නිවැරැදිව Base එක ආලේප කරන්න දන්නවාද?

තම රුව වඩාත් හොඳින් ඉස්මතුකර ගන්නට නම් සමේ පැහැයට, පෙනුමට ගැළපෙන ආකාරයෙන් මේක්අප්  කිරීමට අවශ්‍යයි. මේක්අප් කරනවා නම් ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබා තිබීමත් ඉතා වැදගත්.

Base එක ආලේප කිරීම මේක්අප් කිරීමේදී ඔබේ අවධානය හිමි විය යුතු වැදගත් මූලික පියවරක්. සමස්ත මුහුණම තනි පැහැයකට ගෙන ඒම මෙහිදී සිදු කරනු ලබයි. මෙහිදී සමට ගැළපෙන වර්ණයේ හා වර්ගයේ ෆවුන්ඩේෂන් එකක් භාවිතා කළ යුතුයි. දියරමය/ක්‍රීම් ෆවුන්ඩේෂන්, ස්ටික් ෆවුන්ඩේෂන්, පවුඩර් හා කේක් ෆවුන්ඩේෂන් ලෙස විවිධාකාරයේ ෆවුන්ඩේෂන් වර්ග  වෙළඳපළෙන් ලබා ගත හැක.

බේස් එක යෙදීමට කලින් මුහුණට සුදුසු ෆේස් වොෂ් එකක් භාවිතකර සම පිරිසුදු කර ගන්න. Moisturizer එක ආලේප කර makeup primer (මේකප් ප්‍රයිමර්) එක එ් මතින් ආලේප කරගන්න. Concealer (කන්සීලර්) එකකින් කුරුළෑ ලප කැළැල් ආවරණය කරගන්න. මුහුණේ ෆවුන්ඩේෂන් ක්‍රීම් ආලේප කළ යුත්තේ ඉන්පසුවයි.

දියරමය ෆවුන්ඩේෂන් ආලේප කිරීමේ දී එය ආලේපකොට මුහුණේ යම් ආලේපයක් ගෑවා නොගෑවා සේ පෙනෙන පරිදි හොඳින් මුහුණ පුරා ස්පොන්ජ් එකකින් බ්ලෙන්ඩ් කළ යුතුයි. ෆවුන්ඩේෂන් පවුඩර් ආලේපනය කිරීමේදී වඩාත් නිවැරැදි ක්‍රමය වන්නේ Powder Puff එකකින් ආලේපකර ගැනීමයි.  නමුත් තට්ටු ලෙස වැටෙන සේ ආලේප කිරීමෙන් වළකින්න. බ්‍රෂ් එකකින් වැඩිපුර මුහුණ මත ඇති ප්‍රමාණය පිස දමන්න.

අනතුරුව මෙම බේස් එක සීල් කරගත යුතුයි. ඒ සඳහා Set Spray එකක් හෝ සිසිල් ජලය ස්ප්‍රේ බෝතලයකට දමා බේස් එක මතට ස්ප්‍රේ කළ හැක. ඉන්පසු ටිෂූ එකකින් තෙත මාත්තු කරන්න. මෙමඟින් බේස් දිගු වේලාක් නොවෙනස්ව තබා ගත හැක. මේ ආකාරයට බේස් එකක් දමා ගත හොත් ඔබේ මේක්අප් එක ලස්සනට තබා ගන්නට හැකි වේව්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles