උදේට කන්න සොසේජ් ඇන්ඩ් ඔම්ලට් රෝල්ස් හදමු

උදේට කන්න අකමැති පොඩි අයට වගේම ලොකු අයටත් ගැලපෙනම කෑමක් තමයි සොසේජ් ඇන්ඩ් ඔම්ලට් රෝල්ස්. ලේසියෙන්ම හදාගන්න පුළුවන් මෙම ආහාරය ඔබේ කාර්ය බහුල දිනයට රසවත් වෙනසක් එකතු කරනු ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තම්බාගත් සොසේජ් කරල් 8
  • බිත්තර 3
  • සිහින්ව කපාගත් පාන් පෙති 8
  • ඉතා කුඩාවට කපා ගත් ළූණු සහ අමු මිරිස් ස්වල්පයක්
  • සිහින්ව ගා ගත් චීස් ස්වල්පයක්
  • බටර් ස්වල්පයක්
  • ගම්මිරිස් ස්වල්පයක්
  • රස අනුව ලුණු

සාදන අයුරු :

පළමුවෙන්ම බිත්තර දෙකකට ළූණු සහ අමු මිරිස් යොදා ඉතාම තුනී ඔම්ලට් එකක් සකසා ගෙන එය තීරු 8කට කපා ගන්න. අනතුරුව පාන් පෙති ටික රෝලින් පින් එකකින් හෝ වීදුරු බෝතලයක් යොදා ගෙන තුනී කර ගන්න. දැන් තුනී කර ගත් පාන් පෙත්තක් මත ඔම්ලට් තීරුවක් තබා චීස් ස්වල්පයක් ඉස සොසේජ් කරල ඒ මත තබා  රෝල් කර ගන්න. ඉතිරි බිත්තරය බීට් කර ගෙන එයට බටර් ද එකතු කර හොඳින් මිශ්‍රකරගන්න. සාදාගත් රෝල් මත බිත්තර මිශ්‍රණය ආ‍ලේප කර ගන්න. රත්වූ පෑන් එකකට දමා රන්වන් පාට වනතුරු පිසගන්න. නැති නම් අවන් බේක් කර ගන්න. සෝස් සමඟ උණුවෙන් පිළිගන්වන්න.

ගා ගත් චීස් වෙනුවට චීස් පෙත්තක් තබා ගත හැක. මෙම රසවත් ආහාරය උදේ ආහාරයට පමණක් නොව විනෝද ගමනකට හෝ ප්‍රියසාදයක් රසවත් කරන්නට වූවත් සුදුසුයි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles