රස්නේ කාලෙට සුදුසු මේකප් එකක්

රැකියාවලට යන සහ වෙනත් අවස්ථාවන් වලට සහභාගී වන ඔබ සරල මේකප් එකක් හෝ කර ගන්නට කැමැත්තක් දක්වනවා ඇති. නමුත් උණුසුම් කාලගුණයක් සහිත දින , එහෙමත් නැත්නම් රස්නෙ කාලෙදී මේ වගේ මේකප් එකක් කරගෙන කාලය ගත කරන එක තරමක් අපහසුයි. මේකප් එක දියවීම , ඉරිතලා යාම හෝ එහි පෙනුම වෙනස්වීම මේ රස්නය නිසා සිදුවන්නට පුළුවන්. ඒ නිසා රස්නෙ කාලෙට ගැලපෙන විදිහට මේකප් එකක් කරන විදියයි මේ ලිපියෙන් ඔබට කියන්නේ.

ඔබේ skin care සමඟ ආරම්භ කරන්න 

ඔබේ මේකප් එක බොහෝ වේලාවක් රඳවා තබා ගැනීම සඳහා මේකප් එකට පෙර ඔබේ සම සූදානම් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉන්පසුව මොයිස්චරයිසර් එකක් සහ ප්‍රයිමර් එකක් ආලේප කිරීමත් වැදගත්. මොයිස්චරයිසර් එකක් ආලේප කිරිමේදී ඉතාම සියුම් තට්ටුවක් ලෙස ආලේප කර ගත යුතු වෙනවා. විශේෂයෙන් උණුසුම් කාලගුණයක් සහිත කාලයකදී ඔබට සැහැල්ලු ආකාරයේ මොයිස්චරයිසර් එකක් භාවිතා කළ හැකි නම් වඩාත් සුදුසුයි.

Foundation සහ concealer 

මේ වර්ග දෙකක් ඔබ භාවිතා කළ යුතු වන්නේ ඉතාම අඩු වශයෙන්. එනම් ඉතාම මෘදු තට්ටුවක් ආකාරයෙනුයි. මෙහිදී ඉතා හොඳ තත්වයක සහ හොඳ ගුණාත්මකභාවයකින් යුතු foundation එකක් ඔබ තෝරා ගන්නවානම් ඔබට වඩාත් පහසුයි. එවැනි foundation වල ආවරණය ඉතා හොඳ නිසා ඔබට foundation වැඩි ප්‍රමාණයක් ආලේප කිරීමට සිදුවන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් නම් ඒ සඳහා නිෂ්පාදනය කළ නිෂ්පාදන භාවිතා කරන්න අමතක කරන්න එපා 

Powder කිරීම

ඔබේ මේකප් එක හොඳින් සීල් කර ගැනීම සඳහා මේකප් එක අවසානයේදී අනිවාර්යයෙන්ම පවුඩර් කළ යුතු බව ඔබ දන්නවා. ඔබේ මේකප් එක දිය වී නොයාමට නම් අවශ්‍ය වන්නේ ඉතාම සිහින් powder තට්ටුවක් පමණයි. විශේෂයෙන්ම රස්නය අධික කාලයක දී ඔබට විශාල වශයෙන් මේකප් භාවිතා කිරීමට හැකියාවක් නැති නිසා ඉතාම සිහින් පව්ඩර් තට්ටුවක් පමණක් ආලේප කරන්න. 

Eye primer 

ඔබ සාමාන්‍ය දිනයක දී මේකප් කරන විට eye primer එකක් භාවිතා නොකලත් රස්නය අධික කාලයක දී eye primer එකක් භාවිතා කළ යුතු වෙනවා. ඇස් වටා සම සිහින් නිසා දහඩිය දැමීම ඉක්මනින්ම සිදුවනවා. ඒ නිසා ඔබේ අයි මේකප් එක ඉක්මනින් දියවී යාමට හැකි නිසා eye primer එකක් භාවිතා කිරීම ඉතාම වැදගත්.eye primer එක ආලේප කිරීමෙන් පසුව මද වේලාවක් ඒ වියලෙන්නට හැර ඔබට අවශ්‍ය ආකාරයට eye makeup එක කරගන්නට පුළුවන්

Blusher කිරීම

ඔබ liquid blusher භාවිතා කරන කෙනෙක් නම් රස්නය අධික කාලවලදී මේකප් කිරීම සඳහා ඔබට powder පවුඩර් ආකාරයේ blusher එකකට මාරු වීමට සිදු වෙනවා. එයින් ඔබේ මේකප් එකට ඉතා හොඳ පෙනුමක් ලබා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. 

lipstick

මේ වන විට වෙළඳපලේ බොහෝ ලිප්ස්ටික් වර්ග තිබෙනවා. ඒ කොහොම වුණත් රස්නය අධික කාලයක දී භාවිතා කිරීමට වඩාත් සුදුසු වන්නේ දිගුකාලීන රඳවා ගැනීමේ හැකියාවක් ඇති මැට් ආකාරයේ ලිප්ස්ටික් වර්ගයි. මෙය ඔබේ eye makeup එකේ වර්ණ වලට අනුව සහ දැන් මේ වර්ණ වලට අනුව ගලපා ගත යුතුයි 

Settings spray

ඕනෑම මේකප් එකක් අවසානයේ දී settings spray එකක් භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. ඔබ කුමන ආකාරයේ මේකප් එකක් කළත් එය රඳවා ගැනීම සහ එයට හානි නොවී පවත්වාගැනීම සඳහා හොඳ ගුණාත්මකභාවයකින් යුතු settings spray එකක් භාවිතා කල යුතුයි.

රස්නය අධික කාලයක දී දහඩිය දැමීම වෙනදාට වඩා වැඩි නිසා රැකියාවකට හෝ වෙනත් අවස්ථාවලට සහභාගි වන ඔබට මේකප් කිරීම තවදුරටත් ගැටලුවක් වෙන එකක් නැහැ. 

Related Articles

Don't Miss


Latest Articles