කම්ෆර්ට් සෝන් එකෙන් එලියට එන්න උත්සහ කරන්න පටන් ගන්න..

කම්ෆර්ට් සෝන් එකේ ඉන්න අපි හැමෝම ආස උනත් කම්ෆර්ට් සෝන් එක කියන්නෙ එක්තරා විදියකින් ගත්තම කම්මැලිකමේ උපත. ආයෙ ඉතින් මේක ඔයාලා නොදන්න කාරනාවක් වෙන්න බෑනෙ. හිතන්නකො අවුරුදු ගානක් එක දිගට ඉගෙන ගෙන පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයෙ ඉගෙන ගන්න යද්දි කොච්චර කම්මැලිද කියල හිතිල තියෙනවනෙ?

ඇයි ලෝන්ග් වීකෙන්ඩ් එකක හොඳ ට්‍රිප් එකක් ගිහින් ඇවිත් ආයෙ වැඩට යන්න උනාම පොඩි කම්මැලිකමක් එනව නේද?

අන්න ඒකයි මම කිව්වෙ කම්ෆර්ට් සෝන් එක කියන්නෙ කම්මැලිකමේ උපත කියල. කම්ෆර්ට් සොන් එකක් ඇතුලෙ හොඳට ජීවත්වෙන්න ගියාම අපි ජීවිතේට ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙනව මිසක් අලුත් ඒව ට්‍රයි කරන්නෙ නෑ. කර කර ඉඳපු ඒවම දිගටම කරන්න යනව. අලුතෙන් දෙයක් අත්හදා බලන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න උත්සහ කරන්නෙ නෑ. ඒ නිසා තමයි අපි උත්සහ කරන්න ඕන මේ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට එන්න.

මොකද නැත්තම් ඔයා හැමදාම ඉන්නෙ එකම තැන තමයි.

කම්ෆර්ට් සෝන් එක අඳුන ගන්න: ඔයාගෙ කම්ෆර්ට් සෝන් එක කියන්නෙ ඔයාට මාර ආරක්ශිතයි කියල හිතෙන තැනක් වෙන්න පුලුවන්. හැබැයි අමතක කරන්න එපා ඒක ඔයාගෙ වර්ධනයට බාධාවක් වෙනව කියන එක. ඉස්සරහට යන්න නම් රිස්ක් එකක් ගන්නම වෙනවා. ඒ රිස්ක් එක ගන්න කම්ෆර්ට් සෝන් එකෙන් මිදෙන්න වෙනවා. ඒකට කරන්න ඕන පලවෙනි දේ තමයි ඔයා ඔයාගෙ කම්ෆර්ට් සෝන් එක අඳුනගන්න එක.

වාසි මොනවද කියල දැනගන්න:ඔයාගෙ කම්ෆර්ට් සෝන් එකෙන් ඉවත් වෙන එක පුද්ගලික කුසලතා සහ වර්ධනයට උදව්වක් වෙන්න පුලුවන්. ඒ වගේම ඒක ඔයාගෙ බය නැති කරන්න, විශ්වාසය ගොඩනගා ගන්න, කුසලතා වර්ධනය කරගන්න වගේම සැඟවුන කුසලතා හොයාගන්න උදව් වෙනවා. ඒ වගේම කම්ෆර්ට් සෝන් එකෙන් ඉවත් වෙන එක සීමාවන්, බාධාවන් ඈත් කරල ජීවිතේ ඉදිරියට යන්න උදව්වක්.

පැහැදිලි ඉලක්ක සකසන්න: කම්ෆර්ට් සෝන් එකෙන් මේ කිව්ව පලියට අයින් වෙන්න හිතන්න එපා. ඔයා තේරුම් ගන්න ඕන එහෙම අයින් වෙලා ඔයා කරන්න යන්නෙ මොකද්ද සහ ඔයාගේ අරමුන හෝ ගෝල් එක මොකද්ද කියල. ඒ අනුව තමයි ඔයා ප්ලෑන් එක හදාගන්න ඕන.ඒක අලුතෙන් දෙයක් ඉගෙන ගන්න එක, අලුත් රස්සාවකට යන එක, අලුතෙන් ගෙයක් හදන වගේ ඕන දෙයක් වෙන්න පුලුවන්. හැබැයි ඔයාගෙ අරමුණ හරියට පැහැදිලිව තේරුම් ගන්න.

පොඩියට පටන් ගන්න: කම්ෆර්ට් සෝන් එකෙන් අයින් වෙලා අලුත් පාරක යන එක ඔයාලා අපි හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. ඒ හන්දා කම්ෆර්ට් සෝන් එකෙන් අයින් වෙලා කරන දේ මොකද්ද ඒකට ඔයා වැය කරන කාලය, මහන්සිය, මුදල හරි වටිනව. ඒ නිසා එකපාර ලොකු දේකින් පටන්ගන්නෙ නැතුව පොඩියට පටන් ගන්න. පොඩි දේ කරගෙන යද්දි ඔයාට මේක දිගටම කරන්න පුලුවන් කියල තේරෙනවනම් විතරක් තව ඊට වඩා ලොකු දේකට යන්න. නැත්තම් ආයෙ කම්මැලි හිතෙන්න පුලුවන්.

අසාර්තක උනාම දුක් වෙන්න එපා: අසාර්තක වෙනව කියන්නෙ වර්ධනය වීමෙදි අපිට මූන දෙන්න පුලුවන් ස්වභාවික දෙයක්. ඒකට බය වෙන්න නෙවෙයි ඔයා කරන්න අසාර්තක වීමෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න එක. එහෙම නැත්තම් ඒ අසාර්තක වීම ඔස්සේ වර්ධනය වෙන්න පුරුදු වෙන එක. ඒ නිසා අසාර්තකත්වය කියන්නෙ නෙගටිව් දෙයක් කියල හිතන්න එපා. ඒ අසාර්තකත්වය ආදරයෙන් පිලිගන්න. ඒ මතින් දේවල් ඉගෙන ගන්න. අත්දැකීම් ලබාගන්න.

සෘණාත්මක සිතුවිලි වලට අභියෝග කරන්න: සෘණාත්මක සිතුවිලි සහ ස්වයං සැකය කියන දේ අපිව කම්ෆර්ට් සෝන් එකෙන් අයින් වෙන එක වලක්වන්න පුලුවන්. ඇත්ත එහෙම දේකදි මේකෙ තියෙන රිස්ක් එක ගැන නොහිත ඉන්න පුලුවන් කමක් නැ. හැබැයි ඒ රිස්ක් එකේ උනත් තියෙන නෙගටිව් දේ විතරක්ම නෙවෙයි පොසිටිව් දේවලුත් සලකල බලන්න අමතක කරන්න එපා. ඒ සිතුවිලි තමයි ඔයාගෙ විශ්වාසය ඉහල නංවන්න උදව් උපකාර කරන්නෙ.

සහාය සොයන්න: කම්ෆර්ට් සෝන් එකෙන් අයින් වෙන එක ලේසි නෑ කියල කිව්වනෙ. ටික දවසක් යනකම් ඔයාට ජීවිතේ අමාරුයි වගේ හිතෙන්න පුලුවන්. අන්න ඒ හන්ද තමයි ඔයාට හිතවත් ආදරේ කරන, ඔයාව දිරිමත් කරන මිනිස්සුන්ව ඔයාගෙ වටේ තියාගන්න ඕන වෙන්නෙ. ඒ නිසා හැමතිස්සෙම එහෙම අයගෙන් උදව්වක් ඕන වෙලාවක උදව්වක් ඉල්ල ගන්න අමතක කරන්න එපා.

සිහිකල්පනාව පුරුදු කරන්න: කම්ෆර්ට් සෝන් එකෙන් එලියට යන එක ශාරීරිකව විතරක් නෙවෙයි මානසිකව උනත් ඔයාට බලපෑමක් ඇති කරනවා. ඒ නිසාම ඔයා ඒ කාලෙදි ඔයාගෙ මානසික යහපැවැත්ම ගැන හොඳට හිතන්න සහ ඒ ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා. මොකද මේ කාලේ තමයි ඔයා හොඳටම සිහිකල්පනාවෙන් ඉන්න ඕන කාලෙ.

ප්‍රගතිය සමරන්න: මේ ගමනෙදි පුංචි පුංචි ජයග්‍රහන, සතුටු හිතෙන මොහොතවල් ඔයාට ඕන තරම් හමුවෙන්න පුලුවන්. ඒ හැම මොහොතක්ම පුංචියට හරි සමරන්න. මොකද ඒ සැමරීම ඔස්සේ ඔයාට ලැබෙන ධනාත්මක බලපෑම ඔයාට ලොකු උදව්වක් මේ ගමන යන්න.

නොපසුබටව සිටින්න: කම්ෆර්ට් සෝන් එකෙන් අයින් වෙන එකෙන් ජීවිතේට ලොකු බලපෑමක් වෙනව. දිනන්න බෑනෙ පරදින්නෙ නැතුව. ඇවිදින්න කලින් අපි කී පාරක් බිමට වැටෙනවද? ඒත් අපි ඇවිදින්නෙ නැතුව ඉන්නෙ නෑනෙ. අන්න ඒ වගේම තමයි මේ ගමනත්. නොපසුබටව ඉන්න. ඉදිරියටම යන්න. ජය නියතයි!

Related Articles

Don't Miss


Latest Articles