රන්වීර්, අනිල්, අමීර් සහ රශ්මිකා නීතිය ඉදිරියට ගියේ ඇයි?

AI තාක්ශනය භාවිතා කරගෙන Deepfake Content හදන එක ඇත්තටම දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලානෙ. මේව සමහරු විනෝදාස්වාදය උදෙසා කරාට වෙන වෙන මිනිස්සුන්ගෙ මූණු, ඇඟ  පේන රූප අරගෙන සම්පූර්න ව්‍යාජ කන්ටෙන්ට් හදන එක කියන්නෙ ඇත්තටම සමාව දෙන්න පුලුවන් වරදක් නම් නෙවෙයි.

ලංකාව ඇතුලෙත් පොඩි පොඩි මේ වගේ දේවල් දකින්න ලැබුනට ලොකුවට කතාවෙන්න තරම් මේව දුර දිග ගිහිල්ල නම් නෑ. හැබැයි අපි අද කතාකරන්න යන්නෙ ලෝකෙම දන්න ඉන්දියන් තරු, තමන්ගෙ රූප මේ වගේ AI තාක්ශණය භාවිතා කරල වැරදි විදියට පාවිච්චි කරපු ඒවට විරුද්ධව නීතියේ පිහිට පතපු අවස්තාවන් ගැන.

Deepfake video මේ ජනප්‍රිය පුද්ගලයින්ට කරල තියෙන්නෙ ලොකුම ලොකු වරදක් කියන අදහසකින් මෙයාල නීතිය ඉදිරියට ගියාට ඇත්තටම මේව අපිටත් හොඳ පාඩම්. කවුද දන්නෙ නේද අපි සෝශල් මීඩියා වලට දාන අපේ පින්තූර එක්ක කවුරු මේ වෙලාවෙ මොන මොන සෙල්ලම් දානවද කියල.

ඉතින් මේ ජනප්‍රිය ඉන්දියන් තරු තමන්ගෙ රූපය, කටහඬ, සමානකම ආරක්ෂා කරගන්න ගත්ත පියවරක් තමයි මේ.බොලිවුඩ්වල ඉඳල හොලිවුඩ් වෙනකම් ජනප්‍රිය තරු මේ වගේ ප්‍රශ්න වලට මුහුන දුන්නට නීතිය ඉදිරියට එන්න කොන්ද පන තිබිල තියෙන්නෙ නම් කිහිපදෙනෙකුට විතරයි. ඉතින් අපි අද බලමු කවුද ඒ කියල

1-      රන්වීර් සිං

රන්වීර් සිං ව ගොඩක් අය දන්නවනෙ දීපිකා පදුකෝන්ගෙ දයාබර සැමියා විදියට. ඉතින් ඔන්න රන්විර්ට මුල් තැනක් හම්බෙනව මේ AI තාක්ෂනය භාවිතා කරගෙන හදන වීඩියෝ පටවලට එරෙහිව. මේකට හේතුව උනේ රන්වීර් සිං විදියට පෙන්නුම්කරන, ඔහුගේ දේශපාලන අදහස් ප්‍රකාශ කරන අන්දමේ ව්‍යාජ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙන්න පටන් ගත්ත එක.

ඉතින් මේ ගැන අදහස් දක්වන රන්වීර් සිං කියන්නෙ එයාගෙ රූපය සහ කටහඬ ව්‍යාජ විදියට පාවිච්චි කරල වීඩියෝ පට සැකසීමට එරෙහිව ඔහු මුම්බායි පොලිසියේ සයිබර් අපරාධ අංශයට පැමිණිල්ලක් දාපු බව.

2-      අමීර් ඛාන්

ලිපියේ දෙවන තැන හම්බුවෙන්නෙ අමීර් ඛාන්ට. අමීර් ඛාන් මුහුන දීල තිබුනෙත් රන්වීර් වගේම Situation එකකට. අමීර් ඛාන් එක්තරා දේශපාලන පක්ශයකට සහය පල කරන බව හඟවන වීඩියෝ පටයක් පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල සංසරනය වුනා. ඉතින් අමීර් ඛාන් ගෙ මාධ්‍ය ප්‍රකාශකයා කියන්නෙ අමීර්ඛාන් එයාගෙ වෘත්තිය ජීවිතේ කිසිම දවසක කිසිම දේශපාලන පක්ශයකට සහය පල කරල නෑ කියල තමයි.ඉතින් තමන්ගෙ කටහඬ සහ පෙනුම භාවිතා කරල ව්‍යාජ විදියට හදපු මේ වීඩියෝ එක වෙනුවෙන් අමීර් ඛානුත් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාලා තියෙනවා.

3-      රශ්මිකා මන්දන්නා

රශ්මිකා මන්දන්නා කියන්නෙත් මෙන්න මේ වගේ AI තාක්ශනය යොදාගෙන හදපු තමන්ගෙ පෙනුම සහ කටහඬ තියෙන Deepfake Video එකකට විරුද්ධව නීතිය ඉදිරියට ගිය කෙනෙක්. රශ්මිකා මන්දන්නගෙ Morphed Video එකක් සමාජ මාධය ඇතුලෙ සංසරණය වෙද්දි ඒක ව්‍යාජ එකක් බව ඔප්පු කරන්න ඒ දවස්වලම නිලියට පුලුවන් උනා. ඒත් ඉතින් ඕව හැමෝම විශ්වාස කරන්නෙ නෑනෙ, අනික ඕව හැදෙන එක නතර වෙන්නෙත් නෑ. ඉතින් රශ්මිකාත් මේ වගේ විඩියෝ හදන සහ බෙදාහරින මිනිස්සුන්ට විරුද්ධව නීතිය ඉදිරියට ගියා.

4-      අනිල් කපූර්

අනිල් කපූර් කියන්නෙ ඉන්දියන් සිනමාවෙ Power Player කෙනෙක් නෙ. හැබැයි මේ AI තාක්ශනය සහ Deepfake වලින් බේරෙන්න අනිල් කපූර්ටත් පුලුවන් කමක් ලැබිලා නෑ.

අනිල් කපූරුත් තමන්ගෙ පෙනුම භාවිතා කරල හදපු මේ වගේ ව්‍යාජ වීඩියෝ පට හදන සහ බෙදාහරින මිනිස්සුන්ට විරුද්ධව නව දිල්ලි පොලිසියේ සයිබර් අංශයට පැමිනිල්ලක් දාලා තියෙනව. එයා එතනදි පැහැදිලිව ප්‍රකාශ කරල තියෙනව තමන්ගෙ නම, කටහඬ, පෙනුම ඇතුලු දේවල් තමන්ගේ අවසරයකින් තොරව භාවිතා කරන්න කිසිවෙකුට පුලුවන් කමක් නෑ කියල.

අනිල් කපූර් කියන්නෙ එයා මේ පියවර ගත්තෙ තමන් වෙනුවෙන් විතරක් නෙවෙයි අනිත් සහෝදර නලු නිලියන් වෙනුවෙන් කියල.

ඉතින් ඉන්දිය චරිත විතරක් නෙවෙයි හොලිවුඩයෙත් ඉන්නව නලු නිලියො කිහිප දෙනෙක්ම මේ වගේ Deepfake තාක්ශනය යොදාගෙන හදපු ව්‍යාජ වීඩියෝ පට වලට එරෙහිව නීතිය ඉදිරියට ගිය. ඉතින් ඒ අතර  Scarlet Johansen එහෙමත් ඉන්නව.

ඉතින් මේ මිනිස්සු ඇත්තටම අපිට කියන්නෙ ලොකුම ලොකු කතාවක්. සමහර වෙලාවට අපේ රූප එහෙම යොදාගෙන Deepfake තාක්ශයන භාවිතා කරන්න තරම් දුර නොගියට ෆේක් ප්‍රොෆයිල් හදන්න එහෙම මිනිස්සු පෙලඹිල ඉන්නවනෙ. ඉතින් අන්න එහෙම තැන්වලදි පොඩ්ඩක්වත් සද්ද නොකර ඉන්න එපා.

“නාමෙ නොදිරනා – කුණු කය දිරනා” කියනවනෙ. ඉතින් නොදිරන නම පරිස්සක් කරගන්න ඕනත් අපිම තමයි!

Related Articles

Don't Miss


Latest Articles