ලොව පුරා ඇති පෝෂණීය චීස් වර්ග 8ක්

පුංචි කාලෙ කැමතිම කෑම මොකක්ද කියල ඇහුවොත් ඔබේ උත්තරය මොනවගේ වේවිද?

මොනවගේ උත්තර දුන්නත් ඒ උත්තර අතර චීස් කියන උත්තරේ අනිවාර්යෙන්ම තියනව කියන දේ නම් හොඳටම විශ්වාසයි. 

චීස් කියන්නෙ ලොකු පුංචි භේදයක් නැතුව අපි හැමෝම බොහොම ආදරේ කරන ආස කරන කෑමක්නෙ. ඒ නිසයි අද චීස් අඩංගු පීසා,පාස්තා වගේම බර්ගර්, කොත්තු, සැන්විචස් වගේ ආහාරත් ගොඩක් ජනප්‍රිය වෙලා තියන්නෙ. 

ඉතිං අපි මේ රස කරකර කන චීස් ගැන බොහොම වැදගත් වගේම රසවත් කතාබහක් එක්ක තමයි අද අපි ඔබ හමුවෙන්න ඇවිල්ල ඉන්නෙ. 

අපි අද කතා කරන්න සූදානම් වෙන්නෙ ලොව පුරා තියෙන විවිධ චීස් වර්ග සහ එම චීස් වර්ගවල ගුණ ගැනයි. 

Mozzarella cheese

ඉතාම මෘ දු ඉහළ තෙතමනයකින් යුතු සුදු පැහැ චීස් වර්ගයක් වන මොසරැල්ලා චීස් නිපදවන්නේ මී කිරි හෝ එළකිරි වලිනුයි. 

මොසරැල්ලා චීස් වල සම්භවය ඉතාලියෙන් තමයි වාර්තා වෙන්නෙ. 

අඩංගු පෝෂණ සංඝටක – 28 g ක

කැලරි – 85

ප්‍රෝටීන් – 6g

මේදය – 6g

කාබ්ස් – 1g

සෝඩියම් – දවසේ සෝඩියම් අවශ්‍යතාවයෙන් 6% ක්

කැල්සියම් – දවසේ කැල්සියම් අවශ්‍යතාවයෙන් 11% ක්

ශරීරයට ලැබෙන ප්‍රයෝජන

මොසරැල්ලා චීස් වල Lactobacillus casei සහ Lactobacillus fermentum වැනි ප්‍රෝබියොටික් ලෙස ක්‍රියා කරන බැක්ටීරියා අඩංගු වෙනවා.

එමඟින් බඩවැල් වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම, ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආසාදන වලට ප්‍රතිචාර දැක්වීමට ශරීරයට ඇති හැකියාව ඉහළ දැමීම සිදුකරනවා. 

Blue cheese

මෙම චීස් වර්ගය නිපදවීම සිදුකරන්නෙ පෙනිසිලියම් නැමැති බැක්ටීරියාව එළකිරි, එළු කිරි හෝ බැටළු කිරි මත ක්‍රියාකරවීමෙනුයි. 

සුදු පැහැති චීස් මත පෙනිසිලියම් ක්‍රියාකාරීත්වය නිසා ඇතිවුන නිල් සහ අළු පැහැති රේඛා සහ තිත් දකින්න ලැබෙනවා. 

Blue cheese සඳහාම ආවේණික සුවඳක් සහ රසකුත් පෙනිසිලියම් බැක්ටිරියා වල ක්‍රියාකාරීත්වය නිසා එයට ලැබෙනව. 

අඩංගු පෝෂණ සංඝටක – 28 g ක

කැලරි – 100

ප්‍රෝටීන් – 6g

මේදය – 8g

කාබ්ස් – 1g

සෝඩියම් – දවසේ සෝඩියම් අවශ්‍යතාවයෙන් 14% ක්

කැල්සියම් – දවසේ කැල්සියම් අවශ්‍යතාවයෙන් 12% ක්

ශරීරයට ලැබෙන ප්‍රයෝජන

Blue cheese වල ඉතා ඉහළ කැල්සියම් ප්‍රතිශතයක් අඩංගු වෙනවා. එමඟින් ඔබේ අස්ථි ශක්තිමත් කරමින් ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග සෑදීමේ අවදානම අඩුකරනවා.

Feta cheese 

ග්‍රීසියෙන් බිහිවූ චීස් වර්ගයක් වන ෆෙටා චීස් මෘදු, සුදු පැහැති, ලුණු රසයක් සහිත චීස් වර්ගයක් වෙනවා. 

එළු කිරි සහ බැටළු කිරි වලින් නිපදවන ෆෙටා චීස් වල නැවුම් බව ආරක්ෂා කරමින් ඇසුරුම් කරන නිසා එහි වැඩි සෝඩියම් ප්‍රතිශතයක් අඩංගු වුනත් අනෙකුත් චීස් වර්ග සමඟ බැලීමේදි එහි අඩංගු කැලරි ප්‍රතිශතය අඩු අගයක් ගන්නවා. 

අඩංගු පෝෂණ සංඝටක – 28 g ක

කැලරි – 75

ප්‍රෝටීන් – 4g

මේදය – 6g

කාබ්ස් – 1g

සෝඩියම් – දවසේ සෝඩියම් අවශ්‍යතාවයෙන් 14% ක්

කැල්සියම් – දවසේ කැල්සියම් අවශ්‍යතාවයෙන් 11% ක්

ශරීරයට ලැබෙන ප්‍රයෝජන

ෆෙටා චීස් වල සම්පූර්ණ මේදය සහිත කිරි වල අඩංගු conjugated linoleic acid (CLA) අඩංගු වෙනවා. 

එමඟින් ශරීරයේ ඇති මේදය අඩු කිරීම සිදුකරනවා. 

Cottage cheese 

දියරමය එළකිරි වලින් නිෂ්පාදනය කරන මෘදු සහ සුදු පැහැති චීස් වර්ගයක් තමයි cottage cheese ලෙස හඳුන්වන්නෙ.

මෙහි සම්භවය එංගලන්තයෙන් තමයි වාර්තා වෙන්නෙ. 

අනෙක් චීස් වලට වඩා ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක් cottage cheese වල අඩංගු වෙනවා.

අඩංගු පෝෂණ සංඝටක – 28 g ක

කැලරි – 23

ප්‍රෝටීන් – 3g

මේදය – 0.8g

කාබ්ස් – 1.3g

සෝඩියම් – දවසේ සෝඩියම් අවශ්‍යතාවයෙන් 4% ක්

කැල්සියම් – දවසේ කැල්සියම් අවශ්‍යතාවයෙන් 2.3% ක්

ශරීරයට ලැබෙන ප්‍රයෝජන

ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතයක් සහ අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු නිසා ශරීරයේ අනවශ්‍ය බර අඩුකර ගන්න ඔබේ ආහාර වේලට cottage cheese නිර්දේශ කරන්න පුළුවන්. 

Ricotta cheese 

Ricotta cheese කියන්නෙ වෙනත් චීස් සෑදීමට භාවිත කර ඉතිරිවන එළකිරි, එළුකිරි සහ බැටළු කිරි වල දියරමය කොටස යොදාගෙන කරන නිෂ්පාදනයක්.

අඩංගු පෝෂණ සංඝටක – 28 g ක

කැලරි – 42

ප්‍රෝටීන් – 2g

මේදය – 2.9g

කාබ්ස් – 2g

සෝඩියම් – දවසේ සෝඩියම් අවශ්‍යතාවයෙන් 1.4% ක්

කැල්සියම් – දවසේ කැල්සියම් අවශ්‍යතාවයෙන් 4.5% ක්

ශරීරයට ලැබෙන ප්‍රයෝජන

Ricotta cheese වල අඩංගු අත්‍යාවශ්‍ය ඇමීනෝ අම්ල අඩංගු ප්‍රෝටීන මඟින් මාංශපේෂී වර්ධනයට, රුධිර පීඩනය අඩු කිරීමට සහ රුධිරයේ කොලෙස්ටෙරෝල් ප්‍රමාණය අවම කිරීමට උදව් කරනවා. 

Parmesan cheese 

Parmesan චීස් ඝන, කල්ගතවූ චීස් වර්ගයක් වන අතර ලුණු සහ රළු රසැති චීස් වර්ගයක් වෙනවා.

හානිකර බැක්ටීරියා විනාශ වීම සඳහා අවම වශයෙන් මාස 12 ක කාලයක් තබන පැස්චරීකරණය නොකර අමු එළකිරි වලින් තමයි parmesan cheese නිපදවන්නෙ.

අඩංගු පෝෂණ සංඝටක – 28 g ක

කැලරි – 111

ප්‍රෝටීන් – 10g

මේදය – 7g

කාබ්ස් – 1g

සෝඩියම් – දවසේ සෝඩියම් අවශ්‍යතාවයෙන් 15% ක්

කැල්සියම් – දවසේ කැල්සියම් අවශ්‍යතාවයෙන් 26% ක්

ශරීරයට ලැබෙන ප්‍රයෝජන

Parmesan cheese වල ඉහළ කැල්සියම් සහ පොස්පරස් ප්‍රතිශතයක් අඩංගු නිසා අස්ථි වල ශක්තිමත් බව සහ ක්ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා.

Swiss cheese 

මේ චීස් වර්ගයේ සම්භවය ස්විට්සර්ලන්තයෙන් වාර්තා වෙනවා. 

සාමාන්‍යයෙන් එළකිරි වලින් නිපදවන කිරි රසය සහිත චීස් වර්ගයක් මෘදු චීස් වර්ගයක් ලෙස swiss cheese හඳුන්වා දෙන්න පුළුවන්. 

බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා නිදහස් වන වායුන් නිසා නිර්මාණය වුන swiss cheese වලටම ආවේණික සිදුරු දකින්න ලැබෙනවා. 

අඩංගු පෝෂණ සංඝටක – 28 g ක

කැලරි – 111

ප්‍රෝටීන් – 8g

මේදය – 9g

කාබ්ස් – 1g ට අඩුයි

සෝඩියම් – දවසේ සෝඩියම් අවශ්‍යතාවයෙන් 2% ක්

කැල්සියම් – දවසේ කැල්සියම් අවශ්‍යතාවයෙන් 19% ක්

ශරීරයට ලැබෙන ප්‍රයෝජන

ලුණු සහිත ආහාර අඩුවෙන් ගන්න වගේම අධි රුධිර පිඩනය සහිත පුද්ගලයින්ට swiss cheese නිර්දේශ කරන්න පුළුවන්. 

කාබ්ස් ප්‍රමාණයත් අවම නිසා දියවැඩියාව ඇති පුද්ගලයින්ටද සුදුසු වෙනවා.

Cheddar cheese 

එංගලන්තයේ ඉතාම ප්‍රසිද්ධ cheddar cheese මාස කීපයක් තබා තිබෙන එළකිරි වලිනුයි.

සුදු පැහැය, කහ පැහැය වගේම, ඒ අතර වර්ණයන්ගෙන් ද cheddar cheese වෙළඳපොලේ දැකගන්න පුළුවන්. 

අඩංගු පෝෂණ සංඝටක – 28 g ක

කැලරි – 115

ප්‍රෝටීන් – 7g

මේදය – 9g

කාබ්ස් – 1g

සෝඩියම් – දවසේ සෝඩියම් අවශ්‍යතාවයෙන් 8% ක්

කැල්සියම් – දවසේ කැල්සියම් අවශ්‍යතාවයෙන් 15% ක්

ශරීරයට ලැබෙන ප්‍රයෝජන

Cheddar චීස් වල කැල්සියම්, ප්‍රෝටීන් සහ විටමින් K2 අඩංගු වෙනවා.

විටමින් K රුධිර සංසරණය ක්‍රමවත් කරමින් හෘදයේ මනා ක්‍රියාකාරීත්වයට සහ අස්ථි වල ශක්තිමත් බවට උපකාරී වෙනවා. 

ඉතිං, ඊලඟ දවසෙ චීස් මිලදී ගනිද්දි මේ තොරතුරු ඔබට උපකාරී වෙයි කියල අපි විශ්වාස කරනවා.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles