක් බොන ගමන්, අහල පහල ගෙවල්වල මිනිස්සු තමන්ගෙ ආදරණීයයන් එක්ක දවස සතුටින් ගෙවන දිහා බලාගෙන.
මොනතරම් සාර්තක, ධනවත් ව්‍යාපාරිකයෙක් වුණත් මාක් සිතෙන් හිටියෙ ඒ වගේ විඳව විඳව.
දවසක් සති අන්තයක ගෙදරට වෙලා විවේකීව හිටපු මාක්ට කෝල් එකක් එනවා. එයාගේ පෞද්ගලික ලේකම්වරියගෙන්.
“සර්, සෙනසුරාදා දවසක කෝල් කරාට මට සමාවෙන්න.ඒත් හදිසි කාරණාවක් තියෙනව මට කියන්න”
ජූලියා කලබලෙන් එහෙම කිව්වෙ තමන්ගෙ ප්‍රධානියාට ඒ ගැන තරහා යන එකක් නෑ කියල හිත හිත.
මොකද මේ හැම සේවකයෙක්ම දැනගෙන හිටියා මාක්ව අවුස්ස ගන්න එක මොනතරම් බය හිතෙන දෙයක්ද කියන එක ගැන.
“ඔව් මොකද්ද?” මාක් එහෙම ඇහුවෙ පුදුම තරහෙන්.
“ඩෙට්‍රොයිට් වල ඉන්න අපේ ක්ලයන්ට්ට අඟහරුවාදා වෙනුවට හෙට සර්ව මුණ ගැහෙන්න අවශ්‍යලු.සතියෙ දවසක ඒ මීටින් එක දාගන්න මම ට්‍රයි කරාට හෙටම හම්බෙන්න ඕන කියල එයා කියනවා”
මාක් යකා මාක් වෙලා ඉන්නව කියල තේරුණ ජූලියා හිටියෙ හරිම බයෙන්.
“ඔක්කොම තනියම ප්ලෑන් කරගත්තට පස්සෙ දැන් මගෙන් තව මොකද්ද අහන්නෙ”
“මට සමාවෙන්න සර් මම ක්ලයන්ට්ට කතා කරලා වෙන දවසකට මීටින් එක ශෙඩුල් කරගන්නම්”
“දැන් ඉතින් ඒ මනුස්සයට ඔක්කොම පොරොන්දු වෙලා ආයෙම කතා කරලා මීටින් එක කැන්සල් කරන්න හදන්න එපා මෝඩයෙක් වගේ. මට ඒ මීටින් එකට යන්න ෆ්ලයිට් එකක් බුක් කරාද?”
“නැහැ සර්, ඒත් හෙට උදේ 8ට ඩෙට්‍රොයිට් වලට යන ෆ්ලයිට් එකක් තියෙනවා. මම ඒක බුක් කරන්නද?”
ඒ කතාව ඇහුවට පස්සෙ ඉරිදා වගේ නිවාඩු දවසක ඔක්කොම වැඩ පැත්තක දාලා ක්ලයන්ට්ව මුණ ගැහෙන්න යන්න වෙන එක ගැන කොහොමත් තරහ යන මාක්ට මොනතරම් තරහා ගියාද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
මාක්ගේ අනුමැතිය එක්ක ෆ්ලයිට් එක බුක් කරන්නම් කියල කිව්ව ජූලියා දුරකතනය තිබ්බට හිතේ තිබ්බ තරහ එක්ක හිතෙන් ජූලියාට සමච්චල් කරන්න මාක් මොහොතක්වත් පසුබට වුණේ නෑ.
“කරන්නම් කරන්නම් කියල කිව්වට ආයෙමත් ඔය මෝඩ ගෑණි ඕක වරද්ද ගනීවි”
ජූලියට හිතෙන් බැන්නට මේ මීටින් එක තමන්ට මොන තරම් වාසිදායකද කියන එක මාක් දැනගෙන හිටියා.
ඉරිදා තමන් ගෙදර නැති බව තමන්ගේ ගෘහ සේවිකාව වන සමන්තාට කියපු මාක් “හෙටත් එන්නෙ නැති නිසා සඳුදත් නෑවිත් ඉන්න බොරුවක් කියන්න හිතාගෙන ඉන්නවද?” කියල සමච්චල් කරන්නත් අමතක කරේ නෑ.
මාක්ගේ කිසිම සේවකයෙක්ට මාක්ට මේ හැටි තරහා යන්නෙ ඇයි කියල හිතාගන්න පුලුවන් කමක් තිබුනේ නෑ. අනිත් එක මාක් බනින ඒව කර බාගෙන අහගෙන හිටියා ඇරෙන්න ඊට විරුද්ධ වෙන්නත් ඒ මිනිස්සුන්ට උවමනාවක් තිබුනෙත් නෑ.මොකද මොන තරම් කෑගැහුවත් මාක් සේවකයන්ට හොඳට ගෙව්වා.
පස්සෙන්දා උදේ ඇහැරුණ මාක් ගුවන් තොටුපොලට යන්න වාහනේ පිටිපස්සෙ වාඩිවෙලා හිටියෙ හැම් සැන්ඩ්විච් එකකුත් අතේ තියාගෙන.
යන අතරමගදී කෝපිත් මිලට ගත්ත මාක්ව දකින ඕනම කෙනෙක්ට මතක් වුණේ ඉංග්‍රීසි චිත්‍රපටවල අපි දකින බොහොම ධනවත් ව්‍යාපාරිකයන්ව.
ඒත් මේ ලිපිය ලියන අතරවාරෙදිත් මට මතක් වුණේ මේ ධනවත් මිනිස්සු ධනවත් වෙන්න කැපකරපු දේවල් නම් මොනතරම් ද කියලා.
තමන්ගේ සතුට, නිදහස, විවේකය…
මොනතරම් නම් දේවල් කැපකරලා හැමදේම ලබාගන්න මාක්ට පුලුවන් වෙලා තිබුණත් ඒ කිසිම ධනයකින් මිල දී ගන්න බැරි තරම් දේවල් මාක්ට තිබුණා.
බොහොම ලස්සනට ඇඳ පැළඳගෙන ගුවන් තොටුපලට ගියාට මොකද හිතේ සැනසිල්ලෙන් ගුවන් යානයට නගින්න නම් මාක්ට පුලුවන් වුණේ නෑ.
“කෝ මේ වැඩකට නැති ගෑණි” කියල හිතෙන් බනින ගමන් මාක් ජූලියාට කතාකරන්න දුරකතනය අතට ගත්තා.
හැබැයි අනිත් පැත්තෙන් ජූලියාට මාක්ට කියන්න තිබුනෙ නම් හොඳ ආරංචියක් නෙවෙයි. එදා උදේ නාන කාමරයේ වැටිල තමන්ගේ කකුල ආබාධයකට ලක් වෙලා කියල ජුලියා කිව්වම මාක්ට දැනුනෙ සුලුපටු තරහක් නම් නෙවෙයි.
ඉරිදා නිවාඩු දවසෙ ක්ලයන්ට් මීටින් එකක්. ඊටත් අමතරව දැන් මීටින් එකේ නෝට්ස් එහෙම ගන්න ඕන තමන්ගේ පෞද්ගලික ලේකම්වරියටත් අදම නාන කාමරයේ ලිස්සල වැටෙන්න ඕන වුනා.
මාක් ගුවන් යානයට නැග්ගේ ඒ තරහත් එක්කමයි.
අපි වගේ නෙවෙයි මේ වගේ ඉතාම ධනවත් ව්‍යාපාරිකයන් යන්නෙ ප්ලේන් වල අපි යන්නේ එකොනොමි ක්ලාස් එකේ නෙවෙයිනෙ.
එක්කො ෆස්ට් ක්ලාස් හරි බිස්නස් ක්ලාස් එකේනේ.
ඉතින් ඒ වගේ අංශවලට ලැබෙන වරප්‍රසාද රැසක් මේ ගුවන් ගමනෙදි අත්විඳින්න මාක්ටත් අවස්තාව ලැබුණා.
“ආයුබෝවන් සර්, ඔබේ පැය 3 ගමන පුරාවටම ඔබට සේවය කරන්නේ මම.යමක් අවශ්‍ය නම් මට කතාකරන්න සර්”
ඉතාම ආචාරශීලීව මාක්ව පිළිගත්තෙ ගුවන් සේවිකා ක්‍රිස්ටල්.
ඒත් නිවාඩු දවසක, ක්ලයන්ට් මීටින් එකක් වැටුණ, පෞද්ගලික ලේකම්වරිය නාන කාමරේ වැටිල කකුල කඩාගත්ත නිසා තනියම ඒ මීටින් එකට යන්න වුණ මාක්ට නම් ක්‍රිස්ටල් තරම් ආචාරශීලී වෙන්න පුලුවන් උනේ නෑ.
“අනේ මේ මෙතන කියව කියව ඉන්නෙ නැතිව කරුණාකරලා යනවද?’
හැබැයි තමන්ගේ හිත පුරා තිබුන මනුස්සකම් වගේ රැකියාවේදී පවත්වාගත යුතු ආචාරශීලීත්වය නිසා ක්‍රිස්ටට් ඒ හැමදේම පිළිගත්තෙ හිනාවකින්.
මාක් ළඟට පලතුර යුෂ වීදුරුවක් අරගෙන ආව ක්‍රිස්ටල් මාක්ට පලතුරු යුෂ වීදුරුව තබා ගත හැකි ආකාරයට ඉදිරියේ ඇති මේසය සැකසුවා.
“ඔය අපිරිසිඳු දෑත් අහකට ගන්නවා. අනික මට දැන් ජූස් එකක් ඕන නෑ. මට ඕන කෝපි එකක්”
මේ තමයි ක්‍රිස්ටල්ගේ වසර දෙකක රාජකාරි ජීවිතේ ඇතුලෙ මගියෙක් මෙහෙම ඇය එක්ක හැසිරුණ අවසාන වතාව.
ඒත් ක්‍රිස්ටල් ඉතාම ඉවසීමෙන් මාක්ට අවශ්‍ය දේවල් ලඟටම ගෙනත් දුන්නා.
ඒ අතරවාරේ මාක් දැක්කෙ කවදාවත් ආයෙමත් දකින්න ලැබේවි කියල බලාපොරොත්තු නොවුන දෙයක්.
“ක්‍රිස්ටල්ගේ අතේ තිබුණ ඉන්නා? මම කොහෙද ඒක කලින් දැක්කෙ?
කොලීන්…
තමන්ගේ පැරණි පළමු පෙම්වතිය වන කොලීන්. ඇයගේ අතේ තිබුණෙත් මේ වගේම ඉන්නෙක්. ඒ වගේම සළකුණක් ක්‍රිස්ටෙල් අතට ආවෙ කොහොමද?”
ක්‍රිස්ටෙල් දිහා බලන ගමන් “මේ කොලීන්ගෙ දුවෙක් වෙන්න පුලුවන්ද?” කියල මාක් හිතන්න පටන්ගත්තෙ හිතට නිස්කලංකයක් දැනුනෙ නැති නිසා.
දිවා ආහාරය අරගෙන මාක් ළඟට ආව ක්‍රිස්ටල්ගේ ඇඳුමේ රඳවලා තිබුණ නම සහිත ටැග් එක දිහා බලන්න මාක් උත්සහ කරේ තමන්ගේ හිතට දැනෙන මේ සිතිවිල්ල හරිද වැරදිද කියල දැනගන්න.
ක්‍රිස්ටල් ගේ වාසගම, මාක්ගේ පැරණි පෙම්වතිය වන කොලීන්ගේ වාසගමමයි.
ඒත් එහෙම වෙන්න පුලුවන්ද? මොනතරම් පුදුමයක්ද? ඒ නිසාම තමයි මාක් ඉවසල බැරිම තැන ක්‍රිස්ටල් ගෙන් මේ ගැන අහන්න හිතුවේ.
කොලීන් කියන්නෙ ක්‍රිස්ටල්ගෙ අම්මා කියල දැනගත්තම මාක් පුදුම වුණා කියන එක අහන්න දෙයක්ද?
ඒත් තමන්ගෙ පැරණි පෙම්වතියට දැන් කොහොමද කියල අහනවට වඩා මාක්ට කරන්න ලොකු වැඩක් තිබුනා.
ඒ මාක්ට එහා පැත්තෙ වාඩිවෙලා ඉන්න මනුස්සයවත් තමන්ගෙ සංවාදයට ඇදල අරගෙන ක්‍රිස්ටල්ට සහ කොලීන්ට අපහාස කරන එක.
“හහ් හහ් හා. කොලීන්ගේ දුව තුට්ටු දෙකේ පඩියට වැඩ කරන ගුවන් සේවිකාවක්”
“සමාවෙන්න සර් ඔබට මගේ මවට අපහාස කරන්න කිසිම අයිතියක් නෑ”
“ඇයි නැත්තේ ඔයාගේ අම්මා මගේ පැරණි පෙම්වතියක්. ඉතින් මට සම්පූර්ණ අයිතිය තියෙනවා ඇය ගැන කතාකරන්න”
ක්‍රිස්ටල්ට සමච්චලේට හිනා වුණ මාක් එතනින් නතර වුණේ නෑ. තමන්ට එහා පැත්තෙ වාඩිවෙලා හිටපු තව මගියෙක්වත් මේ කතාවට ඇදල ගත්තෙ තමන්ගෙ තත්ත්වෙ, තරාතිරම, මනුස්සකමට නුසුදුසු විදියට.
“මෙයාගේ අම්මා මාත් එක්ක කළින් යාලු වෙලා ඉඳියා. එයා මාව දාලා ගියේ දරුවා හදන්න බෑ කියලා සහ තනියම තමන්ගෙ හයියෙන් නැගිටින්න ඕන කියල. දැන් බලන්නකො එහෙම කියපු ගෑණිගෙ දුව තමයි අද මට මේ ප්ලේන් එකේදි කෝපි අල්ලන්නේ. මොනතරම් විහිලුවක්ද? අම්ම ඔය විදියටද තනියම නැගිටල තියෙන්නෙ?
කවුද ඔයාගේ තාත්තා”
මාක් ඇහුවෙ ක්‍රිස්ටල්ට තව ලැජ්ජ කරන්න කියල හිතාගෙන වුනාට මොකද ඒ ප්‍රශ්නෙට උත්තරේ තමන් ලඟම තියෙනව කියල මාක් හිතුවෙවත් නැතුව ඇති.
“මම ඔයාගෙ තාත්තාගෙන් අයින් වුණා, ඒත් තාමත් එයා මගෙ හිත ඇතුලෙ ඉන්නවා”
ක්‍රිස්ටෙල්ට මතක් වුණා අම්මා එහෙම කියනවා.
සැබෑ ආදරේ ලඟ රැඳුනත් නැතත් වෙනසක් වෙන්නෙ නෑ කියනවනේ? කොලිනුත් ඒ වගේ. සැබෑවටම ආදරේ කරපු ගෑණියෙක්.
“මම හිතන්නේ ඔබ තමයි මගේ තාත්තා”
“මොකක්?”
“ඔව්, මගේ අම්මා ඔබෙන් වෙන්වෙනකොට ඇය ගැබිණියක්ලු. අම්මා කිව්ව තාත්තා දාලා ගියේ ඒ කිසි දෙයක් නොදැන කියලා. එයා වෙන කෙනෙක්ව බැන්දෙ නෑ. ඔයාගේ නම මාක් නේද?”
මාක් හිටියේ හිතාගන්නවත් බැරි තැනක.
මෙහෙම වෙන්න පුලුවන්ද?
අවුරුදු ගණනාවක් තිස්සේ ජීවත් වෙනවා කියලවත් නොදැන උන්නු දුවෙක්ව, මහ පොළොවට අඩි දහස් ගාණක් උඩ අහසෙදි හම්බෙන්න පුලුවන්ද?
දෙවියනේ…
මම එතකොට කොලීන්ව අතෑරල දැම්මෙ එයා මගේ දරුවෙක්ව දරාගෙන ඉද්දි…
කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කොලීන්ව අතෑරලා දාපු එක ගැන මාක් දුක් වුණා.
ඊටත් වඩා තමන් තමන්ගෙම දුවට සලකපු නරක විදිය මාක්ගෙ හිතට වද දුන්නා.
වසර දෙකකට පෙර කොලීන් මිය ගිය බවටත්, අධ්‍යාපනයට අවශ්‍ය මුදල් හොයාගන්න මේ රැකියාව කරන බව ක්‍රිස්ටල් කීමත් එක්ක මාක්ට මතක් වුණා මේ තමන්ගෙ කෙනෙක් වෙනුවෙන් තමන් වගකීමක් ඉටු කරන්න ඕන මොහොතක් බව.
දුව හම්බුනේ අවුරුදු ගාණකට පස්සෙ බව ඇත්ත. තමන් ඇයගේ අම්මව අතෑරලා දාපු එක ඇත්ත.
මේ බලාපොරොත්තු නොවුණ බැඳීමක් බව ඇත්ත.
ඒත් දුවෙක් කියන්නේ ඕනම තාත්තා කෙනෙක්ගෙ ලොකුම බලාපොරොත්තුවක්…
එහෙම නේද?
සේවා දායක හමුව අවසන් වෙලා ආපහු ගෙදර ගිය මාක් ගියේ තනියම නෙවෙයි, ක්‍රිස්ටල් එක්ක.
අම්මා නැතුව හැදුන ක්‍රිස්ටල්ට මේ ලෝකේ ඉන්න එකම හිතවතා තමන්ගේ තාත්තා. මාක්ටත් එහෙමයි.
හැම වරදකටම සමාව ඉල්ලුව මාක් ආයෙ ගෙදර ගියේ රජෙක් වගේ.
දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් කියන්නෙ රජෙක්.
ඉතින් මේ කතාවෙන් අපි ඉගෙන ගන්න ඕන දේ තමයි මේ ජීවිතේ හමුවන හැම කෙනෙක්ටම අපි යහපතම කරන්න ඕන බව. සමච්චල් කරල කෙනෙක්ගෙ හිත රිද්දන්න අපිට පුලුවන්කමක් නෑ.
අපි දන්නේ නෑ අපි කාටද සමච්චල් කරන්නෙ කියල. සමහරවිට මාක්ට වගේම කවදහරි අපිටත් පසුතැවෙන්න වෙන්න පුලුවන්.
ඉතින් ඒ වගේ පසු තැවීමකට ඉඩ නොතබා ජීවිතේ තමන්ටත් අනුන්ටත් යහපත් විදියට Smart විදියට ගෙවන්න අපි හැම මොහොතෙම කටයුතු කරමු!