ඉගෙන ගන්න ඔබේ දවස සාර්තක කරගන්නෙ කොහොමද?

ඉගෙන ගන්න ලමයෙක්ට තියෙන්නම ඕන දෙයක් තමයි කාල කලමනාකරනය කියන්නෙ. මොකද හරියට තමන්ගෙ වෙලාවෙ මැනේජ් කරගන්නෙ නැතුව අපිට ඉස්කෝලෙ වැඩ, පාඩම් වැඩ එක්ක අනිත් බාහිර වැඩ බැලන්ස් කරගන්න බැරුව යනවා. ඉතින් අපි හිතුවා ඔයා ඉගෙන ගන්න කෙනෙක් විදියට කොහොමද මේ ඔයාගෙ දවස ප්ලෑන් කරගන්නෙ කියන දේ ගැන පොඩ්ඩක් කතා කරන්න.

ඉස්සර මතකද අපි ඉස්කෝලෙ පොඩි පංතිවල ඉද්දි අපේ සබ්ජෙක්ට්ස් වලට අදාල කාල සටහන් බෙදාගෙන පාඩම් කරන වැඩ දාගත්ත. ඒ උනාට ඉතින් ඔය කාල සටහන් වලට අනුව නම් මම හිතන්නෙ නෑ අපි කවුරුවත් පාඩම් වැඩ කරගන්න ඇති කියල.

ඒ උනාට දැන් තියෙන තරගකාරීත්වය එක්ක අපිට එහෙම පාඩම් වැඩ නොකර අපේ අධ්‍යාපනික වැඩ ගොඩ දාගන්න යන්න බෑ නේද?

කාල කලමනාකරණය කිරීමෙන් ඔයාට ලැබෙන වාසි මොනවද? ඒ තමයි

ඔයගෙ ඉලක්ක ඉක්මනින් ඉටු කරගන්න ඔයාට ඉඩ ලැබෙනවා. ඒ කිව්වෙ කාල කලමනාකරනය කරල පාඩම් කරන එකෙන් ඔයාට පුලුවන් එක දෙයකට ෆුල් ෆෝකස් එක දීල ඒ දේ තේරුම් අරගන්න. එතකොට ඒ දේ පහසුවෙන් තේරුම් අරගෙන, පහසුවෙන් ක්‍රියාත්මක කරන්න ඔයාට පුලුවන්. එකම දේ දෙතුන් වතාවක් කර කර ඉන්න උවමනාවක් එන්නෙ නෑ.

ඒ වගේම කාල කලමනාකරනය කරන එකෙන් ඔයාට පුලුවන් වෙනව ඔයා ඒ වෙලාවෙ කර කර ඉන්න වැඩේට සම්පූර්න අවධානය දෙන්න. දෙයක් හරියට කරන්න නම් අපි ඒ කරන දේට හරි අවධානයක් දෙන්න ඕන කියල අහල තියෙනවනෙ.

ඒ වගේම තමයි කාල කලමනාකරණය කරන එකෙන් අපිට පුලුවන් කරන්න ඕන වැඩවල ප්‍රමුඛතාවය අනුව ඒක හදාගන්න එක.

ඒ වගේම තමයි අඩු කාලයකින් වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න අපිට ඉඩකඩ ලැබෙනව. නියමිත වෙලාවක් දෙන්නෙ නැතුව වැඩක් කරනවට වඩා නියමිත කාලය දීල වැඩක් කරන එකෙන් වෙන්නෙ ඒ වැඩේ හරියට, හොඳට කරගන්න අපිට ඉඩ ලැබෙන එක.

ඒ වගේම කාල කලමනාකරණය කිරීම අපිව කාර්‍යක්ශම කරන්නත් උදව් වෙනව.

ඉතින් අපි බලමු ඉගෙන ගන්න ලමයෙක් විදියට අපි කොහොමද අපේ කාලය කලමනාකරණය කරල ඒකෙන් වැඩි ප්‍රතිපල ලබාගන්නෙ කියල

1-      දවසෙ වැඩවලට කාල සටහනක් යොදගන්න

සම්මන්ත්‍රණ, පන්ති සහ වැඩමුළු වලින් පිරිච්ච ඔයාගෙ දවස හරියට මැනේජ් කරගන්න කාලසටහනක් ඉතාම වැදගත්.

ඒ මගින් අපිට සෑම දිනකම අපේ කාලය කළමනාකරණය කිරීමට සහ පාලනය කිරීමට උදව් වෙනවා. එය අපිට සංවිධානාත්මකව සිටීමට සහ වඩාත්ම වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කිරීමට සහ කල් දැමීමෙන් මිදීමට උදව් වෙනවා. Elon Musk සිට Bill Gates දක්වා වඩාත්ම සාර්ථක පුද්ගලයින් භාවිතා කරන ක්රමය වන්නේ “කාලය අවහිර කිරීම” ය. කාලය අවහිර කිරීම කියන්නෙ අපි අපේ දවසේ සෑම මිනිත්තුවක්ම ගත කිරීමට අදහස් කරන ආකාරය සඳහා ප්ලෑන් එකක් හදාගන්න එක.

2.  දැනට  කාලය ගත කරන ආකාරය තේරුම් ගන්න

වඩා හොඳ කාල කළමනාකරණ පුරුදු වර්ධනය කිරීමට අපි අපේ කාලය ගත කරන ආකාරය විශ්ලේෂණය කරන්න ඕන. අපි හැම දිනකම අපේ කාලය ගත කරන්නේ කොහොමද කියල තේරුම් අරගන්නෙ නැතුව, සිසුන්ට අවධානයෙන් සිටීමට වඩා හොඳ කාල කළමනාකරණ ක්‍රමයක් ගොඩ නගා ගන්න අපහසුයි.

3.  ප්‍රගතිය මැනීමට නිසි ඉලක්ක තබන්න

ඉගෙනුම් වැඩ කිරීමට අපි පෙළඹවීම පුලුවන් හොඳම ක්‍රමයක් තමයි ඉලක්ක එහෙම නැත්තම් ගෝල්ස් දෙන එක. හැබැයි ඉලක්ක තියාගත්තට මදිඒව ක්‍රියාත්මක කරන්නත් ඕන. ඒනිසා නිරන්තර ප්‍රගතිය ගැන අවධානය යොමු කරමින් සහ වඩා හොඳ පුරුදු වර්ධනය කර ගනිමින් ඒ ඉලක්ක සපුරා ගන්න විදිය ගැන සොයා බලන්. උදාහරණයක් විදියට ඔයාට මාසයක් තුළ වචන 5,000 ක රචනයක් ලිවීමට අවශ්‍ය නම්, වචන 500ක් ලිවීමේ දෛනික ඉලක්කයක් හදාගන්න. ඔබ මෙය දිගටම කරගෙන ගියහොත්, ඔබට සතියකින් ඔබේ රචනාව සම්පූර්ණ කරන්න පුලුවන්.

4. විශාල ව්‍යාපෘති කුඩා, ක්‍රියාකාරී කාර්යයන් බවට පත් කරන්න

ලොකු ඉලක්ක පුංචි කොටස්වලට කඩා ගැනීමෙන් ඔයාට ඒ කාර්‍යය කරන්න පහසු වෙනවා. මෙය කිරීමෙන් ඔබට අවධානයෙන් ඉන්න පුලුවන් වෙනවා වගේම දේවල් අතපසු කරගන්න එකෙන් වැලකෙනවා. ව්‍යාපෘතියක් විශාල කාර්යයක් ලෙස හැඟෙන විට එය කල් දැමීම පහසුයි. ඒ නිසාම පුංචියට පටන් ගන්න, ලොකු දේවල් කරන්න.

5. කාර්යයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය කාලය පිළිබඳව යථාර්ථවාදී වන්න

දවස ප්ලෑන් කරද්දි ඒ දවසට අපිට කරන්න පුලුවන් ඇත්තම වැඩ ප්‍රමානය මොකද්ද කියන එක බලන්න අමතක කරන්න එපා. බොරුවට ටාගට් තියාගන්න යන්න එපා. අන්තිමේ ඒව කරගන්න බැරි උනාම ඊටත් වඩා හිතට අපහසුයි.

මොකද වැඩ දාහක් තිබුනත් ඒ වැඩ අස්සෙ ඔය ඔය වෙනුවෙන් විවේක ගන්න කාලයක් වෙන් කරන්න ඕන බවත් අමතක කරන්න එපා.

6.බහු කාර්‍යයෙන් වලකින්න

එක පාර වැඩ දාහක් බදාගන්න යන්නත් එපා. ඒක කාල කලමනාකරනය නොකිරීමේ වරදක්. සමහර අය ඉන්නව එකපාර වැඩ දෙක තුනක් කරන්න පුලුවන් අය. ඒ උනාට අපි හැමෝටම ඒක කරන්න බෑනෙ. ඒ නිසා ඔයා එක වෙලාවකට කරන වැඩේ හරියට ඉවර කරන්න උත්සහ කරන්න

Related Articles

Don't Miss


Latest Articles