අලුත් Couple එකට වටින තෑග්ගක් මේ විදිහට තෝරගනිමුද?

ලාංකීකයන් හිස් අතින් උත්සවයකට යෑමට දක්වන්නේ මැලිකමක්. තිළිණයක් පිරිනැමීම සේම පිළිගැනීමද සිතට සතුට දනවන්නක්. විශේෂ අංගයක් ලෙස මංගල උත්සවයේදී යුවතිපති දෙපළට තිලිණ ලබාදීම හඳුන්වන්න පුළුවන්. මෙය නව යුවලගේ නව දිවිය සාර්ථක වේවා යන හෘදයාංගම පැතුමකින් ලබාදෙන්නක්.

විවාහ මංගල්‍ය යනු දෙදෙනෙකුගේ එකතුවක් නිසා අප එක් අයෙකුට පමණක් ගැළපෙන තිළිණයක් ලබා දීම සුදුසු වන්නේ නැහැ. එමනිසාම තිළිණය දෙදෙනාටම ගැලපෙන්නක් විය යුතුයි. හොඳම තෑග්ගක් දෙන්න අතේ  සල්ලි හිඟ වූවත් ටිකක් නිර්මාණශීලිව හිතුවොත් ලැබෙන තෑගි අතර ඔබේ තෑග්ග සුවිශේෂී තෑග්ග කරන්න පුළුවන්.

මෙවැනි අවස්ථාවලදී මුදල් තෑග්ගක් ලෙස ලබාදෙන්නට බොහෝ දෙනා පුරුදුව සිටිනවා. බොහෝ විට වැඩිහිටියන් මෙවන් තෑගි පිළිගත්ත ද තරුණ යුවතිපතීන් මෙවැනි තෑගි පිළිගැනීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. පළමුවෙන්ම නව යුවතිපතීන් Gift registry එකක් අරඹා තිබේදැයි පරීක්ෂා කර බලන්න. Gift registry එකේ ඇති භාණ්ඩයක් සඳහා සම්පූර්ණ මුදල හෝ කොටසක ඔබට ත්‍යාගයක් ලෙස ගෙවිය හැක.  එසේම සෘජුව මුදල් තෑග්ගක් ලෙස ලබා නොදී මුදල් සුරැකුම් පත් හෝ gift voucher ආදිය ලබා දිය හැක.

වර්තමානයේ පහසු මිලකට වීදුරු භාණ්ඩ,  විසිතුරු භාණ්ඩ, විදුලි උපකරණආදිය ලබාගතහැකි නිසා මෙවැනි දේ අනවශ්‍ය ලෙස බොහෝ ප්‍රමාණයක් තිලිණ ලෙස ලැබෙනවා. එනිසා online ක්‍රම ඔස්සේ ඇනවුම් කොට ජාත්‍යන්තර වෙළදපොලෙන්, වඩා හොඳ තේරීමක් කොට, නවතාවයකින් යුතු දෙයක් අඩු මුදලට ගෙන්වාගෙන තිළිණ කල හැක. වටිනා මේසරෙදි හෝ ඇඳ ඇතිරිල්ලි කට්ටලයක්,  Couples watches වැනි යමක් තිලිණ කිරීම ඔවුන්ට වඩාත් ප්‍රයෝජනවත් වේවි.

පිරිසක් එකතුවෙලා මංගල තිළිණයක් ලබා දෙන්නට සුදානමින් සිටිනවානම් ගෘහ භාණ්ඩ, විදේශ චාරිකාවකට ටිකට්, රොමෑනටික් අවන්හලක රාත්‍රී ආහාර වේලක්, අලංකාර පරිසරයක පිහිටි හෝටලයක් වෙන්කරදීම වැනි ත්‍යාගයක් ලබා දුනහොත් ඔවුනට එය සදාකාලිකවම මතක හිටීවි. ඔබේ ආශිර්වාදත් සමඟ නව දම්පතීන්ට වැඩදායී සතුට දනවන ත්‍යාගයක් ලබා දිය හැකි නම් එය ඔබටත් සතුට දනවන කරුණක් නොවේද?

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles