කාර්ය බහුල ජීවන රටාවකට හුරු වී සිටින බොහෝ දෙනකුට බර අඩු කර ගැනීම සඳහා විශේෂයෙන් ව්‍යායාම් කිරීමට හෝ ඩයට් කිරීම සඳහා සුදුසු ආහාර වේලක් සකස් කර ගැනීමට කාල වේලාවක් නැති වන්නට පුළුවන්. නමුත් ඔබ ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරනවා නම් ව්‍යායාම කිරීමකින් තොරව සහ ඩයට් කිරීමකින් තොරව උනත් ඔබට බර අඩු කර ගන්නට හැකියාව තියෙනවා. අද අපි සූදානම් වෙන්නේ ඒ ගැන කියන්නයි.
ඔබේ ආහාර වේල ප්‍රෝටීන් සමඟ ආරම්භ කරන්න
ඔබ ගන්නා ආහාර වලට ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයන් ඇතුලත් කරගන්නවා නම් එය විශේෂයෙන් ඔබට ඵලදායී වෙනවා. මස් , මාළු , බිත්තර , ග්‍රීක යෝගට් ,කිරි වැලි ප්‍රෝටීන් ප්‍රභවයන් ඔබව දිගු කාලයක් පුරා තෘප්තිමත්ව ශක්තිමත්ව තබා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම මෙසේ protein ආහාරයට ගැනීම ඔබේ රුධිරයේ සීනි පාලනයත් සිදු කරනවා. නිරාහාරව සිටීමෙන් පසු protein සහිත ආහාර පරිභෝජනය කිරීම මගින් ග්ලූකෝස් රුධිරයට මුදා හැරීම මන්දගාමී කරන නිසා ප්‍රෝටීන් ප්‍රභවයන් ආහාර වේලට ඇතුළත් කර ගැනීම මඟින් අමතර වාසියක්ද ඔබට හිමි වෙනවා.
උදෑසන ආහාරය
ජීවන රටාවල කාර්ය බහුල බව නිසා බොහෝ දෙනා උදෑසන ආහාරය මග හරිනවා.මෙමගින් සිදුවන්නේ ඔබ ඊළඟ ආහාර වේල ලබා ගන්නා විට ඉතා විශාල ලෙස සහ පාලනයකින් තොරව ආහාර ලබා ගැනීමත් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ලබා ගැනීමට පෙළඹීමත් සිදු වෙනවා. මෙය ඔබේ සෞඛ්‍යයට වගේම ශරීරයටත් ඉතාම අහිතකර තත්ත්වයක්. ඒ වගේම උදෑසන ආහාර වේල මඟ හැරීම මඟින් ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලියේ වේගය මන්දගාමී වීමත් සිදු වෙනවා. ඒ නිසා උදෑසන ආහාර වේල නිසි වේලාවට සහ නිසි ආකාරයට ලබා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි.
ඔබ ගන්නා ආහාර ප්‍රමාණය
ඔබ ප්‍රධාන වශයෙන් බත් අනුභව කරන කෙනෙක් නම් ඔබේ ආහාර පිඟානෙහි තිබෙන බත් ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වන්න. බත් කුඩා ප්‍රමාණයකට එළවළු වැඩි වශයෙන් සහ ප්‍රෝටීන් වැඩි වශයෙන් භාවිතා කිරීම අනවශ්‍ය ලෙස ඔබේ බර වැඩි වීම වළක්වනවා.
බාධාවකින් තොරව ආහාර ගන්න
බොහෝ දෙනා ආහාර ලබා ගන්නා විට රූපවාහිනිය නැරඹීම , කතාබහ කිරීම හෝ වෙනත් කාර්යයක නිරත වීම වළක්වාගත යුතුයි.ඔබ වෙනත් කාර්යයක නිරත වන අතරතුර ආහාර ලබා ගැනීම මගින් ඔබට ඔබ ලබා ගන්නා ආහාර ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් නොමැති වෙනවා. එවිට ඔබ විශාල ලෙස ආහාර ගැනීම සහ එමඟින් ඔබේ බර අනවශ්‍ය ලෙස වැඩි වීම සිදුවෙනවා. ඒ නිසා සෑම විටම ඔබ ආහාර ලබා ගන්නා විට කිසිදු බාධාවකින් තොරව ආහාර ගැනීමට වග බලාගන්න.
සජලනය වී සිටින්න
ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඔබේ සෞඛ්‍යයට හැම අතින්ම ප්‍රයෝජනවත් වනවා. ඔබට නිතර කුසගිනි දැනීම වැලැක්වීම , ආහාර ජීරණය කිරීම පහසු කරවීම , ශරීරයට උරා ගන්නා කැලරි ප්‍රමාණය අඩු වීම වගේම බොහෝ රෝග තත්ත්වයන් ශරීරය තුළ වර්ධනය වීමේ අවදානම අඩු කිරීම ආදී කාරණා නිසා දිනකට අවම වශයෙන් වතුර වීදුරු අටක් හෝ නමයක් වත් පානය කිරීමට උත්සාහ කරන්න.
සීනි පරිභෝජනය
බර අඩු කර ගැනීමට උත්සාහ කරන ඔබ සැලකිලිමත් විය යුතු තවත් කාරණාවක් තමයි මේ.ඔබ අධික ලෙස සීනි පරිභෝජනය කරන කෙනෙක් නම් එය පාලනය කර ගැනීමට උනන්දු විය යුතුයි. විශේෂයෙන්ම තේ හෝ කෝපි පානය කිරීමේ දී අධික ලෙස සීනි එකතු පාලනය කිරීම, රස කැවිලි වර්ග , චොකලට් වර්ග , අධික ලෙස සීනි යෙදූ බීම වර්ග භාවිතා කිරීම හැකි තාක් අවම කිරීමට ඔබ වග බලා ගත යුතු වෙනවා.
ග්‍රීන් ටී පානය කරන්න
විශිෂ්ට පරිවෘත්තීය උත්තේජනයක් ලෙස ග්‍රීන් ටී සැලකෙනවා. ඒ වගේම ග්‍රීන් ටී පානය කිරීම ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම වගේම සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීමටද සහය වන ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඊට අමතරව ශරීරයේ කැලරි දහනය වීමද ග්‍රීන් ටී මගින් සිදු වෙනවා. කිරි තේ හෝ කෝපි පානය කිරීම වෙනුවට ග්‍රීන් ටී පානය කිරීම මගින්ද ඔබට ඔබේ බර අනවශ්‍ය ලෙස වැඩි වීම පාලනය කර ගන්න පුළුවන් .
මේ ක්‍රම කිහිපය අනුගමනය කිරීම මඟින් ඔබට ව්‍යායාම කිරීමකින් තොරව බොහෝ ඩයට් කිරීමකින් තොරව , ඔබේ බර පාලනය කර ගැනීම සහ අනවශ්‍ය ලෙස බර වැඩිවීම වලක්වා ගන්නට පුළුවන්.