Picnic එකක් යමු ද?

මොකෝ කියන්නේ ට්‍රිප් එකක් යන්ද?

ඒත් බැරිනම් පික්නික් එකක් යන්ද?

අපි බලමු Perfect Picnic එකක් යන්න අපි මොනවද කරන්න ඕන කියලා.

මුලින්ම කරන්න ඕන දේ තමයි පික්නික් එකක් යන්න ඕන කරන ජාති ටික ලෑස්ති කරගන්න එක. ගොඩක් වෙලාවට පික්නික් එකක් කියන්නෙ එක දවසෙ වැඩක්නෙ.ඉතින් කන බොන ජාති තමයි ගොඩක්ම අපිට අරගෙන යන්න තියෙන්නෙ.

හරිම තැනක් තෝරගන්න

මේ තැන ලස්සන වෙන්නත් ඕන, වැඩි කලබල නැති පිරිසිඳු තැනක් වෙන්නත් ඕන. ඒ වගේම තමයි වාඩිවෙලා කන්න බොන්න පුලුවන් විදියට හැදුන හෙවණ තියෙන තැනක් නම් ඔක්කොටම වඩා හොඳයි.

සාමාන්‍යයෙන් නම් ඉතින් පික්නික් යන්නෙ හොඳට වියළි කාලගුනයක් තියෙද්දි නේ. වැස්ස කාලෙක පික්නික් යන්න දාගන්න එපා ඉතින්. වාහනේ ඇතුලටම වෙලා තමයි ඉන්න වෙන්නෙ? හැබැයි කපල් එකකටනම් ඒකත් පොඩි විනෝදයක් වෙයි නේද?

කෑම අරන් යන්නෙ මොකේද?

චිත්‍රපටිවල නම් අපි දැකල් තියෙන්නෙ අර වේවැල් පික්නික් බාස්කට් වල කෑම අරගෙන යනවනෙ. ඒ වුනාට පික්නික් එකක් යන්න ඔය බාස්කට් එකක් ඕනම නෑ. ඔයා ලඟ තියෙන හොඳට ඉඩකඩ තියෙන, ආරක්ෂිතව කෑම අසුරගෙන යන්න පුලුවන් ඕනම විදියෙ බාස්කට් එකක් හෝ බෑග් එකක් මේ වැඩේට පාවිච්චි කරන්න පුලුවන්.

ඔය එක එක සුකුරුත්තං හොයන්න කරදර වෙන්න එපා අනේ. යන ගමන සන්තෝසෙන්ම ගිහින් එක්ක ඔලුව නිදහසේ තිබ්බ නම් ඇති.

කූල් බීම කූල් එකේ තියාගන්න

පලතුරු බීම ජාති අරගෙන යනවනෙ ගොඩක් වෙලාවට පික්නික් එකක් යද්දි. හැබැයි කූල් කරල අරගෙන ගියාට මගක් යද්දි සීතල බැස්සට පස්සෙ බොන්න හිතෙන්නෙත් නෑනෙ. ඉතින් පික්නික් එකට ගෙනියන්න ඕන බීම එක හදල අයිස් කැට අසුරණයක දාලා කැට විදියට හදාගන්න. දියවෙන්න වෙලා යන නිසා ඔය ගමන ගිහින් නතරවෙද්දි ඕන ගානට දියවෙල තියේවි.

ඕන නම් ඒ අයිස් බීම කැට දියකරගන්න ඔයාලට පුලුවන් ස්ප්‍රයිට්, සෝඩා වගේ දෙයක් වෙනම අරගෙනත් යන්න.

සැලඩ්ස් වගේ දේවල් නම් අරන් යද්දි මූණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නෙ අර පෙඟිල, වතුර වගෙ වෙන එකනෙ. ඉතින් ඔය කොල සලාද ජාති වෙනුවට අපි පිපිඤ්ඤා, ගර්කින් වගේ ටිකක් අරගෙන යන් නේද?

ගොඩක් වෙලාවට පික්නික් එකක් ගියාම ඉතින් අපි වාඩිවෙන්නෙ බිමනෙ. බිම වාඩිවෙන්නයි ඇත්ත කියන්නයි ලැජ්ජ වෙන්න ඕන නෑ කිව්වට බිම වාඩිවෙන අකමැති සහ අපහසු අයට ඔන්න පොඩි කුශන් එකක් හරි කොට්ටයක් හරි අරගෙන යන්නත් පුලුවන්.

තේ වෙනුවට බීම පුරවපු ෆ්ලාස්ක්

අපිට ඉතින් ෆ්ලාස්ක් කියන්නෙ තේ. තේ කියන්නෙ ෆ්ලාක්ස් නේ. ඒ වුනාට පික්නික් එකක් යද්දි තේ වෙනුවට මේ ෆ්ලාස්ක් වල ඔයාලට වෙන වෙන බීම ජාති උනත් දාන් යන්න පුලුවන් කියන එක ගැන දැනගෙන හිටියනම් හොඳයි.

ලෙමන්, දෙහි, දොඩම් පෙති වගේ කපල බීම හදාගත්තනම් සීතල රැකෙන විදියට අරගෙන යන්නත් පුලුවන් ඒ වගේම පොඩි වෙනසකුත් වෙයි නේද?

ඔන්න පික්නික් එක යන්නෙ පොඩ්ඩො එක්ක නම් මේක හොඳම හොඳ ක්‍රමයක්.

මේසයක් අරගෙන යන්නෙ බෑ!

පික්නික් එකක් යද්දි ඉතින් මේසයක් අරගෙන යන්න අපිට බෑනෙ. හැබැයි අපි බිම වාඩිවෙලා කන නිසා පිඟන්, කෝප්ප හෙම තියාගන්න පැතලි මතුපිටක් අපිට ඕන වෙනවා.

ඒකට මොකද කරන්නේ?

ඔයාට පුලුවන් කෑම බීම දාගෙන යන්න පරණ, පොඩි ට්‍රන්ක් බොක්ස් එකක් වගේ ලෑස්ති කරගන්න. එහෙම උනා නම් ඒක කෑම කන වෙලාවට මේසයක් විදියට හදාගන්නත් පුලුවන්.

සමහරු නම් මේස රෙද්දක් වගේ ගෙනියල බිම අතුරලත් ඉන්නවනෙ. ඒකත් අපූරුයි නේද?

කපන ලෑල්ලක් අරන් යන්ද?

පික්නික් එක යන අතරමග කඩේකින් පාන්, බනින්. පලතුරු වගේ ජාති ගත්තොත් ඕව කපාගන්න ලේසි විදියක් තියෙන්න ඕන හන්දා අමතක නොකර පික්නික් යන්නම පොඩි කපන ලෑල්ලක් සහ පිහියක් තියාගත්තනම් වඩාත් හොඳයි.

ඊට අමතරව සර්වියට්ස් කීපයක් වගෙත් අරගෙන යන්න.

කෑම බීම ලෑස්ති කරන කෙනා ඔයානම් ඔයාට මේක ලොකු වාසියක් වෙයි.

මොන වගේ කෑමද ගෙනියන්නේ?

පික්නික් එකකදි ඉතින් බත් කන්නෙ නෑනෙ. පොඩි පොඩි ජාතිනෙ කන්නෙ. ඒවත් ඔයාට පුලුවන් ඉන්ටර්නෙට් එක බලලා පොඩ්ඩක් ක්‍රියේටිව් දෙයක් කරන්න.

හැමදාම හදන කෑම ජාති වෙනුවට වෙනස්, ලේසියෙන් හදාගන්න පුලුවන් කෑම ටිකක් පවුලේ හැමෝම එක්ක එකතුවෙලා හදාගත්තොත් ඔයාට ඒක අලුත්ම රසවත් අත්දැකීමක් වෙයි කියල හිතනවා.

ඔන්න ඒ වගේ හදාගන්න පුලුවන් පුංචි කෑම 50ක් ගැනම මේ ලින්ක් එකෙන් දැනගන්න පුලුවන් – https://www.pinterest.com/pin/698691329709820409/

මේ වගේ අමුතු කෑම වගේම ඔය අපේ හැලප, පෑන්කේක් වගේ ජාති උනත් අපූරුයි පික්නික් එකකට.

මේ හැම දේටම අමතරව ඔයා මතක තියාගන්න ඕන දේවල් දෙකක් තියෙනවා.

එකක් තමයි මතකය විතරක් අරගෙන එන්න, පියසටහන් පමණක් තියා එන්න. ඒ නිසා ගෙනියන ඒව ඒ විදියටම අරගෙන එන්න, කුණු කසල ආපහු ගෙදර ගෙනැල්ල නිසි පරිදි බැහැර කරන්න අමතක කරන්නත් එපා.

ඒ වගේම තමයි කෑම බීම හදන රාජකාරි කොච්චර ආවත් මේ පික්නික් ඩේට් එකේ හොඳටම විනෝද වෙන්න අමතක කරන්නත් එපා!

එහෙනම් Happy Picnic Ladies!

Related Articles

Don't Miss


Latest Articles