යක්ෂ ගැහැනිය

ඒකි නම් යකින්නියක් වගේ ගෑණියෙක් කියලා කටට එනවට කිව්වට, යකින්නියක් වගේ ගැහැණියක් ගැන ඇත්තම කතාවක් අහලා තිබුනේ නැහැ නේද ?  එහෙම නම් අද කතාව ඔයා කියවන්නම ඕනි 

කෙලි කෝර්චට් 

1982 දී ඉපදෙන කෙලී කියන ගැහැණු ළමයා ඇගේ කුඩා කාලයේ පටන්ම පෙන්වන්නේ හරිම අසාමාන්‍ය ගති ලක්ශණ. ඇය ක්‍රම ක්‍රමයෙන් තරුණ වයසට එනකොට මේ ගති ලක්ශණ තව තවත් බැරෑරුම් වෙනවා. කොටින්ම ඇගේ මවටවත් ඇය පාලනය කරගන්න ලැබෙන්නේ නැහැ.  ඇය කිහිප වතාවක්ම නිවෙසින් පැනලාත්  යනවා. ඒ වගේම කිසිම කෙනෙක්ට අවනත වෙන්නේත් නැහැ. අවසානයේ දි කෙලීගේ අම්මා තීරණයක් ගන්නවා. ඒ ඇයව බාලිකා පාසැලක අධ්‍යාපනය වෙනුවෙන් යොමු කරන්න. ඉන් ඇගේ ජීවිතය තුළ වන කාන්තා ගති ලක්ෂණවත් පිළිවෙල වේවි කියලා අම්මා හිතනවා.  ඒත් කෙලී කියන්නේ වෙන කෙනෙක්ගේ උපදෙස් එක්ක ජීවත් වෙන්න කැමති ළමයෙක් නෙවෙයි . ඇය ජීවත් වුනේ ඇගේ පිලිවෙලට. බාලිකා පාසැල් අධ්‍යාපනය ට ඇතුලත් කලත් කෙලී පිටත මිතුරියන් එක්ක සම්බන්ධතා නැවැත්තුවේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ අසල්වැසියෙකු වුණ ජේසන් එක්කත් ඇගේ කිට්ටු සම්බන්ධතාවයක් ඒ කාලෙත් පවත්වගෙන ගියා. 

ජේසන් සහ කෙලී 

අවුරුද්දක් බාලිකා පාසැලේ ගෙවපු කෙලී ඉන් පස්සේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මිශ්‍ර පාසැලකට ඇතුලත් වෙනවා. ඒ අතරේදී ජේසන් එක්ක සම්බන්ධතාවය ඉතාම දැඩි වෙනවා. ඊට පස්සේ කැලී තීරණය කරනවා ජේසන් එක්ක විවාහ වෙන්න. මේ යුවල දකින හැමෝටම ඔවුන්ගේ ගැලපීම ගැන ප්‍රශ්නාර්ථයක් තියෙද්දී පවා ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. විවාහයෙන් අවුරුදු දහයක්‍යනකල් ඔවුන් ජේසන් විසින් ගොඩ නඟපු පිහිණුම් තටාක අලුත්වැඩියාව ට අදාල ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒත් ජේසන් එකපාරටම අසනීප වෙනවා. ජේසන්ට ව්‍යාපාරය වෙනුවෙන් සක්‍රීයව සහභාගි වෙන්න බැරිව යනවා. ඊට පස්සේ දෙන්නා එක්කම මිචිගන් කියන කුඩා  නගරයකට සංක්‍රමණය වෙනවා. එතැනදී   කෙලීට රැකියාවක් ලැබෙනවා. ඉතා ඉක්මනින් රැකියාවේ වැඩ කටයුතු වලට හුරු වුණත්, කෙලී ඉතා ඉක්මන්න් කර්මාන්තශාලාව තුලම ප්‍රේම සම්බන්ධතා කිහිපයක් නඩත්තු කරන්න උත්සුක වීම නිසා ඇය ගැන පැතිරෙන්නේ නරක මතකයක්.

කෙලී ,  ක්‍රිස්ටෝපර් සහ ටෙරී 

පනස් හතරක් වයස වුණ ක්‍රිස්ටෝපර් එක්කත් කෙලී  එහෙම සම්බන්ධතාවක් පවත්වගෙන යනවා. ක්‍රිස්ටෝපර් ගුවන් හමුදාවේ පශු වෛද්‍යවරයෙක්. රැකියාවෙන් විශ්‍රාම අරගෙන විවේකය ගත කරන්න තමයි ඔහු මිචිගන් වල ජීවත් වෙන්නේ. නමුත් ඔහුගෙ විවාහක බිරිඳ සහ පුතුන් මිචිගන් වලට දුර නගරයක ජීවත් වීම නිසා ඔහුට පුතුන්ව මඟ හැරෙනවා. ඒ නිසාම ඔහු තීරණය කරනවා පුතුන් සිටින සමීපයට යන්න .  ඒ වෙද්දීත්  කෙලී එක්ක ක්‍රිස්ටෝපර් සම්බන්ධතාවයක ඉන්නවා වුනත් ක්‍රිස්ටෝපර් ඒක ඒ තරම් බරට ගත්ත්‍ර්‍ර් නෑ. ටෙරී කියන්නේ කෙලී එක්ක සම්බන්ධතාවයට කලින් ක්‍රිස්ටෝපර් එක්ක සම්බන්ධතාවයක්  තිබුණ උසස් පාසැලේ මිතුරියක්. ඔවුන් දෙදෙනා අතරේ ප්‍රේම සම්බන්ධතාවය බිඳිලා ගියත් මිතුරුකම නැති වෙන්නේ නෑ. ඔය අතරේදී ටෙරි එක දිගටම ක්‍රිස්ටෝපර්ට ඇමතුම් ගන්නවා. ඒත් ක්‍රිස්ටෝපර් ගෙන් පිළිතුරු ලැබෙන්නේ නෑ. ටෙරී ක්‍රිස්ටෝපර් ගේ මිතුරන්ගෙනුත් ඇහුවත් ක්‍රිස්ටෝපර් ගැන කිසිම තොරතුරක් ලැබෙන්නේ නෑ. අන්තිමේදී ටෙරී ක්‍රිස්ටෝපර් අතුරුදන් බව කියලා පැමිණිල්ලක් දානවා. ඒ පැමිනිල්ල විභාග කරන්නේ හතර දෙනෙක්ගෙන් යුතු පොලිස් කණ්ඩායමක්. 

ක්‍රිස්ටෝපර් සොයා මෙහෙයුම්

පොලිස් කණ්ඩාය්ම ඉස්සෙල්ලම යන්නේ ක්‍රිස්ටෝපර් නැවතිලා උන්න නිවෙස්නට. ජනේලයෙන් නිවස ඇතුළේ බලන ඔවුන්ට පේනවා ක්‍රිස්ටෝපර් ට අදාල  බොහෝ දේ නිවෙස තුළ බව. ඊට පස්සේ ඔවුන් හොයාගන්නවා ක්‍රිස්ටෝපර් ගේ කාර් එක යාබද උද්‍යානයක බව. ඒ වගේම කාර් එකේ තියෙනවා ක්‍රිස්ටෝපර් ගේ දණහිස් ආධාරකය. ඒ බව හඳුනගන්නේ ටෙරී. ඒ වගේම ප්‍රශ්න කිරීම් වලදී ටෙරී කියනවා ක්‍රිස්ටෝපර් මේ දිනවල ජීවත්වෙන්නේ කෙලී සමඟ බවත්.  ඒ වගේම ටෙරී කියනවා ඒ ආධාරකරය නැතුව ක්‍රිස්ටෝපර් ට අඩි කිහිපයක් වත් ඇවිදින්න බැරි බව. 

කෙලී සොයායෑම 

ඊට පස්සේ පොලිසිය කෙලීගේ නිවසට යනවා. දොර විවෘත කරන්නේ ජේසන්. කෙලී සහ ක්‍රිස්ටෝපර් අතට සම්බන්ධතාවය ගැන කියලා කෙලී ඉන්න තැනක් විමසුවාම ඔහු කෝප ගන්නවා.  ඒත් තත්පර කිහිපයකින් කෙලී මතු වෙනවා. ක්‍රිස්ටෝපර් ගේ අතුරුදන් වීම ගැන අහන ඇය පුදුම වෙන බව පෙන්නුවා. ඒත් මේ යුවල හැසිරෙන්නේ සැක සහගත විදියට කියලා පොලිසියට තේරුම් යනවා. ඔවුන් ප්‍රශ්න කිරිම් වලට පොලිස් මූලස්ථානයට රැගෙන යනවා. ඒ ප්‍රශ්න කිරීම් වලදී දෙන්නට දෙන්නා ක්‍රිස්ටෝපර් ගැන කියන්නේ එකිනෙකට වෙනස් කතන්දර. ප්‍රශ්න කිරීම් වලට පස්සේ දෙන්නව මුදාහරිනවා. 

සිවිලිමේ රතු පාට පැල්ලම් 

මේ අතරේ පොලිස් කණ්ඩායම කෙලීගේ නිවෙස පරික්ශා කරනවා. ඔවුන්ට හමුවෙනවා සිවිලිමේ තියෙන රතු පැහැ පැල්ලම් කිහිපයක්. ඩීඑන් ඒ පරීක්ෂණකින් ඒ මිනිස් ලේ බව පොලිසිය තහවුරු කරගන්නවා. ඒ නිසාම  පොලිසිය ජේසන් සහ කෙලීට දැනුම්  දෙනවා ඊළඟ පැය දොළහක කාලය තුල නිවස පොලිස් බාරයේ තිබෙන බව.  ඔවුන්  එයට එකඟ වෙනවා. ඒත් පහුවෙනිදා  උදේ දෙන්නා අතුරුදන් වෙනවා. ඒ අතරේ අසල්වැසියෝ ඔවුන්ගේ හැසිරීම් ගැන අද්භූත කාරණා පොලිසියට කියනවා.   එක දවසක් වෙඩි හඬක් ඇහුණ බව, මහ රෑට විලාප සද්ද ඇහුන බව, පවර් ටූල් ක්‍රියාත්මක කරන හඬ ඇහුණ බව, ගිණි ගොඩවල් වල නිතරම යම් දේ පුලුස්සන බව අසල්වැසියන් කියනවා. ඒ ඔත්තුවට අනුව ගිණි ගොඩ පරික්ශා කරන පොලිසියට හමුවෙන්නේ පිලිස්සිලා ඉතිරි උන ඇඳුම් කැබලි කිහිපයක් විතරයි. 

ජී පී එස් සාක්ශිය.

ක්‍රිස්ටෝපර් ගැන කිසිම තොරතුරක් නැති උනත් පොලිසිය වැඩේ අත් හරින්න සූදානම් වෙන්නේ නැහැ. ඔවුන් ක්‍රිස්ටෝපර් අතුරුදන් වුනායැයි සැක කරන දවසට අදාලව ඔහුගේ ජංගම දුරකථනට අදාල ජී පී එස් පරික්ශා කරනවා.  විශ්වාස කරන්න, එහි සලකුණු වෙන්නේ කෙලී සහ ජේසන්ගේ නිවෙස. ඊට පස්සේ පොලිසිය කෙලී සහ ජේසන්ව අත් අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරනවා. ඒත් ඔවුන් දෙදෙනා ඉන්නෙ සැඟවිලා. 

ජේසන්ගේ මරණය.

2016 පෙබරවාරි වල ජේසන් එක් වරම මියයනවා. එතනදී කෙලී සහ ජේසන් නිරාවරණය වෙනවා.  මරණයෙන් පස්සේ ජේසන්ගේ මිතුරන් රහස් පොලිසියට පැමිණිලි කරනවා කෙලී විසින් ජේසන් මරා දැම්ම බව කියලා.

කෙලීව වහාම අත් අඩංගුවට ගන්නවා.  ක්‍රිස්ටෝපර්ව මරා දැම්මේ ජේසන් බව කියලා එතැනදී කෙලී පාපොච්චාරණය කරනවා. පොලිසිය දිගින් දිගටම ඇයව ප්‍රශ්න කරනවා. 

” ඔව්.. අපි ක්‍රිස්ටෝපර්ව මරලා දැම්මා. ඇත්තටම ඒක කලේ ජේසන්. අපේ මංගල රාත්‍රියෙදී අපි එකිනෙකාට පොරොන්දුවක් වුණා. ඒ කෙනෙක් අනෙකාට ද්‍රෝහි වුනොත් අනිවාර්යයෙන් ඒ ද්‍රෝහි වෙන කෙනාගේ පෙම්වතා හෝ පෙම්වතිය මරා දැමිය යුතු බව. අපි ක්‍රිස්ටෝපර් ව ගෙදර ට ගෙන්නගත්තා. ජේසන් එක්වරම ඔහුට වෙඩි තිව්වා. සිව්ලිමේ තියෙන්නේ ඔහුගේ ලේ. ඊට පස්සේ කුණු දාන බෑග් වල ඔතලා ක්‍රිස්ටෝපර් ව කැලෑවට ගිහින් දැම්මා …”

කෙලීගේ කට උත්තරයට අනුව පොලිසිය මුලු ප්‍රදේශයම සෝදිසි කලත් මිනිස් කොටස් ලැබෙන්නේ නැහැ. ඒ අතරේ කෙලීගේ අසල්වැසියන් අලුතින් තවත් කතාවක් කියන්වා.

“ඔය කියන විදියට ක්‍රිස්ටෝපර් ව මරපු දවසට පස්සෙන්දා රෑ ඒ දෙන්නා වත්තේ බාර්බකියු එකක් කලා.. අපිටත් එන්න කිව්වා. ඒ තිබුණ මස් වර්ගය ඉතාම මොලොක් සුදු පැහැති වර්ගයක් …”

අසල්වැසියන් ගේ කතාව එක්ක පොලිසියට බොහෝ දේ වැටහෙනවා.

“,මේ කෙලී නම් යක්ශණියක්….”

පොලිසිය ට ත් එහෙම කියැවෙනවා. ක්‍රිස්ටෝපර් , ජේසන් ඇතුළුව තවත් අතුරුදන් ව සිටි බොහෝ දෙනාගේ මරණ වලට සැක පිට කෙලීව අත් අඩංගුවට ගන්නවා. ඇය දාම ඝාතකයෙක් බව පොලිසිය විශ්වාස කරනවා මරා දමන ලද මිනිසුන්ගේ ශරීර පවර් ටූල් ආධාරයෙන් ඉරා වෙන් කර  බාර්බකියු ලෙස ආහාරයට ගන්නට ඇය සාද සූදානම් කර ඇති බව හෙලිදරව් කෙරෙනවා.

හොඳට මතක් කරලා බලන්න, ඔබ කෙලී එක්ක බාර්බකියු පාර්ටියකට එහෙම ගියේ නෑ නේද ??

| අපේක්ෂා ගුණරත්න |

Related Articles

Don't Miss


Latest Articles