රසම රස රටකජු බැදුමක් හදමු

ලොකු පොඩි හැමදෙනාම රටකජු කන්න නම් හරිම කැමතියි. බතට වෙනස්ම රසයක් එක් කරගන්න ඉතා රසවත් රටකජු බැදුමක් හදල බලමු ද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පොතු සහිත රටකජු මිටක්
  • ක්ෂණික නුඩ්ල්ස් පැකට් 1
  • කපාගත් රතුළූණු ගෙඩි 2
  • තලාගත් සුදුළූණු ගෙඩි 2
  • කරපිංචා අහුරක්
  • කැලි මිරිස් තේ හැදි 2
  • මිරිස් කුඩු තේ හැදි 1
  • කහ කුඩු තේ හැදි 1
  • බැදීමට තෙල්
  • දෙහි යුෂ ස්වල්පයක්
  • රස අනුව ලුණු

සාදන අයුරු:

පළමුව භාජනයක් ලිපේ තබා එයට තෙල් වැඩිපුර දමා අඩු ගින්දරේ රත් වෙන්න තබන්න. රටකජු  රන්වන් පාට වනතුරු බැද ටිෂු කඩදාසියක් මත තබා තෙල් බේරෙන්නට තබන්න. නුඩ්ල්ස් ටික තරමක් දිගට කඩා රන්වන් පාට වනතුරු බැද තෙල් බේරෙන්නට තබන්න. කරපිංචා කොළ සහ සුදුළූණු ද එසේම බැදගන්න. රතුළූණු වලට කහ මිශ්‍ර කර බැදගන්නග  ඒ ආකාරනේ කෑලිමිරිස් ද කර රන්වන් පැහැවනතුරැ වි.15ක් බැදගන්න. ඉන්පසු බැදගත් සියල්ල එක්කොට එයට මිරිස්, ලුණු, දෙහියුෂ එකතුකර හොදින් මිශ්‍ර කරගන්න. මෙය සෑදූ විගසම පිළිගැන්විය හැකිය. නැතිනම නිවුණු පසු බෝතලයකට අසුරා වෙනත් අවස්ථාවක දී ප්‍රයෝජනයට ගත හැකියි.

රටකජු තද දුඹුරු පාට වනතුරු තෙල් වල තැබිමෙන් කර වුු රසයක් ලැබෙන නිසා රටකජු සාමාන්‍ය පාටට දුඹුරු පාට වු විගස තෙල් වලින් ඉවතට ගන්න. උත්සව අවස්ථා සඳහා මෙන්ම එදිනෙදා කෑම වේල රසවත් කරන්නත් මෙම රසවත් රටකජු බැදුම ප්‍රයෝජනවත් වේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles