අපි හැමදාම කතා කරන්නෙ සෙක්ස්වලට ආස අය ගැනනෙ. සමාජයේ ජීවත් වෙන හැමෝටම ඔයාට වගේ ම සෙක්ස් කියන්නෙ සතුටක් දනවන කාරණාවක් කියලා හිතනවද? ඇත්තට ම සෙක්ස්වලට බය අයත් ඉන්නවද? අපි අද ඒ ගැන කතා කරමු.
Erotophobia

සෙක්ස් කියන වචනෙවත් කියන්න කැමති නැති අයට තියෙන තත්ත්වය තමයි මේ. සෙක්ස් ගැන කතා කරන්න, සෙක්ස් ගැන කතාවෙන තැනක ඉන්නවත් මේ අය නම් කීයටවත් කැමති වෙන්නේ නැහැ.
Genophobia
සෙක්ස් කරන්න තියෙන බය එහෙම නැත්නම් ලිංගික සංසර්ගයට තියෙන බය තමයි මේ නමින් හඳුන්වන්නේ. මේ තත්ත්වය තියන අය ශාරීරිකව අනිකාට ළං වෙන්න පවා බයයි.
Gymnophobia

ඇඳුම් ඉවත් කර නිරුවත් වීමට ඇති බිය මේ නමින් හඳුන්වනවා. කිසිම අවස්ථාවක කිසිම කෙනෙක් ඉදිරියේ ඇඳුම් ගලවන්නට මේ ෆෝබියා එක තියෙන අයට බැහැ.
Chiraptophobia
මේ නමින් හඳුන්වන්නේ ස්පර්ශයට ඇති බියයි. මේක ලිංගික ස්පර්ශයක් නෙවෙයි සාමාන්‍ය ස්පර්ශයකට පවා මේ ෆෝබියා එක තියෙන අය බයක් දක්වනවා.
Phallophobia

ශිෂ්ණය සෘජු වනවිට ඇතිවන බයයි මේ. මේක පිරිමින්ට වගේ ම කාන්තාවන්ටත් තියනවා. මේ තත්ත්වයේදී පිරිමි අය තමන්ගේ ශිෂ්ණය සෘජු වෙනවාට පවා බියක් දක්වනවා. ගැහැණු අය නම් සෘජු වූ ශිෂ්ණයක් දකින්නට පවා බියක් දක්වනවා.
Eurotophobia
මෙයින් අදහස් කරන්නේ යෝනි මාර්ගයට ඇති බියයි. මෙයද කාන්තා පිරිමි දෙපාර්ශවයට ම ඇති වන දෙයක්. මේ තත්ත්වය ඇති අය යෝනි මාර්ගය දැකීමට හෝ ඒ හා සම්බන්ධව කිසිවක් නොකිරීමට තරම් බියක් දක්වනවා.
Philemaphobia

සිප ගැනීමෙන් විෂබීජ ශරීර ගත වෙතැයි ඇතිවන බිය මේ නමින් හැඳින්වේ. ඒ නිසා මේ තත්ත්වය ඇති අය සිපගැනීමට ඉතාම බයයි. නමුත් අනෙකුත් ලිංගික ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි සිදු කරන්නට බය නැති වීම මෙහි ඇති විශේෂත්වයයි.
Medomalacuphobia
ශිෂ්ණය සෘජු නොවන නිසා හෝ නොවෙයි යැයි සිතා ඇතිවන බය මේ නමින් හැඳින්වෙනවා. මෙය බොහොමයක් පිරිමින්ට අහේතුකව ඇති වන බයක් ලෙස හඳුනා ගෙන තියෙනවා.
අත්තට ම මේවා සාමාන්‍ය තත්ත්වයන් නෙවෙයි. ඒ නිසා ඔයාට හරි,පාට්නර්ට හරි දන්න කෙනෙක්ට හරි මේ වගේ තත්ත්වයක් තියනවා නම් නොපමාව වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුමයි.