නම නොදන්න කඳු පන්ති 08

මොවුන් හට  ඉන්දියාවේ කියන්නේ හිජ්රා කියලා. ඒක අරාබි භාෂාවේ වචනයක් .ඒකෙ තේරුම සංක්‍රාන්ති කියන තේරුමයි. කින්නර , අර්වානි
කියලා හඳුන්වන්නෙත් මේ සංක්‍රාන්තික  පුද්ගලයන් ම තමයි.
අර්ධනාරීශ්වර කියලත් හඳුන්වන මේ පුද්ගලයන්ව  සංස්කෘත භාෂාවේ පණ්ඩක කියලත් හඳුන්වනවා.පණ්ඩක කියන වචනයට හරියටම හරියන ඉංග්‍රීසි තේරුමක් නැති නිසා ඒකෙ ආසන්නතම තේරුම නපුංසක ලෙසින් සිතන බව ප්‍රසිද්ධ මතයයි.
පොන්නයා යන වචනය පණ්ඩක කියන වචනයෙන් බිඳී ආවක් බවද හිතනවා..
එක්දහස් අටසිය ගනන් වල ලංකාවේ ජීවත් වුණු දෙමළ දේශපාලනික ප්‍රබලයින් වන ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුනාචලම් හා
A. පොන්නම්බලම් වැනි දේශපාලනික ප්‍රබලයින්ව ඔවුන්ව නැති තැනදී ටැමිල් පොන්නයාස් යන නමින් හඳුන්වපු බව ප්‍රසිද්ධ මතයයි.පොන්නයා වචනය එයින් කැඩී ආවක් බව ද සලකයි.
කේරළයේ මලයාලම් භාෂාවේ දී  කාට හෝ ආදරයෙන් කතා කරන අවස්ථාවකදී කතා කරන පුද්ගලයාගේ නමට ඉස්සරහින් පොන්නු කියා අවස්ථාද ඇත.දෙමළ භාෂාවෙන් පොන්නි කියලා කියන්නේ දිලිසෙනවට. පොන්නි සම්බා කාටද අමතක..පොන්නි කියලා දෙමලෙන් රත්තරන් වලටත් කියනවා.

ඉන්දියාවේදී වගේම ලංකාවේදීත් ලිංග විපර්යාසයට ලක් වූවන් හට හිමිවන්නේ සතුටුදායක තැනක් නෙමෙයි.
මේත් අපි වගේම මනුස්ස කොට්ඨාසයක් කියලා තේරුම් ගන්න  සමාජයක් බිහිවෙන්න තව බොහෝ කාලයක් ගතවේවි. පොලිසිය කියලා පී එච් අයි ලට රැවටුන මිනිස්සුන්ට අර්ධනාරි පුරුෂයන් ස්ත්‍රීන් ලෙස පෙනිය හැකි බව සමාජයේ විහිළු කතාවකි. ප්‍රසිද්ධ නටරාජා නර්තන රුවද අර්දනාරී රුවක් බව එක් මතයකි.
මොවුන් හට ද විවාහ වී දරුවන් හදා වඩා ගැනීමේ අයිතිය හිමි විය යුතුය. ලංකාවේ දැනට මෙවැනි පුද්ගලයන් හට විවාහ වීමට හෝ දරුවන් හදා වඩා ගැනීමට අයිතියක් නැත.

ජනසුවද සතිඅග සාදය..
සටහන ශ්‍රීනිශ්‍රීගෙන්…

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මම කේසරගේ පත්තරේට සම්බන්ධ වුණා.අසාද් මට කිව්වේ මම ශක්තිමත් ගෑනියෙක් නම් මට කේසර කියන පුද්ගලයාව අමතක කරලා මේ ලැබිලා තියෙනවා අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක. විනෝද එෆ් එම් එකේ  වැඩ කරන අතරතුර සති අන්ත පුවත්පතටත් සම්බන්ධ වෙන එක මගේ ඔලුව විකාර අදහස් වලින් පිරෙන එක නවතියි කියලා අසාද් කිව්වෙ හිනාවෙවී.

කේසර ඔයාට නපුරු කමක් කළා වෙන්න පුළුවන්.හැබැයි ඔයා එයාට වැඩිය උඩින් ඉන්නවා කියලා පෙන්නන්න ඕන නම් ඔයා මේ අභියෝගය භාර ගන්නම ඕනේ.සමහරවිට ඔයා හිතන්නෙ නැති ප්ලෑන් එකක් ඒගොල්ලන්ගේ තියෙන්න පුළුවන්.සමහරවිට ඔතන මුල්වෙලා ඉන්නේ වාණි වෙන්නත් පුළුවන්. දන්නැද්ද සමහර ගෑනුන්ගේ හැටි.තමන්ගේ මනුස්සයාගේ ඉස්සෙල්ලා ආදරේ දැක්කම ඊරිසියා කරලා විතරක් නවතින්නෙ නෑ.ටිකක් රිද්දලත් බලන්න හිතෙනවා.උඹට වඩා මම ඉහල තැනක ඉන්නේ කියලා පෙන්නන්නත් හිතෙනවා.සමහරවිට ඕක වාණිගෙ මාස්ට ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්..

අසාද්  එහෙම කියනකොට මට පුදුම හිතුණා.සමහර වෙලාවට අසාද්  ළඟ සමාජය ගැන ලොකු දැනුමක් තිබුණා. ඒ හැම දේකින්ම ගැලවිලා යනවාට වැඩිය නිර්භීත ව මූණ දෙන එක තමයි අපි කරන්න ඕනේ කියන එක අසාද් හැම තිස්සෙම කිව්වා.

අසාද් එතකොට ගිහිල්ලා දවස් පහක් විතර වෙලා තිබුණා. කතා කරන්න පුළුවන් වෙච්ච හැම වෙලාවකම අසාද් මට කතා කළා. එයා යන රට රටවල්වල විස්තර වගේම ප්ලේන් එකේ හුගක් විස්තර ඒ අතර කිව්වා.

පළවෙනියෙන්ම ලියපු තීරු ලිපිය හිතුවෙ  නැති විදිහට ජනප්‍රිය වුණා.විවිධ සමාජ මාධ්‍ය ජාලා සංගම් අතර මම ලියපු තීරු ලිපිය ගැන විශාල වශයෙන් අදහස් පළවෙමින් තිබුණා.සමහරු පලු යන්න බැනලා තිබුණා. ජන සුවඳ පත්තරය මේ තීරුලිපිය හින්දා හිතුවේ නැති විදිහට ජනප්‍රිය වුණා.
ශ්‍රීනිශ්‍රී නමින් ලියමු කියලා කේසර මයි කිව්වෙ. සාමාන්‍යයෙන් නළු නිලි විස්තර වලට වඩා සමාජය ඇතුලෙ කතාබහකට ලක් වෙන දෙයක් ලියමුයි කියලා මම කිව්වහම  ඒ ලග  ඉඳගෙන හිටපු වානි  කට කොනකින් මං දිහා බලලා හරි අමුතු විදිහට හිනාවෙනවා මම දැක්කා.

තාරු කියලා රයිටර් කෙනෙක් ඉන්නෙ… ඒ ඔයාගෙ යාලුවෙක් ද..

ප්‍රධාන කතෘ කේසරගේ පුටුවට එහා පැත්තෙ ඉඳගෙන හිටපු වානි එයාගේ මැජන්ටා පාට සල්වාර් එකේ බටර් කහපාට සාලුව හදාගන්න ගමං ඇහුවා.

ඔව් .. තාරු දසනායක නේද ..

ම්ම්..එයා නං මං ගැන ලස්සන ලිපියක් ලියලා තිබුනා..ඒක හරි ජනප්‍රිය වුණා.ඔය ලෝකෙ පෙරලන දේවල් කවුද කියවන්නේ.. නළු නිළියෙක්ගේ විස්තරයක් ලිව්වනම් කවුරුත් ආසාවෙන් කියවනවා.

වානි එහෙම කිව්වේ මහා මෝඩ අම්මන්ඩියක් වගේ කියලා මට හිතුනා .  ඒ වගේම අනිවාර්යයෙන්ම අසාත් කිව්වා වගේම පත්තරේට මාව ගමු කියලා කේසරට කියන්න ඇත්තෙත් වානිම තමයි කියලා මට ඒ වෙලාවෙ හිතුණා.වානිට ඕන උනේ කේසර ඉස්සරහ මාව දෙකේ කොළේට දාලා කතා කරන්න.සමහරවිට කේසර මම ගැන විස්තර වානි ට කියල ඇති.අසාද් කිව්වා වගේම ඒ විස්තර වලින් වාණිගෙ හිතේ නැති ඊරිසියාවක් මැවෙන්න ඇති.කේසර  ඉස්සරහම මාව වැඩට අරගෙන මගේ නොහැකියාව පෙන්නුවාම කේසරගේ හිතේ මං ගැන තියෙන ඉඩ නැත්තටම නැතිවෙලා යයි කියලා වානි  හිතන්න ඇති.

ලිංගික සංක්‍රාන්තිකයන් ගැන ලියපු ලිපිය ඕනවට වඩා ප්‍රසිද්ධ වෙවී වෛරල් වෙනකොට ඒක වානිට දරාගන්න බැරුව ගියා.මේකෙන් පත්තරේට හොඳ ප්‍රසිද්ධියක් හම්බවෙන්නේ කියලා එදා මීටින් එකේදී  කේසර කියනකොට වාණි බිම බලාගෙන හිටියා මම හොඳටම දැක්කා.

ගනන් ගන්න එපා.. දැන් එයාට හිතෙනවා ඇති එහා ගහපු මාස්ටර් ප්ලෑන් එක ආපහු  එයාටම කැරකිලා ඇවිත් කියලා. ඒ හින්ද ටිකක් පරිස්සමින්.. එහෙම කියලා එදා විස්තරය අසාද් එක්ක කිව්වහම හිනා වුණා.

අපි අලුතෙන් වැඩක් පටන් ගන්නයි යන්නේ.දේශපාලනය කරන ප්‍රසිද්ධ පුද්ගලයන්ව හම්බවෙලා ඒගොල්ලන්ගේ විස්තර ටිකක් වැඩිපුර හාරවුස්සල බලන ලිපි පෙලක්  පල කරන්නයි හදන්නේ..
කතිරයේ කවුලුවෙන් එහා කියලා තමයි අපි ඒකට නම දැම්මේ.පත්තරේ සම්පූර්ණයෙන්ම රන් වෙන්නේ කේසරගෙ සල්ලි වලින්.. ඒකනේ වාණි හැමතිස්සෙම මැද්දෙන් පනින්නේ.දැන් නම් මට හිතෙන්නේ කේසරට ඒ වැඩේ එපා වෙලා …

ඒ කිව්වෙ වානිවද.. පත්තරේද..

කේසරට පත්තරේ නම් එපා වෙලා ඇති කියලා හිතෙන්නේ නැහැ..ඒක දැන් හොඳ ප්‍රොෆිටබල් දෙයක්… මිනිස්සු අතර හුඟක් ජනප්‍රියයි. ගිය සතියේ වානි තනි කැමැත්තෙන් තාරුව කතෘ මණ්ඩලයට බඳවාගෙන තිබුණා.මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ.තාරු කොහොමත් මගේ යාළුවා හින්දා. අනික කේසරගෙයි මගෙයි විස්තර අකුරක් නෑර තාරු සේරම දන්නවා.ඒ හින්ද මට එතන හංගන්න කිසිම දෙයක් නැහැ.

වානි තාරුව අරං මොකද කරන්නේ .. එයා මොනවද ලියන්නේ…

එයා සම්පූර්ණයෙන්ම නළු නිළියන්ගේ විස්තර තමයි ලියන්නේ..එයාගෙ ආටිකල් එකත් හොඳට යනවා.තාරුගෙ වැඩ කොහොමත් හොඳයි නේ…

විනෝද fm එකේ රාජකාරියට වඩා ඇත්තටම මම මේ පත්තර රස්සාවට කැමතියි  කියලා මට හිතුණා.සමහර විට උදේ හිට හැන්දෑ වෙනකම් දවසට දෙතුන් පාරක්වත් කේසරව එහෙන් මෙහෙන් පේන්න ඉන්න හින්දද දන්නෙත් නෑ.එහෙම හිතන හිතුවිල්ලක් ගානේ මට හිතුනේ මං මහ දෙකට දෙවාරණයේ හිතක් නැති ගෑනියෙක් කියලා.එක අතකට කොහොමද එහෙම කියන්නේ..අසාද්  කවදාවත් මට කැමතියි කියලා නැහැ.කවදාවත් මට ආදරෙයි කියලත් නැහැ.මට බලාපොරොත්තුවක් දීලත් නැහැ.සාමාන්‍ය යාලුවෙකුට වැඩිය බොහොම හිතෛෂීතවන්ත යාළුවෙක් විදිහට ආශ්‍රය කරනවා විතරයි.එතකොට කාටද වැරදුනේ..මටද කේසරටද අසාද් ටද…
විනෝද එෆ් එම් එකේ  එතකොට මම අවුරුද්දක් විතර පරණ සේවකයෙක් වෙලා හිටියා. ඇත්තටම කේසරගේ පත්තරේ වැඩ මම කළේ හරිම සන්තෝසෙන් සමහරවිට එතන මානසික සතුටකුත් තියෙන්නේ ඇති.පූර්ණ කාලීනවම පත්තරේ වැඩ කරන්න මට ආස හිතුණා.ඒ හින්ද මම කැමැත්තෙන්ම විනෝදය fm එකෙන් අයින් වුණා.කේසර ඒකට හුඟක් සන්තෝස වුණා.

බානු ..මං ගැන වැරදියට හිතන්නෙ  නැත්තං මං පොඩි දෙයක් ඔයාට කියන්නම්.. කියලා  එදා කේසර  එක කැබින් එක ඇතුළෙදි තනියම මාව හම්බවෙච්ච වෙලාවෙදි කිව්වා. එදා වානි ඇවිල්ලා හිටියෙ නෑ.. තාමත් මේ දුෂ්ට ප්‍රේමවන්තයාට මගේ හිතේ කොහේ හරි තැනක් වෙන් වෙලා තියෙනවා කියලා මට තේරුණා.කේසරයි මමයි අවුරුදු ගානකට පස්සේ තනියම හම්බ උනා. වින්ඩ් කූල් එකේ වීදුරු  කවුලුව අයිනේ අපි තුරුළු වෙලා උන්නු හැටි.. ඒ ජින් කලවං ලූනු සුවද… මට මේ දැන් වගේ මතක් වෙලා ඇස් වලට කදුලු ආවා.  කේසර මොනවා ඇහුවාද කියන එක මට ඇහුනේ නෑ.. මට ඕනේ උනේ ඉස්සර වගේම ආපහු එයාට තුරුල් වෙලා අඬන්න..  ඒත් මං මගේ හිතෙන් එක පාරටම ඇහුවේ බානු  මට සමාවෙන්න .. මේ හැම දෙයක්ම අමතක කරලා අපි ඉස්සර වගේ ආදරේන් ඉමු කියලා කේසර කිව්වොත්… ඇත්තටම මම දෙන්න ඕනේ උත්තරේ මොකක්ද කියලයි …මාව සත පහකටවත් ගණන් ගන්නේ නැතුව  මම මැරුණද කියලා බලන්නෙවත් නැතුව අඩුම තරමේ මගේ ෆයිනල් එක්සෑම් එකවත් හරියට කළාද කියලා බලන්නෙ නැතුව අතරමග මාව මේ විදිහට දාලා යන්න පුළුවන් මනුස්සයෙකුට තවත්  මම මොන එකකට ආදරේ කරනවද කියලා මට හිතුනා.

බානු … මොකුත් හිතන්න එපා මෙහෙම කිව්වට.. මම කැමතියි ඔයා වැඩ කරගෙන යන විදිහට. ඇත්තටම ඔයා දක්ෂයි.කවුරු මොනවා කිව්වත් ඔයා අලුතෙන් පටන් ගන්න ලිපි පෙළ නවත්තන්න එපා.. අතීතය අමතක කරලා ඔයා මේ පත්තරේ වැඩට ආපු එක ලොකු දෙයක්..

කේසර කිව්වේ දිලිසෙන ඇස් වලින්…

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles