නිවාඩු කාලෙ බබාත් එක්ක ඇවිදින්න යන්න පුලුවන් කොළඹ අවට තැන්

ඉස්කෝලෙ යන පොඩ්ඩො ඉතින් ගෙදරින් ඉස්කෝලෙට ඉස්කෝලෙන් ගෙදරට යනවා ඇරෙන්න වෙන දේකට යන්නෙ හරි අඩුවෙන් නේ. 

 අනික ඉතින් ළමයින්ට ඕන උනත් ළමයි එක්කන් එහෙ මෙහෙ යන්න අම්මල තාත්තලට අමාරු බව අපි නොදන්නව නෙවෙයි.

 ඉතින් නිවාඩු කාලෙ එන්නෙ ඔක්කොගෙම හිත සනසවගෙනනෙ. 

ඉස්කෝලෙ යන්නෙත් නැතුව, එහෙමකට කියල පොතේ පතේ දැනුමකුත් නැතුව ගෙදරට වෙලා ඉන්න පොඩ්ඩන්ට වෙනසකටත් එක්ක එලියට එක්කරගෙන යන්න හිතුවට මොකෝ කොහෙද එක්කරගෙන යන්නෙ කියන ප්‍රශ්නෙ අම්මලට නැතුව නෙවෙයි. 

 ගොඩක්ම ඕක එන්නෙ කොළඹ වගේ තදාසන්න ප්‍රදේශ වල අයට. 

මොකෝ ගම්වල වගේ වත්ත පිටිය කියල දෙයක් ඇත්තෙ නෑනෙ. අන්න ඔය නිසා තමයි අපි හිතුවෙ පොඩ්ඩො එක්ක යන්න පුලුවන් කොළඹ අවට තැන් මොනවද කියල ඔයාලා එක්ක කතා කරන්න 

 1. Galle Face 

 Galle Face එක කියන්නෙ පොඩ්ඩො ආස වෙන විදියෙ තැනක් බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

 මුහුදත් එක්ක මූදු හුලඟයි ඕන තරම් නටන්න පුලුවන් ඉඩකඩයි තියෙන හන්ද පොඩ්ඩො කොහොමත් ආස වෙයි. ඉතින් එද්දි පුලුවන් නම් සරුංගලයක් වගේ අරගෙන ආවොත් පොඩ්ඩන්ට ඇති තරම් විනෝද වෙන්න පුලුවන්. 

ඔයාලගෙම වාහනේක වගේ නම් එන්නෙ පොඩි බයිසිකලයක්, ක්‍රිකට් පිත්තක් වගේ අරගෙන ආවත් හරි ජොලි කියල කියන්න පුලුවන්.

 පොඩ්ඩො ආස කරන අයිස් ක්‍රීම් වගේ ජාතිත් අත ලඟින්ම තියෙන එකේ මෙතන හොඳ තැනක් පොඩ්ඩන්ට විනෝද වෙන්න. 

 2. Port City 

 Galle Face එක ගැන කතා කරපු එකේ Port City එක ගැන කතා නොකර බෑනෙ. 

Galle Face එක ලඟ ඉඳල ඇවිදන් යන් දුරින් තමයි Port City එක තියෙන්නෙ. කෘ තිමව හදපු වෙරලක් තියෙන මේ Port City එකේ මූදෙ ඔයාලට වගේම පොඩ්ඩන්ටත් හොඳට විනෝද වෙන්න පුලුවන්. 

Jet ski, බෝට්ටු පදින ඒව වගේම පොඩ්ඩන්ට සෙල්ලම් කරන්නත් දේවල් arrange කරල තියෙන තැනක් තමයි. ඒ වගේම නාන ඇඳුමක් ඇඳගෙන ඇවිල්ල ලුණු වතුරෙ බැහැල සනීපෙට ඉන්නත් පුලුවන්. 

 ලොකුම ලොකු Food Court එකක් වගේම Parking lot එකකුත් තියෙන නිසා බයවෙන්න දේකුත් නෑ. හැබැයි මේ තැන් දෙකටම හවස් වෙලා යන එක තමයි ගොඩක්ම හොඳ. මොකද ඉර අව්ව කෙලින්ම වැටෙන හන්දා ඇඟට අපහසුයි වගේම අමාරු වෙන්නත් පුලුවන් දරුවන්ට 

 3. විහාරමහාදේවි උද්‍යානය 

 විහාරමහාදේවි උද්‍යානය කියන්න ඉතින් නොදන්න තැනක් නෙවෙයිනෙ. 

කොළඹ මැද කියල හිතන්නවත් බැරි තරම් කොළපාට පිරිච්ච විහාරමහාදේවි උද්‍යානය කියන්නෙත් පොඩ්ඩි එක්ක යන්න ශෝක් තැනක්. 

 මේ තැනට යනවනම් පොඩි පික්නික් එකක් වගේ ගන්න. ගෙදරින්ම පොඩි පොඩි කෑම ජාති හදාගෙන, බෝතලේකට බීම පුරවගෙන අරගෙන යන අතරෙම වාඩිවෙන්න පැදුරක් වගේ සහ වාහනේක වගේ යනවනම් කොට්ටයක් අරගෙන ගියොත් සිහිල් හෙවනෙ හාන්සිවෙලා පොඩ්ඩො සෙල්ලම් කරන කම් පොතක් කියන්න වගේ අපේ Smart lady article එකක් කතාවක් උනත් කියවන්න ඔයාට පුලුවන් 

 විසාල බිම් ප්‍රදේසෙක පැතිරිල තියෙනව වගේම තව පොඩ්ඩොත් නිතරම එනව.

 ආප්ප, ෆ්‍රයිඩ් රයිස් වගේ කෑම කඩත් උද්‍යානය ඇතුලෙම තියෙනවත් එක්ක 

 4.Independence Square 

 Independence Square කියන්නෙත් දරුවො එක්ක එන්න පුලුවන් අපූරු තැනක්.

 මෙතනත් නිදහස පිරිච්ච වගේම රසම රස කෑම කඩ කීපයෙකුත් තියෙන තැනක් විදියට අඳුන්වන්න පුලුවන් 

 සති අන්තවල හවස් වරුවට කොහොමත් මෙතනට දරුවො එක්ක අම්මල තාත්තල එන හන්ද ඔයාගෙ පොඩ්ඩට සෙල්ලම් කරන්න යාලුවො හොයාගන්න බැරි කමකුත් නෑ. 

 ඒ වගේම මෙතනත් බයිසිකල් පදින්න, රෝලර් බෝඩ්ස් වල යන්න වගේම බලු පැටියෙක් වගේ එක්කරගෙන ඇවිත් විනෝද වෙන්නත් ඉඩකඩ තියෙන තැනක්.

 5. දියත උයන 

 දියත උයන ඔන්න හරි ශෝක් තව තැනක් ඔයාලට දරුවො එක්ක එන්න. 

එක පැත්තක අම්මල ආස කරන මල් පැල ඒව මේව තියෙද්දි තව පැත්තක් කෑම කඩ වලින් වැහිලා ඒ වගේම මෙතනත් පොඩ්ඩන්ට බයිසිකල් පදින්න පුලුවන් විදියට දරුවන්ට සෙල්ලම් කරන්න පුලුවන් විදියට හදල තමයි තියෙන්නෙ. 

ඉතින් එද්දි ඒවටත් ලෑස්ති වෙලාම එන්න පුලුවන් 

ඔන්න ඒ වගේම හංස බෝට්ටු පදින්න පුලුවන් කමකුත් එක කෙලවලක තියෙන්නෙ ඔන්න අම්මට පුලුවන් ගෙදර උස්සන් යන්න මල් පැල තෝරන අතරෙ තාත්‍ත එක්කල පොඩ්ඩන්ව හංස බෝට්ටු පදින්න යවන්නත්

ඉතින් නිවාඩු කාලෙ මොන ජාතියෙ සෙල්ලම් දාන්න පොඩ්ඩ ලෑස්ති උනත් ඒ හැමදේම අම්මගෙයි තාත්තගෙයි ඇස් ඉස්සරහ ආරක්ශාව ඇතුව කරන්න ඉඩ දෙන බවට සහතික වෙන්න ඕන.

මොකද මොන දේ කරත් දරුවො කියන්නෙ අපේ ඇස් දෙක වගේ පරිස්සම් කරගන්න ඕන වස්තුවක් නේ

ඉතින් මේ අපි කියල තියෙන තැන්වලට අමතරව වෙන ඔයාලා දන්න තැන් තියෙනවනම් ඒවත් අපි එක්ක බෙදාගන්න අමතක කරන්න එපා හොඳේ?

Related Articles

Don't Miss


Latest Articles