ටැටූ කියන්නෙ කලාවක්ද ?
ටැටූ එහෙමත් නැත්නම් පච්ච කියන්නෙ ඉඳිකටු උපයෝගී කරගෙන සම මත යම් මෝස්තරයක් නිර්මාණය කර සමේ ගැඹුරු ස්ථර වලට ඒ සිදුරු හරහා මේ සඳහා විශේෂ වූ තීන්ත වර්ගයක් ඇතුළු කර ඒ මෝස්තරය පිටතට පෙන්වීමේ ක්‍රමයක්.
ටැටූ කලාවක් කියල පිළිඟන්න වගේම ටැටූ කියන්නෙ කලාවක් කියල නොපිළිගන්න අයත් ඉන්නව.
ටැටූ කලාවක් ලෙස නොපිළිගන්නෙ ටැටූ සඳහා මාධ්‍ය ලෙස මිනිසාගෙ සම යොදාගැනීම නිසා ඒ සඳහා වන සීමාවන් නිර්මාණය වෙලා තිබීම කියලයි බොහෝදෙනෙක් විශ්වාස කරනව.
මේ මෑතක් වන තුරුම ටැටූ ව්‍යාපාරයක් සහ කුසලතාවයක් ලෙස ලෝකයේ බොහෝ රටවල් වල හඳුන්වනු ලැබූ අතර දැන් ටැටූ ශිල්පීන් ලෙස හඳුන්වන්නන් පච්ච කොටන්නන් ලෙසද හඳුන්වා දෙනු ලැබූවා.
ඉතිං ටැටූ කියන්නෙ කලාවක්ද නැද්ද යන්න මේ ලිපිය අවසානයේදී ඔබටම තේරුන් ගන්න පුළුවන්.
ටැටූ ඉතිහාසය
ටැටූ වල ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3250 දක්වා ඈතට දිව යනවා. ඇල්පස් කඳුවැටියේ තිබූ මමියක තමයි ඒ පච්චය හඳුනාගන්න ලැබුණේ.
Otzi එහෙමත් නැත්නම් natural iceman නමින් හඳුන්වන යුරෝපයේ පැරණිතම මේ ස්වභාවික මිනිස් මමියේ පච්ච 61 ක් තිබූ හඳුනාගත් බවයි වාර්තා වුණේ.
පැරණි ඊජිප්තු ජාතිකයෝ සැරසිල්ලක් විදිහට පච්ච කෙටීම සිදුකරා. කාන්තාවන්ගෙන් ආරම්භ වුනත් පසුව පිරිමින් පච්ච කෙටූ බවත් සමහර සංස්කෘතීන් වල පියාගෙන් පුතාට පරම්පරාවට ආවේණික පච්ච කෙටීමක් සිදුකළ බවත් සාක්ෂි හමුවී තිබෙනව.
මෑත කාලීනව මුලින්ම ධීවරයන් අතර ප්‍රචලිතව තිබූ පච්ච ගැසීමේ කලාව ක්‍රම ක්‍රමයෙන් ධීවර නගර වලටත් ඉන් අනතුරුව රටවල අභ්‍යන්තරයටත් පැමිණෙන්නට ඇති බව තමයි විශ්වාස කරන්නෙ.
කලාව සහ ටැටූ කලාව
යමෙකු තම කලාව කලාවක් බවට පත්කිරීම අදහස් කරනවා නම් එය කලාවක් බව තමයි ව්‍යවහාරයේ සඳහන් වෙන්නෙ.
බොහොමයක් නූතන නිර්මාණකරුවන් සහ ඉතිහාසය පිළිබඳ හදාරන්නන් පවසන්නේ පච්ච කෙටීමේ අරමුණ සහ එම පච්චය නිර්මාණය කරන ශිල්පියාගෙ අරමුණ අනුව පච්චය කලාවක්ද නැද්ද තීරණය වන බවයි.
අනෙක් කලාවන් මෙන්ම පච්ච ද එක් රැස් කරන්නන් සිටින අතරම වෙනසකට ඇත්තෙ ඔවුන් පච්ච එක් රැස් කරන්නෙ ඔවුන්ගේ සමේ වීමයි.
අනෙක් කලාවන් නැරඹීමට ලොවපුරා ගමන් කරන ප්‍රේක්ෂකයන් වගේම තමන් කැමතිම ටැටූ ශිල්පියා සහ ටැටූ මෝස්තර සොයා ලොව පුරා සංචාරය කරන පිරිස්ද සිටිනව.
පච්ච කොටන්නාගෙ දක්ෂතාව සහ පච්චයේ මෝස්තරය අනුව විවිධ මිල ගණන් අය කරනු ලබනව.
ඒ වගේම මියගිය මිනිසුන්ගේ සම පච්ච ඇති කොටසත් සමඟ එක් රැස් කරපු අවස්ථාත් දකින්න ලැබෙනව.
ටැටූ කලාවේ දියුණුව
අද වෙද්දී ලෝක ජනගහයෙන් 20% කට පච්චයක් ඇතිබව සංගණන වලින් හෙළිකර ගෙන තිබෙනවා.
බොහෝදෙනෙක් පච්ච තමන්ගෙ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විදහා දක්වන්න භාවිතා කරනව.
ඒ වගේම අනෙකුත් කලාවන් වගේම පච්ච එහෙමත් නැත්නම් ටැටූ ශිල්පියෙක් වීමට උගන්වන මධ්‍යස්ථාන අද වෙද්දී ලෝකය පුරාම ඇතිවෙමින් පවතිනව.
සමාජ සහ සංස්කෘතික හේතු නිසා පච්ච කෙටීම යම් තරමකට සීමා වීම මෙලෙස අනික් කලාවන් තරමටම පච්ච කෙටීම ජනප්‍රිය නොවන්නට හේතුවක් වී ඇති බව තමයි ඉතිහාසය පිළිබඳ පර්යේෂණය කරන්නන් පවසා සිටින්නෙ.
ශරීරයේ විවිධ කොටස් අහිමිවූවන්ට ඒවගෙ අඩුව ප්‍රදර්ශනය නොවන ලෙස පච්ච ගැසීමේ හැකියාව ලැබී තිබෙන නිසා අනෙක් කලාවන් වගේම මිනිසාට මානසික සහනයක් ගෙන දෙන්නත් සමත් වෙලා තියෙනව.
නමුත්, මෙහිදී මාධ්‍ය ලෙස ඔබේ සම භාවිත වන නිසා පච්ච ගැසීමේදී එහි ප්‍රමිතිය ගැන ඔබ වඩා ප්‍රවේශම්සහගත විය යුතුයි. මොකද, අනෙක් කලාවන්ට වඩා ඉක්මණින් සහ සමහරවිට දරුණු විදිහට මෙයින් ඔබට සෘජු බලපෑම් එල්ලවීමේ ඉඩකඩ වැඩි නිසයි.
මෙන්න මේ විදිහට කලාවක් වීමේ ලක්ෂණ වගේම කලාවක් ලෙස හැඳින්වීම සීමා කිරීමේ ලක්ෂණත් ටැටූ එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න පච්ච කෙටීම සම්බන්ධව බලපාල තියෙනව.
ඉතිං ඔබ මොකද හිතන්නෙ ? ටැටූ කියන්නෙ කලාවක්ද ? නැද්ද ?
සටහන – දුලානි නවෝද්‍යා