ඇත්තටම ජීවිතයට වැදගත් වෙන්නෙ සතුට ද සැනසීමද?
මම මෙහෙම ප්‍රශ්නයක් ඔයාගෙන් ඇහුවොත් ඔයා අනිත් පැත්තට මගෙන් අහන්න පුලුවන් සතුට සහ සැනසීම කියන්නෙ දෙකක්ද? එහෙම නම් ඒ දෙකේ වෙනස මොකද්ද කියල
“මට ඕන ජීවිතේ සතුටෙන් සැනසීමෙන් ගෙවන්න”
මේ වාක්‍යය අපිට නුපුරුදු එකක් නෙවෙයිනෙ. අපි දවසට එක වතාවක් හරි මේක හිතනව. එහෙම නැත්තම් කියනවා.
සතුටයි සැනසීමයි කියන්නෙ නිතරම වගේ අපිට පැටලෙන, පටලගන්න සංකල්ප දෙකක්. ඉක්මන් සතුට සහ භෞතික දේවල් වලට ඉහල වටිනකමක් තියෙන ලෝකෙක මේ දෙකේ වෙනස තේරුං ගන්න එක හරි වැදගත්.
සැනසීම එහෙම නැත්තම් Comfort කියන දේ බොහෝ විට ලබාදෙන්නෙ තාවකාලික තෘප්තියක්.හැබෑ සතුට පැන නගින්නේ අරමුණු පිළිබඳ ගැඹුරු හැඟීමකින් සහ ජීවිතය හා බැඳීම් ගැන තියෙන අර්තවත් සබඳතා වලින්.
සතුට කියන්නෙ ප්‍රීතිය, තෘප්තිය කියන හැඟීම් වලින් පිරිච්ච දෙයක්. අනෙක් අතට සැනසීම කියන්නෙ අපි කරන යම් දෙයක් නිසා හිතට දැනෙන එක්තරා විදියක තාවකාලික හැඟීමක්. සැනසීම යම් තාක් දුරකට සතුටට හේතුවෙන්න පුලුවන් උනාට මේ දෙක දෙකක්.
සමහරු හිතනව වැඩිපුර සැනසීම ලැබුනොත් සතුට වැඩිවෙනව කියල. ඒ නිසාම සමහර වෙලාවට අපි කරන්න බැරි දේවල්, ලබාගන්න බැරි දේවල් පස්සෙත් දුවනවා.
සැනසීමෙන් ඉන්නව එහෙම නැත්තම් Being comfort කියන එකේ අදහස ඕනවට වඩා හොඳකුත් නෑ නරකකුත් නෑ කියන එක. Neutral කියන එක.
මේ සැනසීම එහෙම නැත්තම් Comfort කියන දේ හරියන්නෙ ජීවිතේ Relax වෙන්න බලාගෙන ඉන්න අයට. ඒ කිව්වෙ ජීවිතේ ගැන ලොකු හීන දකින, ලොකු බලාපොරොත්තු, අනාගතේ ගැන ලොකු ප්ලෑන් තියෙන කෙනෙක්ට මේ සැනසීම එහෙම නැත්තම් Comfort කියන දේ විඳින්න ටිකක් අමාරුයි.
මොකද අපේ ජීවිතේ අරමුණු වලට යන්න, හීන හැබෑ කරගන්න අපිට අපේ Comfort zone එකෙන් එලියට ඇවිත් මහන්සි වෙන්න වෙන නිසා.
හැබැයි ඒ කැපකිරීම අවසානයේ ඔයාට සතුට කියන Stage එකට යන්න පුලුවන්.
මොකද අලුත් දේවල් අත් හදා නොබලා, අලුත්අරමුණු පස්සෙ නොයා අපිට ජීවිතේ ඉදිරියට යන්න බෑ.
Comfort Zone එකේ ඉන්න එකෙන් ඔයා සහ ඔයාගේ ජීවිතය මන්දගාමී වෙනවා. ජීවිතේ හැකි තරම් සුවපහසු වෙනවා. හැබැයි පමනට වඩා ජීවිතේ සුවපහසු වෙන එකෙන් අපි හිතන තරම් හොඳක් නම් අත් වෙන්නෙ නෑ.
ඇයි අපි සැනසීම හොයන්නේ?
සුවපහසුව කියන දේ අපිට ආරක්ෂිත හැඟීමක් අරගෙන එනවා. තාවකාලික සතුටක් අරගෙන එනවා. සුවපහසුවෙන් ඉන්න කාල වේලාව අතරතුර ශරීරය නිකුත් කරන රසායනික ද්‍රව්‍ය වලින් අපිට දැනෙන බිය සහ කණස්සල්ල පාලනය කරනවා.
මුලු මිනිස් ඉතිහාසය පුරාවටම මිනිස්සු සැනසීම හොයනවා. සැනසීම හොයන එක නරක දෙයක් නෙවෙයි. ඒ උනාට අපේ ජීවිතේ ඇතුලෙ අපි සැනසීමට දෙන ඉඩ පාලනය කරන්න ඕන. මොකද මේ Comfort Zone එක ඇතුලෙ හිරවෙච්ච කෙනෙක්ට යන්න පුලුවන් දුර සීමිත හන්දා. ජීවිතේට දුක සතුට කියන දෙකේම බලපෑම තියෙන්න ඕන. එතකොට තමයි ජීවිතය සමතුලිත වෙන්නෙ සහ අපිට ජීවිතය ගැන තියෙන වගකීම වැඩිවෙන්නෙ.
ජීවිතේ කම්මැලි වෙනවා
ජීවිතය ඕනවට වඩා සුවපහසු වීම නිසා අපේ ජීවිතය කම්මැලි වෙනවා. කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ. දවසම ස්ක්‍රීන් එක ඉස්සරහ වාඩිවෙලා බල බල ඉන්න හිතෙනවනම් ඔයාට තේරෙන්න ඕන මේ දැන් දැනෙන Comfort එක ඔයාව ඉක්මනටම කම්මැලියෙක් කරන බව.
උදාහරණයක් විදියට ගත්තොතින් ඔය රස්සාවක් නොකර ටික කාලයක් ඉඳපු කෙනෙක්ට ආයෙ අලුතෙන් රස්සාවක් හොයාගන්න හරි කම්මැලි හිතෙනව. මොකටද කියල හිතෙනව. ඒ අර රස්සාවක් නොකර, ඇඟ පත මහන්සි නොකර එකම විදියට කාලාන්තරයක් ඉඳපු එකේ බලපෑම. ඉගෙනීම සම්බන්ධයෙන් උනත් එච්චරනෙ. ඒකයි අර වැඩිහිටියො අපිට නිතරම කියන්නෙ “ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න” කියල.
Comfort Zone එකේ ඉන්නව කියන්නෙ හරියට අර වාහනයක් Auto Pilot Mode එකේ තියෙනව වගේ. ඔයාගේ ජීවිතයේ Control එක ඔයාගෙ අතේ නෙවෙයි තියෙන්නෙ. බාහිරින් එන කෙනෙක්ට ඔයාව ඔයාගෙ Comfort Zone එකෙන් ඇදල දාන එක එතකොට හරියට පහසු වෙනවා.
උනන්දුව තමයි සතුටට යතුර
“මොකද්ද ළමයො පොඩ්ඩක් එක තැනක ඉන්න බැරිද? අසහනෙන් වගේ දඟලන්නෙ”
කියල කවදහරි බැනු අහල තියෙනවද?
ඔන්න ඔය කියන අසහනය, එකම තැන පල්වෙවී එකම විදියට ඉන්න නොහිතෙන එක කවදහරි ඔයාව ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න පුලුවන්.
එක විබාගයක් ඉවර වෙද්දිම තව දේවල් ඉගෙන ගන්න හිතන, රස්සාව කරන ගමන්ම ෆ්රීලාන්ස් වැඩ කරන ඔයාගෙ උනන්දුව ඔයාව මේ මොහොතෙ ඔයාගෙ Comfort Zone එකෙන් ගලවල අරගෙන ගියා උනත් කවදහරි ඔයා හොයන සතුට ඒ පාර කෙලවර දි ඔයාට ලබා දෙනවා.
ඔයා ඔයා ගැනම සතුටු වෙන්න ආඩම්බර වෙන්න පටන් ගන්නව. ඔයාගෙ ආත්ම අභිමානය, ඔයා ඔයා ගැන තියල තියෙන විශ්වාසය වැඩිවෙනවා. ජීවිතේ ඉබේම ලස්සන වෙනව, ශක්තිමත් වෙනවා.
ඉතින් Choose happiness over comfort.
මොකද ඒ Comfort Zone එකේම ඉන්න එක ඔයාව ජීවිතේ කොතනටවත් අරගෙන යන්නෙ නෑ. මහන්සි වෙන්න, වගකීම් දරන්න, අරමුණු ඉටු කරගන්න පුරුදු කරන්නෙ නෑ.
පුටුවක වාඩිවෙලා නෙට්ෆ්ලික්ස් බලන කෙනෙක් සැනසීමෙන් ඉන්න පුලුවන්. හැබැයි ජීවිතයේ අපිට විඳින්න පුලුවන් සතුට එහෙම නැත්තම් Truly Happy Moments කියන දේ විඳින්න එහෙම අයට අපහසුයි.
අමතක කරන්න එපා.
You need the bad to truly experience the good
හොඳ දේවල් විඳින්න නරක දේවල් Experience කරන්නම වෙනව. මොකද එහෙම කරොත් විතරනෙ අපිට ඒ දෙකේ තියෙන වෙනස තේරුම්ගන්න පුලුවන් වෙන්නෙ.