අවදානමට පෙර පියවර ගන්න

අපේ රටේ මෙන්ම ලෝකයේත්, කාන්තාවන්ට බහුලව වැළදෙන පිළිකා රෝග දෙකක් තමයි ගැබ් ගෙල පිළිකා සහ පියයුරු පිළිකා. මේවා කලින් හදුනාගත්තොත් අවශ්‍ය සැත්කම් සහ  ප්‍රතිකාර වලින්  සුව කළ හැකි රෝග. වැදගත් වන්නේ ඒවා හදුනාගැනිම සදහා කළ යුතු පරීක්ෂණ ගැන කාන්තාවන් දැනුවත් වීමයි. ඒවා හැකි ඉක්මනින් කර ගැනීමයි. එවිට අපට වටිනා ජීවිත, රාශියක් බේරා ගත හැකියි. පිරිමි මිතුරන්, වයස අවුරුදු 35 ට වැඩි  තමන්ගේ බිරිද, මව, සොහොයුරිය, මිතුරියන්, පෙම්වතියන් මේ පරීක්ෂණ කරවා ගැනීම සදහා උනන්දු කරන්න. කොළඹින් පිට පළාත්වල මේ පරීක්ෂණ කරවා ගැනිම සදහා ඇති සායන සහ රෝහල්  පිළිබදව තොරතුරු දන්නා අය ඒවා share කරන්න. මේක ලොකු සද් කාර්යයක් වේවි.

ආදරණීය මවුවරුනි, සොයුරියනි, මිතුරියනි, කාන්තාවන්ට වැළදෙන ගැබ් ගෙළ සහ පියයුරු පිළිකා කලින් හදුනාගැනීම සදහා කරන පරීක්ෂණ කල් නොදමා අදම කරවාගන්න!!  

මේ තැන්වලින් මේ පරීක්ෂණ පහසුවෙන් සහ අඩු මුදලට කර ගත හැකියි.

පවුල් සැලසුම් සංවිධානය (Family Planning Association- FPA),
37/27, බුලර්ස් පටුමග,
කොළඹ 07.
දුරකතන- 0112555455

පැප් පරීක්ෂණය රුපියල් 1250/-

මේ  ස්ථානයෙන් සතියේ ඕනෑම දවසක උදේ 9 සිට සවස 3 දක්වා මේ පරීක්ෂණය කරවා ගත හැකියි. බ්‍රහස්පතින්දා දිනවල පියයුරු ස්කෑන් පරීක්ෂණය සිදු කර ගත හැකියි. ස්කෑන් පරීක්ෂණය සදහා යන අය බ්‍රහස්පතින්දා දිනවල උදේ 8. 30 න් පසු ඉහත දුරකතන අංකයට කතා කර කලින් වෙලාවක්  වෙන් කර ගත යුතුයි.  මේ සදහා වැය වන මුදල රුපියල් 1500/-. ඉතා මිත්‍රශීලි සුහද වෛද්‍යවරියන් සහ හෙදියන් සිටින මේ සායනය පිරිසිදු, ප්‍රසන්න ස්ථානයක්.

නාරාහේන්පිට පිහිටා ඇති පිළිකා කලින් හදුනාගැනීමේ ජාතික මධ්‍යස්ථානයෙන්ද පැප් පරීක්ෂණය සහ පියයුරු පරීක්ෂාව නොමිලේ කරවා ගත හැකියි.

එහි ලිපිනය- 516, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට
දුරකතන – 0113159227

Related Articles

Don't Miss




Latest Articles

Easy breakfast recipes – part 2

කාර්‍යබහුල ඔබට උදෑසනට ලේසියෙන්ම හදාගන්න පුළුවන් වගේම පොඩ්ඩන්ට උනත් ආසාවෙන් කන්න පුළුවන් easy breakfast recipes ගැන තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ

දෑවැද්ද

" අම්මා කොහෙ යන්නද ලෑස්ති වෙන්නේ ? "සුජානි කාමරේට ආවේ ටික වෙලාවක ඉඳලා රම්‍යා පේන්න හිටියේ නැති නිසා.රම්‍යා...

සැරිසරන්නී – 13

මට මතක් වූයේ චමත්කා රවීන් ගැන උනන්දුවෙන් පසු වෙනවා කියා නංගී කී කතාව ය. චමත්කා නොව ලොව ඕනෑ ම ගැහැනියක එවන් පිරිමි...

නිලැසි -21

නොසැලකිලිමත් බැල්මක් අමුත්තන්ට වෙන් වූ කොටසේ ඒ මේ අත සක්මන් කරන තරුණයා දෙස නිම්න මොහොතක් බලා සිටියේ ය.වටිනා සන්නාම සහිත ඇඳුම් ඉතා...

අනුන්ගේ තීරණ.

"ඔයා කොහොමද අනේ තාරකා අඳුනන්නේ?"භාග්‍යා එහෙම අහනකොට නිමාලි කරමින් හිටිය වැඩෙත් නවත්තලා භාග්‍යා එක්ක හිනා වුණා.තාරකා එක්ක ෆේස්බුක්...