රෙදි සෝදන මැෂිමක් මිලට ගනිද්දී මෙන්න මේ කාරනාවන් ගැන බලන්න

රෙදි සෝදන යන්ත්‍රයක් නොමැති නිවසක් සිතා ගැනීමට බැරි තරමටම අද අප කාර්යබහුල වෙලා. ඉතින් හරියට කාර්යක්ෂම ඒ කාර්යය සිදු කරගැනීමට නම් වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන තත්ත්වයෙන් ඉහළ යන්ත්‍රයක් මිළදී ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් ඒ නිසා අපි මඳක් සොයා බලමු කාර්යක්ෂම යන්ත්‍රයක් අප තෝරා ගන්නේ කොහොමද කියලා …

  • වොෂින් මැෂිමක ටොප් ලෝඩින් වගේම ෆ්රන්ට් ලෝඩින් කියලා වර්ග දෙකක් තියෙනවා. ලංකාවේ අපට මින් වඩාත්ම ගැළපෙන්නේ ටොප් ලෝඩින් යන්ත්‍ර.
  • විදුලි බිල හා සසඳන විට මැෂිමේ ධාරිතාව ගැන සිතීම වැදගත්. සාමාන්‍ය පවුලක ට නම කිලෝ 5 ක 6 ක යන්ත්‍රයක් ප්‍රමාණවත්.
  • වගකීම් සහතිකය ගැන විමසන්න. අලුත් වැඩියා කටයුතු සිදු කරන්නේ කෙසේද යන්න දැන ගන්න.
  • ගුණාත්මක බවින් වැඩි යන්ත්‍රයකදී ශබ්දය ඉතාමත්ම අවමයි.
  • සේදීම වියළීම යන ක්‍රියාවන් දෙකම එකට සම්බන්ධිත යන්ත්‍ර වඩාත් කාර්යක්ෂමයි.
  • ළමුන්ට ක්‍රියාත්මක කළ නොහැකි, child lock function තිබේදැයි හොඳින් බලන්න. (නිවසේ දරුවන් සිටිනවා නම්)
  • නම දිනූ වෙළඳ නාමයක් වීමද අමතර උපාංග මෙන්ම, අලුත්වැඩියා කටයුතු සඳහාත්, කල් පැවැත්ම සඳහාත් හේතුවක් වේ.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles