අපි හැමෝගෙම කතාව එකිනෙකට වෙනස්. එකම දේ දිහා දෙන්නෙක් දකින්නෙ දෙයාකාරව.
“ඔයාට මගේ ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ. තුවාලෙ තියෙන මිනිහනෙ වේදනාවෙ දන්නෙ” කියන කතාව අපි ජීවිතේ ඇතුලෙ ඕන තරම් අහල තියෙනව.
ඇත්තටම තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ තියෙන කෙනා විතරක්මද?
දවසක් තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ගමනක් ගියා.
දුම්රියේ ජනේලයෙන් එලිය දැක්ක අවුරුදු 24 ක් වෙච්ච ඒ පුතා මෙන්න මෙහෙම කියල කෑගැහුව.
“තාත්තේ, බලන්න ගස් පිටිපස්සට යනවා!”
තාත්තා සිනාසෙමින් ඒ දිහා බලාග්න ඉද්දි එයාලා
ලඟ වාඩිවෙලා උන්න තරුණ කපල් එකක් මේ තරුණයගෙ බොලඳ හැසිරීම දිහා බලාගෙන හිටියෙ අනුකම්පාවෙන් වගේ.
“තාත්තේ, බලන්න වලාකුළු අපිත් එක්ක දුවනවා!”
පුතා ආයෙම කෑගැහුව. මේ දිහා බලන් ඉඳපු අර තරුණ යුවලට අර තාත්තගෙන් මේ ප්‍රශ්නෙ අහන්නෙ නැතුව ඉන්න බැරි උනා.
“ඇයි පුතාව හොඳ දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්නේ නැත්තේ?”
ඒත් තාත්තා ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ හිනාවෙලා
“මම එහෙම කළා, අපි අද තමයි රෝහලෙ ඉඳල එන්නෙ, මගේ පුතා උපතින්ම අන්ධයි, අද තමයි එයාට පෙනීම ලැබුණෙ.”
ඉතින්,
දැක්ක නේද? අපි දෙයක් දිහා කෙනෙක් දිහා දකින විදිය බලන විදිය ඒ කෙනා විඳින දෙයින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුලුවන්.
අපි හැමෝටම වෙනස් විදියෙ කතාවක් තියෙනවා.
ඒ නිසා කිසිම වෙලාවක කෙනෙක්ව හරියටම අඳුරගන්නෙ නැතුව එයාගෙ කතාව විනිශ්චය කරන්න එපා
සමහරවිට ඔයා හිතන දේට වඩා සහමුලින්ම වෙනස් කතාවක් එයාට තියෙන්න පුලුවන්
ඉතින්,
එයා ගැන හිතන්න
ඔයා එයා ගැන හිතන හැමවාරයකම තව කෙනෙක් ඔයා ගැනත් එහෙමම හිතාවි